ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර පකිස්ථානයේ නිළ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපතිවරයා පිටත්ව ගිය අතර ඔහු මෙම සංචාරයේදී පකිස්ථාන ජනාධිපති, අගමැති හා ආරක්ෂක ලේකම්වරයාද මුණ ගැසීමට නියමිත බව වාර්ථා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේදී පකිස්ථානය සමග ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත ය.
ඡායාරූපය - චන්දන පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සුබ ගමන්! (නි)
චන්න, වරුණ, මම නම් අද ඊයේ ඉපදුනු කෙනෙක් නොවන නිසා මහින්ද සේම මහින්දට පෙර සිටි පාලකයන්ගේ ද කෙරුවාව දැනගෙන කතා කරමි. එහෙත් විදේශීය බලවේග වලින් මෙහෙයැවුණු මෙගා බොරු ප්‍රචාර වලට ඔබ මුළා වුයේ ඔබේ අත්දැකීම් මහින්දගේ පාලන කාලයෙන් ඔබ්බට නොයන බැවිනි. (ස)
මෛත්‍රීගේ මලයාගේ මළගමට ගියපු ප්‍රසන්නටත් ඒ වහල යටදීම මිනිස්සු මහින්ද ඕනැයි කිව්වලු. ඉතින් ඔයාලට මෛත්‍රී ගැන පුවතක් දැක්කත් මහින්ද ගැන සිහිවෙන එක අරුමයක්ද?.. නේද? (ස)
සියලු දුෂණ සම්බන්ධ පරීක්ෂණ කරන්න මාර්ෂල් සරත් ෆොන්සේකාට බාරදෙන්න කියලා අපි ඉල්ලනවා.ලංකාව කියන්නේ හැමෝටම පොදු නීතියක් තිබෙන රටක් කියලා ඔප්පු කරලා පෙන්වන්න. (නි)
ඔබතුමාගේ කාර්යය සාර්ථක වේවා! (නි)
තිලක් -ඩුබායි, වෛරය මොකද මේතරම්? (නි)
අපොයි සුමුදුහේවා, පසුගිය කාලයේ බොරු සෝබන තිබුනෙම නැහැනේ. මහජන සල්ලි කාබාසිනියා කර කර ලම්බෝගිනි රේස් තියන්නයි, සංදර්ශන තියන්නයි, යන යන තැන තොරන් ගහන්නයි, රබන් ගහන්නයි සල්ලි වියදම් කළේම නැහැනේ. ඔයා මේ මෙතන කරන්නේ මොනවා ලියන එකද? මතක නැද්ද පවුල් පිටින් ඉස්සර රට ගිය හැටි. ලියන දේවල් වල කිසිම වැදගත් තර්කයක් නැහැ. වැරදි තිබෙනවා නම් කලින් ඒවා නොතිබුනා වගේ කතාකරන්න එපා. වැරැද්ද මේකයි කියලා පිළිගත හැකි කරුණු සහිතව ලියන්න. මතක නැද්ද කලින් ආණ්ඩුවේ කට්ටිය කීප දෙනෙක්ගේ ගුවන් බිල් තාම පියවා නැහැ කියලා ආරංචි වුණ හැටි. නිකම් උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. (නි)
සුමුදු හේවා කියලා කියන්නේ අද ඊයේ ඉපදුන කෙනෙක් වෙන්න ඇති. පසුගිය කාලයක් තිස්සේ සමහරු තමන් ප්‍රභූ පවුලකින් පැවතගෙන එනවා කියලා පෙන්වන්න කළ බොරු සෝබන මතක නැත්තේ ඒකයි. ජනාධිපති ගිහිල්ලා තියෙන්නේ ඉස්සර කට්ටිය වගේ මේකප් ආර්ටිස්ට්ලා එක්ක නෙමෙයි. හොඳට ඇස් ඇරලා බලන්න. (නි)
