19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට බල කරමින් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් අද (27) 19 සංශෝධනය සම්මත කරගන්නා තුරු කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව සහතික කරමින් ලබාදුන් ප්‍රකාශය හේතුවෙන් අත්හිටවූ බව සංවිධායකයෝ කියති.
සෝභිත හිමියන් ඇතුළු පිරිස අද (27) පැවැත්වූ විරෝධතා පාගමනින් පසු එම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව තිබුණි.
වීඩියෝ - සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර අපේ හාමුදුරුවනේ ,ඡන්දෙ පවත්වන හෙට දිනයේ එම වෙලාවටම සියලුම විහාරස්ථාන වල ගන්ඨා නාද කරමින් සෙත් පිරිත් සත්ගායනය කරමුද ? අඩුම තරමේ මේකට විරුද්ධ ගෙවලයෝ , කුම්බාන්ඩයෝ , මල පෙරේතයෝ එහෙම ඉන්නවනම් උන් සක්වල ගලෙන් එපිටට වත් යන්නේ නැතෙයි ! (ස)
අපි සෝබිත හාමුදුරුවන්ට ගරු කරනවා සහ හොඳින් දන්නවා. එ්ත් එදා ඉඳල හාමුදුරුවෝ එක්සත් ජතික පක්ෂයට කතා කලේ. ජේ ආර් ජයවර්ධන සමග හිටිය. එදා 17 ගෙන්න උදව් කල අය. අද චන්ද්‍රිකා සමග මොනවද මේ කරන්නේ. (ස)
හාමුදුරුවනේ බය වෙන්න එපා. රනිල්ව කොහොම හරි ලොකුම ලොක්ක කරලා තමෙයි මම යන්නේ. මිනිස්සු මොනවා කීවත්, එයාට මිනිස්සු ලොක්ක වෙන්නේ නැති උනාට මේ විදියට හරි මම එ්ක කරනවා .(ස)
නිශාඩ් කියන දේ හරි. මේ රටේ හැම ආයතනයකම දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා. අන්තිමට හැමෝම පිරිහෙනවා. බටහිර රටවල මිනිස්සුන්ට දේශපාලන පක්ෂ බයයි. අපේ රටේ මිනිස්සු දේශපාලුවන්ට බයයි. කවදා මොලේ පහල වෙයිද? (අ)
මේ වගේ හොඳ වැඩ වලටත් විරුද්ධව දේශපාලකයින්ට කඩේ යන බඩගොස්තරවාදීන් කීපදෙනෙක් අදහස් පළකොට තිබෙනවා. ඒ අයගේ අදහස් වලින් වැඩක් නැහැ. රටට සැබෑ ලෙස ආදරය කරන, ගරුතර ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි!!! (අ)
ලංකාවේ ප්‍රථම වතාවට පට්ට රජෙක් . (අ)
පිටබැද්දර ජයා අදහස නම් එළකිරි. (අ)
මොනවා කරන්නත් මන්ත්‍රීන් ඡන්දය දෙන්න ඕනනේ . ජනාධිපති කොහොමද මෙය සම්මත කරන්නේ. (අ)
දියුණු රටවල් සියල්ලගේම පුද්ගලයෝ වැදගත් නැහැ. ක්‍රමය තමයි වැදගත්. ඒත් අපේ රටේ ගොඩක් අයට ක්‍රමය මොකක් වුණත් වැඩක් නැහැ පුද්ගලයා තමයි වැදගත්. (නි)
කඩ උන පොරොන්දුවක් නොවේවා(නදී)
තම බලය අඩු කර ගන්න කැප වෙන ජනාදිපති කෙනෙක් දකින්න පින් කරලා තියනවා අපි (නදී)
හොරුන්ට දඬුවම් දෙන්ඩ ඉල්ලා පා ගමනක් යමු. බල කරමු.(නදී)
අවිශ්වාසයක මහත (නදී)
මගේ අදහස සෝබිත හිමි ඒ අයුරින්ම සත්‍යග්‍රහය පැවැත්වුවා නම් එය 19 ට ජන්දය දීමට මන්ත්‍රී වරුනට උත්තේජකයක් වේවි. අපරාදේ නවතා දැමුවේ (නදී)
ඔබවහන්සේ අපේ ආයුෂත් ලැබ නීරෝගීව චිරාත් කාලයක් ආයුබෝ වේවා! (නි)
ජනපතිතුමා කිවු සේ මේකෙ ඉන්න සමහර වහලුන්ට උවමනා හැමදාම වහල්කමේ ඉන්න. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා !!! (නි)
නිවන් අවබෝධ කරගන්න වීරිය වඩනු මැනවි. එතකොට මුළු රටම ගොඩ දන්නා පුළුවන්. එහෙම නැත්නම් සිවුර හැර දේශපාලනය කරනු මැනවි අවසර.(ම)
අනිත් අයට හොරු කියලා තමන්ගේ හොරකන් වහගන්න හදනවා..(දිල්)
19 නැතුව හොරු අල්ලන බැරිබව අපි දන්නේ දැන්(දිල්)
අපි අනිකුත් ජාතින් හමුවේ හැල්ලුවට ලක් නොවී ශිෂ්ට ජාතියක් හැටියට යා යුතුයි. එයට හොඳම මාර්ගය දුෂණයෙන්, භීෂණයෙන්, සොර මැරකම් සහ අපරාධ වලින් තොර යහපත්, ශිලාචාර සහ සාමකාමී සමාජයක් පවත්වාගෙන යාම සඳහා අදාල ආයතන වලට දුෂිත දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් සකසා දීමයි. සාමය අගයන සහ ශිලාචාර සමාජයක් ආසා කරන යහපත් පුරවැසියන්ගේ ඒකායන පැතුම එයයි. (ස)
සෝභිත හාමුදුරුවෝ 19 සම්පුර්ණයෙන් කියවලා තියෙනවද දන්නේ නැහැ. හොඳ දේවල් අතරේ නරක දේවල් හංගලා තියෙනවා. එකයි භයානක. අනික එක එක වෙලාවල එක එක තැනට එක එක ව්‍යවස්ථා පෙන්නන්නේ ඇයි?(දිල්)
දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න (නි)
අනේ ඉතින් තාම මේවට රැවටෙන මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. (නි)
මෙහෙමත් විහිළු සැපයීම්. (බ)
සෝභිත හාමුදුරුවනේ, මොකක්ද කරන්න යන්නේ කියලා හොඳටම පැහැදිලියි. (නි)
ජනපති කොහොමද එහෙම පොරොන්දු දෙන්නේ. ඡන්දෙ තියෙන්නේ මන්ත්‍රීවරුන් අතේනෙ. (ස)
තුම්මුල්ලේ විමලේ අංක 2! (ස)
ඉන්දික මහත්තයෝ,අද ඉන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතර දේශපාලනයෙන් තොරව රට ජාතිය ගැන හිතල අවංක ප්‍රතිපත්තියක ඉන්න සඟ පීතෘනමක් වන්නේ ගරු මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ ,නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා. (ස)