එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 70 වැනි සමුළුව ඇමතීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බිනර පුන් පෝ දිනයේදී ආගමික වතාවත් ඉටු කිරීමට නිව්යෝක් ක්වීන්ස් බෞද්ධ විහාරයට ගියේය.
එහිදී ආගමික වතාවත්වලට සහභාගීවූ ජනපති ශ්‍රී ලාංකික ජනතාවද හමුවිය. විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ හා ඩී.එම්.ස්වාමිනාදන් යන අමාත්‍යවරුද එම අවස්ථාවට එක්වූහ.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතාද ආගමික කටයුතු සඳහා එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍යයම තැන දහම් පුතා පේන්න නැහැනේ. (බ)
ඔබට යහපතක්ම වේවා! (නි)
තමාගේ දෙපා යට මහපොලව නැති කලෙක මෙන් හැසිරෙන මිනිසුනේ. ජනාධිපති තුමා දොහොත් මුදුන් දී මෙරටදී මෙන්ම පිටරට දී ආගමික වතාවත්වල යෙදෙන සැටි අවධි සිහියෙන් බලත්වා. (අ)
රටේ සංවර්දනයට දෙවියන්ගේ පිහිටයි (අ)
ඒ පුතා ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු වෙලාවෙත් පන්සලට ආවේ නෑ. අනේ තාත්තා නම් ආවා. (අ)
දහම් පුතා දෙවැනි පේලියේ ඉන්නවා. (අ)
බලන් ගියාම ඔක්කොමලම එකයි. (අ)
හොද අවස්ථාවක්.(හේ)
එයාට පන්සල් වල මුල් පෙලෙන් වෙඩක් නෙහැ , එකසත් ජාතීන්ගේ සංවිදානය වාගේ තැන වල මුල් පෙළ තියෙන නිසා (අ)
යහපාලනයක් කොරන්ඩ ආ මෛත්‍රී මහතාණනි කරුණාකර පුතාව තවත් අර වගේ කෙනෙක් නොකරන්න. (බ)
ඖෂධ පණත හැංගුව කියල චෝදනා කරපු අයගේ මහත්තයත් මෙතන ඉන්නවද? (අ)