තිලක් ඩුබායි,පරගැති නොවන්න. උඩ බලා කෙළ නොගසා ගන්න. ඔබගේ ඉදිරි පරපුර ගැන දේශික මනසින් සිතන්න. (නි)
තිලක් ඩුබායි ස්වාසිලන්තයට ගියාද දන්නේ නැහැ වැරදිලා.යුද්ධය දිනන්න රටට උදව් කළේ රුසියාව, පාකිස්තානය,චීනය වගේ රටවල්.එහෙම වුණේ පැවැති රටවල් අතර තිබුන මිත්‍රශීලී බව නිසා.තිලක් දන්නේ නැතිවුණාට වත්මන් ජනපතිතුමා දන්නවා. රට රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න ගෙනගිය සටන තිලක්ට අමතක වුණාට අපිට නම් තවමත් මතකයි. (නි)
රත්නපුරේදී,නුගේගොඩදී ,නුවරදී අපිට පුළුවන්වුණා රජයට යම්කිසි පණිවිඩයක් දෙන්න. සන්ධානයේ අපි සියලුදෙනා එකමුතු වියයුතුයි. මහින්ද මහත්තයාගේ මේ ණය බොල් ණය කරගැනීමේ සටන ජයගන්නවා සිකුරුයි (නි)
සුමුදු හේවා මහත්තයෝ, ඔය ලංගමේට තිබෙන ණය මේ රජය කීයටවත් කපාහරින්නේ නැහැ.පොඩිපහේ සල්ලි කන්දරාවක්ද? මේ රටේ මිනිසුන්ගෙන් බදුගහලා උදුරාගත් සල්ලි කාගේවත් ඡන්ද ව්‍යාපාර වලට සෙනඟ අදින්න දෙන්න මේ රටේ මිනිසුන්ට පිස්සු නැහැ (නි)
දැන් මේ යහ පාලන කට්ටිය ආවේ යහපත් දේ කරන්න නම් ඒ හරි දේ කරාට කමක් නැහැ. කලින් අය ගහපු සවාරි කෝකියෝ ගැන කියනවා. නමුත් මේ දින කීපයට සවාරි කීයක් ගැහුවාද? තව ගුවන් යානා කීයකින් කට්ටිය යනවාද? සංදර්ශන ඇති. (ර)
මහින්ද මහත්තය ජන්ද සටනට සෙනග අදින්න ලංගමයට නය වෙච්ච සල්ලි බොල් නය විදිහට කපා අහෝසි කරවා ගැනීමේ සටන ජයගැනීමට මහින්ද මහත්තයට සියලු ශක්තිය වාසනාව ලැබේවා (නදී)
"මේ සටන වෙනත් හමුදාපතිවරයෙකුට බාරනොදෙමි " ප්‍රකාශ කරලා සරත් මහත්තයා යුද්ධය අවසන්කරලා නොදුන්නා නම් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. (නි)
දින 100 යෙන් ලෝකය වටේ යයි. (නදී)
ඔබ තුමා ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ ඇතුළු මැද පෙරදිග රටවලත් යන්නේ නම් හොඳයි. ස්වාසිලන්තෙට නොගියාට කමක් නැහැ (නදී)
සිය රට -පිටරට කොහේ සිටියත් -අපිට ඕන රටක් අලුත් (නදී)
අපේ මේ නඩේ ජාත්‍යන්තරය දිනා ගැනීම කෙසේ වෙතත් ඒ අය නම් දිනාගෙන ඉවරයි.ජේ ආර් ගේ ඇට අට වගේ බලාගෙන ඉන්න තමයි වෙන්නේ.මේ පොදු අපේක්ෂකයා බටහිර ඉත්තෙක් වෙලා ඉවරයි.ඒ න්‍යාය පත්‍රය තමයි මෙයාල කරන්නේ.ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමති සම්මානය අවුරුදු කීපයකට ඉහතදී ඇමෙරිකාවට කැඳවාලා දුන්නේ ඒකට තමයි.නමුත් මෙයාට ඩෙංගු නැති කර ගන්නත් බැරි වුනා.කඩේ යන අයත් මෙයාල වගේම රට පාවා දෙන අයනේ. (ස)
පොදු අපේක්ෂකයා ලෝකේ වටේ යනවා. (ර)
