සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවල පරාජයවීමට හේතුව එය නිසි සමාලෝචනයකින් හා සාකච්ඡාවකින් තොරව ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
සියලූ පාර්ශ්ව සමඟ මේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ගෙනඒම කළ යුතු බව කී ශාන්ත බණ්ඩාර මහතා ඉන්පසු එය පළාත් සභා තුළ මෙන්ම පාර්ලිමේන්තුවේද සම්මත කරගැනීමට හැකි වනු ඇතැයි සඳහන් කළේය.
ජනාධිපති විසින් ප්‍රතික්ෂේප කළ බලතල මෙම පනත මගින් වෙනත් පුද්ගලයෙකු වටා ඒකරාශී කිරීමට දරණ උත්සාහය පනත පරාජයට හේතු වී ඇතැයි ද සභාපතිවරයා කියා සිටියේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි 9 දා කිවුවනේ සියලු බලතල අගමැතිට දෙනවා කියලා. මෙහෙම ජනපති කෙනෙකුගේ බලතල වෙනත් පුද්ගලයෙක් ලබාගන්න හදන එක පුදුමයක් නෙමෙයි. (නි)
එක එක කතා අහලාම අපිට ඇතිවෙලා (නි)
එයාලා කියනවා අපි අහනවා... (නි)