ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 19 දෙනෙක් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ඇප තැන්පත් කිරීම අද (7) පස්වරු 12 ට අවසන් විය.
මෙම 17 දෙනෙක් පිළිගත් පක්ෂ වලින්ද ස්වාධීනව දෙදෙනෙක්ද ඉදිරිපත්වී සිටිතියි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා කියයි.
එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ රුවන්තිලක පේදුරුආරච්චි අද (7) ඇප බැන්දේය.
ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයෝ මෙසේය.
බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා - එක්සත් ජනතා නිදහස් සන්ධානය, මෛත්‍රීපාල සිරිසේන මහතා -නව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂය, එම්.බී.තැමිණිමුල්ල මහතා- ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, පානි විජේසිරිවර්ධන මහතා- සමාජවාදී සමානතා පක්ෂය, සිරිතුංග ජයසූරිය මහතා- එක්සත් සමාජවාදී පක්ෂය, ජයන්ත කුලතුංග මහතා- එක්සත් ලංකා මහා සභාව, විමල් ගීගනගේ මහතා- ශ්‍රී ලංකා ජාතික පෙරමුණ, මෞලවි ඉබ්‍රාහිම් හිස්කාර් මොහොමඩ් මිෂ්ලාර් මහතා- එක්සත් සාම පෙරමුණ, චමින්ද අනුරුද්ද පොල්ගම්පොළ මහතා- ස්වාධීන, වෛද්‍ය අයි.එම්.ඉල්යාස් මහතා- ස්වාධීන, දුමින්ද නාගමුව මහතා- පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඒ.එස්.පී.ලියනගේ මහතා- ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සුන්දරම් මහේන්ද්‍රම්- නව සම සමාජ පක්ෂය, කටුගම්පළ අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා-ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, නාමල් අජිත් රාජපක්ෂ මහතා- අපේ ජාතික පෙරමුණ, සරත් මනමේන්ද්‍ර මහතා- නව සිහළ උරුමය, රත්නායක ආරච්චිගේ සිරිසේන- දේශප්‍රේමි ජාතික පෙරමුණ, රුවන්තිලක පේදුරුආරච්චි- එක්සත් ලංකා මහා සභාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකත් ව්‍යාපාරයක් වගේ වෙලානේ! (නි)
දෙන්නෙකුට හැර අනෙක් ඔක්කොටම අනේ ඇපත් නැතිවෙනවා. (දී)
නොදන්න නිසයි අහන්නේ. මට බැරිද ඇප මුදලක් තැන්පත් කරන්න.(දිල්)
ඇත්තටම බන්දුල පෙරේරාට මොකද වෙලා තියෙන්නේ ? ආගිය අතක් නැහැ වගේනේ. අසනීපයක් වද්ද? (නදී)
මේ ගොල්ලෝ සමහරු ගියවරත් ඉල්ලුවා. ගුවන් කාලය අරගෙන වෙන අයට ආවඩා සති දෙකකට පෙර ඉල්ලා අස්වෙනවා. අැප මුදල සමග තවත් දේ හොයාගන්නවා.12.5% ගන්න බැරි අයගේ ලියාපදිංචිය අවලංගු කල යුතුයි. මක් නිසාදයත් මහජන මුදල් කාබාසිනියා කරන බැවිනි (නදී)
මම ජනාධිපති අපේක්ෂක, මම පොදු අපේක්ෂක. මම අපේක්ෂක ? (නදී)
රුකී,එයා 20 වෙනියට පෝලිමේ ඉන්නවා. ටිකක් බිසී මේ දවස් වල. (නදී)