තිලක් ඩුබායිට නිකන් පිස්සු වගේ. කමෙන්ට් දානවා දානවා ඉවරයක් නෑ. මහින්දගේ නම කිව්වොත් ඕන වෙලාවක බඩ බුරුල් වෙනවා මෙයාගේ (නදී)
දින කීයද?හැමදාම කොහේ හරි රටකට යනවා. මේ රට කනවා මදිවට අනෙක් රටවලුත් කාලයි පස්ස බලන්නේ.(ම)
අයියෝ යන්න යන්න ලෝකේ වටේ, රනිල් තනියම ඉල්ලපු දාට බලාගම්මු වෙන දේ (නදී)
වෙන කව්රුත් ගියේ නැද්ද? නැතිනම් ඒ අය වෙන ගුවන්යානයක යනවද ? (නදී)
දැන් රස වැටිලා. කමක් නැහැ ඔහොම යමු. සේරම කමු. තව කන්න ඉතිරිවෙලා නැහැ. මේ දින 100 ලංකාවම නැති කළා. (නදී)
සුබ ගමන්. (ර)
දින 100 බලාපොරොත්තු වුවාටත් වඩා සාර්ථක ගමනක් යාමේ රහස රනිල් මැතිදුන්ගේ දක්ෂතාවයයි. මීට පෙර(2002) එතුමාගේ පාලන සමය ශ්‍රී ලංකා ආර්ථිකය සුවිශේෂී ගමනක් ගෙන ගිය පාලන සමයක් බව මහා බැංකු වාර්තාවලට අනුව පෙනී යයි. රනිල් මැතිදුන් තුන් කල් දකිනා මහා බුද්ධිමතෙක්. එතුමා සමග හැරෙන්නටවත් පුළුවන් ආර්ථික බුද්ධියක්,ජගතෙක් ශ්‍රී ලංකාවේ නොව මුළු ආසියාවේද නොමැත. ඒ මහා බුද්ධි සමුදායෙන් වැඩක් ගැනීමට මෙතෙක් අපට නිසි අවස්තාවක් නොලැබුණි. එය හොදයි හෝ නරකයි කීමට මා උත්සහ නොකරමි. නමුත් වර්තමාන දේශපාලන ස්ථාවරත්වය හමුවේ රටට අවශ්‍ය රනිල් වැනි බුද්ධිමත් දේශපාලකයකුගේ දීර්ග කාලීන ස්ථාවර පරිපාලන කාලවකවානුවකි.(නදී)
පකිස්ථානය අපට හැමවිටම අවංකව උදව්කරන ශ්‍රී ලංකාවේ හොද මිතුරෙක්. ජනාධිපතිතුමා ප්ස්කිස්ථානයට ගිය එක ඉතාමත් හොදි. සුබ ගමන්. (ර)
රට යන එකම තමා කරන්නේ.? (ර)
සෙනරත් සමග එකග වෙමි. අපේ රට මේ මහා බුද්දීමතානන්ගෙන් මෙතෙක් කල් නිසි ප්‍රයෝජනයක් නොගත්තද විදෙස් රටවල් රනිල් මැතිදුන්ගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතුකර නිසි ලාබ ප්‍රයෝජන අත්පත්කර ගෙන ඇත.(නදී)
මොකද මේ සිරිපාලට වෙලා තියෙන්නේ. පැනල ගිහින් හැංගිලා ඉන්න රටක් හොයනවද? (නදී)
ප්‍රකාෂ්ගේ ලොක්ක රට කරවන කාලයේ භුමි පුත්‍රයා වගේ ගෙදරම ඉන්න ඇති නේද ? ගුවන් යානා ලෝඩ් පිටින්, කෝකියන් නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පින් ආවතේව කාරයන් පුරවාගෙන පිටරට සවාරි ගියේ අපි වෙන්න ඇති. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
කලින් කට්ටිය රට ගිහිල්ලම නැහැනේ . ප්‍රකාශ් එතකොට අභාවකාශයේ වෙන්න ඇති හිටියේ නේද? (දිල්)
ප්‍රකාශ්ගේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නේද ? නිකන් විහිලු කරන්න එපා. මේ මනුස්සයා කරන්නේ අපෙත් එක්ක පලුදු උන ලෝකයේ අනිත් රටවල් එක්ක සහයෝගෙන් වැඩ කරන්න මන් පෙත් හෙලිකරගන්න එකයි (නදී)
