ජනපති නිල කාලය වසර හතරකට අඩු කරන්නැයි පුලතිසිපුර නිලදරු උපහාර උළලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති යෝජනාවක් ඉදිරිපත් කළේය.
එම වසර පහක් කිරීම පසුව පැවති සාකච්ඡාවේ දී අනුමත විය.
දැනට ජනපති නිල කාලය වසර හයකි.
සිරිසේන මහතා වැඩ බාර ගනිමින් පැවසුවේ යළි තමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.
පොළොන්නරුවේ වකුගඩු රෝගීන් 1011දෙනකුට රුපියල් තුන් දහස බැගින් සහනාධාර බෙදා දීමේ උත්සවයේ දී ජනපති පැවසුවේ බහු ජාතික සමාගම්වල තීන්දු තීරණවලට හිස නොනමා පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන බවයි.
රජරට වකුගඩු රෝගයට හේතුව ඇතැම් බහුජාතික සමාගම්වල පොහොර සමඟ ආසනික් වැනි දැඩි හානිකර රසායන එක්වීම බව හෙළඋරුමයේ ලේකම් අතුරලියේ රතන හිමියෝ ගිය රජයට සාධක සහිතව කරුණු ඉදිරිපත් කළහ. එහෙත් අහිතකර පොහොර වර්ග ඉවත් නොකැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අවංක අදහසින් සිදුකරන්න. ජනපතිතුමනි ඔබගේ නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලිය වේවි. මෙතුවකට රටේ ජනතාවගේ හඩට කන් නොදී තමන්ගේ අත්තනෝමතිකව පාලනය ගෙනගිය අයට තමන්ගේ වගකීම මෙය තුලින් වැටහ ගැනීමට හැකිවනු ඇත. ඔබට තුති ! (ර)
බලතල අගමැතිට දීලා අගමැති කමට ඉල්ලනවා ,(හේ)
කාල සීමාව අඩු කර බලතලද අඩු කළ යුතුයි.(හේ)
ජනාධිපතිධුර කාලය විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ කාලයත් වසර හතර දක්වා අඩුකර ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකට පැවැත්වීමට කටයුතු කලයුතු අතර එවිට ඡන්ද පැවැත්වීමට යන වියදම් අඩුකර ගත හැකිවන අතර මෙමගින් වංචා දුෂණ ප්‍රමාණය අඩුකර ගැනීමටද හැකිවනු ඇති බව අපගේ විශ්වාසය.(බ)
තවද ඉතා සුළු කාලයකින් විශ්‍රාම වැටුපකට හිමිකම් නැති කළ යුතුයි (බ)
ඒකත් හොදයි.(හේ)
මේ පොහොර ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි. එසේ නොමැති වුවොත් මුළු ලංකාවම ලෙඩ වේ.(හේ)
මේවා අවංක අදහසින් කෙරෙන දේවල් නම්,,ජනපතිතුමනි ඔබගේ නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලිය වේවි.(හේ)
පාර්ලිමේන්තු නිල කාලය සහ ජනාධිපති නිල කාලය යන දෙකම වසර පහකට සීමා කළ යුතුයි. එසේම නියමිත කාලයට පෙර හෝ පසුව මැතිවරණ පැවැත්වීම අහෝසි කළ යුතුයි.(හේ)
ජනාදිපතිගේ විදායක බලතල ඉවත් කරනවා නම් නිල කාලය අඩු කිරීමේ තේරුම කුමක්ද? (නදී)
එතකොට පොරොන්දු වූ පරිදි ජනපතිකම නැති කරන්නේ නෑ? (නදී)
ඉදිරියේදී ජනාධිපති පත්කරන්නේ අගමැතිද? නැතිනම් මහජන ඡන්දෙන්ද? (නදී)
බලයේ සිටින අය ඡන්දය ඉල්ලනවා නම් තනතුරින් අයින් වෙලා ඡන්දය ඉල්ලන්න නීති හදන්න ඕනේ (නදී)
දොඩම් ගොඩක් බදාගන්න එපා. එකක්වත් ලැබෙනේ නැහැ. එක එක ගත්තොත් මුළු ගොඩම ගත්ත හැකියි.(නදී)