එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය.
වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් අයුරින් පිළිගත්හ.
සිය නිල සංචාරය අතරතුර සිරිසේන මහතා සිකුරාදා (25) දිනයේදී ස්ව්ට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් හා දකුණු අප‍්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා සමග විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමගද ජනපති සාකච්ඡා පැවැත්වීමට යයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාඨකය දාගෙන ජාතික ඇඳුම ඇඳගෙන දාපු සෙල්ලම් තවම අපට අමතක නැහැ මිනිසාව ඇඳුමෙන් මිනිය නොහැක (අ)
ඔබට ජය! (නි)
සිරිසේන නිව්යෝක් ඇවිත් වගේ නේද (බ)
සුද්දෝ දැන් සිංහල ඉගෙන ගනී (බ)
විටෙක මෝඩිට ඇඳල, විටෙක රෙදි බැනියම්, විටෙක යුරෝපා ඇඳුම, ප්‍රතිපත්තියක් නෑ ජනතාව ගොනාට අන්දවල, රෙද්ද බැනියම හරියට ඇන්ද මිනිහ එලව ගත්තේ මෙික තමයි අපමණ අගය (බ)
මෙතුමා දකින දකින වාරයක් පාසා මට සිහිපත් වෙන්නේ අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය දේශපාලන දිවියේ කළ ඓතිහාසික අනභිබවනීය අමිල පරිත්‍යාගයයි. (ම)
සිරිමෙවන්..බැරිකමට කියන වචනයක් නෙවෙයි පරිත්‍යාගය කියන්නේ..(බ)
අපේ රටට යහපතක්ම වේවා! (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
ජයවේවා.(හේ)
ඇදුමට බනිනවා කියන්නේ වෙන බනින්න දෙයක් නැහැ කියන එක වෙන්න ඇතිනේ.අනික ඔය බනින කීදෙනෙක් මගී ගුවන් යානයනින් පැය 15-16 ගමනක් ගිහින් තියනවද දන්නේ නෑ. (අ)
නොදකින් හැටි මුගේ (බ)
කලිසමට බැස්සත් ඒ විදිහමයි (බ)
ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)
සුද්දෝ ඉදිරියේ ජාතික ඇඳුමත් පාගා දමා, දනින් වැටී ආඩම්බරෙන් යන ගමන! මොන තරම් වෙනසක්ද පස් යට සැඟවෙන්නට ගිය ජාතියට පණදුන් මහින්ද විරුවාට. (බ)
සියළුම කාර්ය්‍යයන් සාර්ථකවේවා!ජයවේවා ජනාධිපතිතුමෙනි. (අ)
කෝ සුද්දෝ හම්බෙවෙලා නැනේ? (අ)
මෙතුමා බටහිර ඇඳුමක් ඇඳගෙන ගියත් අව්‍යාජ මිනිසෙක්..ඇඳුමක් ඇඳින්න බැරි කෙනෙක් නොවෙයි. අහිංසක මිනිසෙකුගේ හැටි එහෙමය..ඉස්සර හිටපු අයට වාගේ ඇඳුමක් අන්දවන්න එක්කෙනයි..රූපලානව්‍ය දාන්න එක්කෙනයි පිරිවරාගෙන යන්නේ නෑනේ..එතුමා එතුමාට හුරු විදියටයි ඇඳින්නේ..අපේ ජනපති ඔබයි සොදුරු මිනිසා..(බ)
ඇදුමවත් හරියට ඇදගන්න බැරි මොහු ගැන ලංකාවේ අපිට ලැජ්ජයි. මොකද රෙද්ද බැනියම නරකද ?(ම)
ඉන්දියාවට යනකොට මෝදී වාගේ යනවා.(අ)