සිරිසේන මහත්තය ජනාධිපති වුනේ රනිල්ගේ උදවු හින්ද, රනිල් තනියම ඉල්ලපු දාට ඇපත් නෑ මෙයාට, එදාට තේරුම් ගනී සිංහ හම පොරව ගත්තට විතරක් සිංහයෙක් වෙන්නේ නෑ කියල! (ස)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තරයම ජයගන්නවා සිකුරුයි. සුභ ගමන්. ජයවේවා.! (ර)
පුරවාගෙන.. යන්න ඕන විශේෂ ගුවන් යානයකින්... නැද්ද.? (ර)
අපේ මිනිස්සු තවම ළිං අඩියේ ඉන්න මැඩියෝ වගෙයි. ළිං කටින් එලියට ඇවිත් වටපිට බලන්න උවමනාවක් ඇත්තෙම නැහැ වගේ. (ර)
ජනපතිට දොස් කියන කොමෙන්ටුත් ලංකාදීපය පල කරනවා. එ්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ (නදී)
කොහේ ගියත් කොහොම ගියත් මෙහෙවර කරන්නේ බටහිරටයි ඉන්දියාවටයිනේ. ඔවුන්ගේ සුවච කීකරු සේවකයාට මොටද රාජ්‍ය තාන්ත්‍රික සැලකුම්? රට රවටන්න කරන නිකම් බොරු සෝබන !(නදී)
"සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපතිවරයා පිටත්ව ගිය අතර ඔහු මෙම සංචාරයේදී පකිස්ථාන ජනාධිපති, අගමැති හා ආරක්ෂක ලේකම්වරයාද මුණ ගැසීමට නියමිත බව වාර්ථා වෙයි. "...... ඒකාධිපතියාගේ හෙවනැලි තවමත් හොල්මන් කරනවා.ඒ නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. (නදී)
ඉස්සර අපේ නායකයන් අපේ සල්ලිත් කාබාසිනියා කරගෙන හැත්තෑ බුරුත්ත එක්ක ගියේ සුවාසිලන්තයට, උගන්ඩාවට ,කෙන්යාවට සහ සොමාලියාවටයි (නදී)
වරුණ, ඔයාටත් මහින්ද භීතිකාව හැදිලා නේද? මෛත්‍රී ගැන පුවතක් දැක්කත් මහින්ද ගැන කතා නොකර ඉන්න බැහැ. අනේ පව්!. අර මගේ නමින් බොල් ණයක් ගැන හොර කමෙන්ට් දාන ලජ්ජා නැති තැනැත්තාටත් එහෙමයි (නදී)
උපදෙස් ගත්තු රටවල් මොනවද හැබෑටම (දිල්)
බණ්ඩාර, ඔයාගේ රනිල් මැතිඳුගෙන් උපදෙස් අරගත්තු ඔය කියන රටවල් මොනවාද හැබෑටම? (ස)
වරුණ ඔයා එහෙනම් ලම්බෝගිනි හොයාගෙන වගෙයි? කෝ එතකොට අර සී ප්ලේන් සහ ඇමරිකාවේ බකිංහැම් මාලිගාවක් හදාලා එකේ ඇති කරාලා මෙහෙට ගෙනාපු සුවිශේෂ අශ්වයා? තවම හොයා ගත්තේ නැතෙයි?(දිල්)
එතුමා විදෙස් රටවල් සමඟ ඉතා හොඳ සබඳතාවයක් පවත්වා ගන්නා බව පෙනෙනවා (නි)
අපේ රටට වාසනාවන්! (නි)
රටේ නායකයා වුණාම ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ. විනාශ වී තිබුණ විදේශ ප්‍රතිපත්ති යහපාලනය තුලින් ගොඩනඟන්න ඕනෑ. මේ දේවල් තමයි රට දියුණුවට බලපාන්නේ (නි)
රටකට ඕනෑ අපමණ අගයක් ..... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ..... (නි)