(රෝහණ චන්ද්‍රදාස)
දීර්ඝකාලීන දේශපාලන අද්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබීම ගැන තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාදය පළ කරන බව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ.
ජනාධිපතිතුමා රට බාරගෙන ඇත්තේ අනපේක්ෂිත හා අසීරු අවස්ථාවකයි. මෙතෙක් කිසිදු නායකයකුට නොතිබුණු ලක්ෂණ ජනාධිපතිවරයා කෙරෙන් දක්නට ලැබේ. තමන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමේ ශක්තිය ජනාධිපති තුමාට ඇත. කිසිදු දෙයකට කම්පා නොවීම, යම්දෙයක් පිළිබඳ නොබියව තීන්දු තීරණගැනීම වැනි ලක්ෂණ නිසා රටේ ප්‍රශ්න ගැන අසීරු හා දුෂ්කර දැඩි තීන්දු ලබාදීමට සිදුවෙයි. ඒ සඳහා තමන්ගේත් මහා සංඝරත්නයේත් ආශිර්වාදය ජනාධිපතිවරයාට පළ කරන බව ද හේමරතන ස්වාමීන්වහන්සේ පැවසූහ.ජෙ
ජනපතිවරයා අද රුවනවැලි මහ සෑ රදුන් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙසේ අනුශාසනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරු 6 දෙනෙකු සමග එක්ව සේවය කළ, දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබේ..
හරියටම හරි, ජනාධිපතිතුමා පරිණතයෙක්ම තමයි.
ජනපති උනාට පස්සේ පුදුම විදියටනේ පන්සල් වන්දනාවේ යන්නේ? හාමුදුරුවරුන්ට නම් මොනවයින් අඩුවක්ද ?
Hamuduruwane where do you live ? We suggest that he is a failed statesman ! Country is bankrupt now; we are not in a position to refund the loan taken from the countries. Now Ranil abandoned it. Bitter truth is so !
පරිනත වෙන්න නම් හොරු ටික ඔක්කෝම අල්ලන්න.
God bless to the president.
If that he can tell us what has he done to our country for the last 45 years?
බලයට ආපු හැම දුර්වල, දුෂිත, අසාර්ථක නායකයන්ට මහා සංඝරත්නයේත් ආශිර්වාදය ලැබනවා. මේකත් එක් හේතුවක් තමා අද රට පත් වෙලා තියන තත්වයට. සිංගප්පුරුවේ හිටපු අගමැති ලී කුවාන් අවුරුදු දහයක් තුල රටත් හදල විශ්‍රාමත් ගියා. එතුමා සිංගප්පුරුව දියුණු කලේ දුෂණයට තිත තියලා. නමුත් මෙයාගෙන් දුෂණයට තිත නැත්තටම නැහැ. අවුරුදු 45ක් දේශපාලන ඉතිහාසයක් තියෙන, හයවතාවක් රටේ අගමැති වෙලා හිටියත්, ඔහුට තාම රට ගොඩ දාන්න බැරිවුනා. එහෙම තියද්දීත් එයාට ආශිර්වාද දෙන එක විහිළුවක්.
එහෙම කිව්වට වැඩ කරන්නේ පොඩි එකෙක් වගේ. පොහොට්ටුවේ අයටත් වඩා අන්තයි.
අනේ අපේ වාසනාව .චික් විතරක් මෙහෙමත් වහල්ලු
අපි නම් වැඩිපුරම දැක්කේ පන්සල් වන්දනාවේ යන එක. සමහර මහ නායක හාමුදුරුවරු තෑගිබෝග ලැබෙන කොට දේසපාලුවෝ මුරුන්ගා අත්තේ තිබ්බා. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත් අන්තිමට රටම බන්කොලොත්.
හාමදුරුවනේ පරිනතකම බලා ගන්න ගූගල් කරලා ISGA ගිවිසුම කියවන්න. 2005 මහින්ද බලයට ආපු නිසා සිංහල රට ජාතිය බේරුනා.