(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට බාර දී තිබේ.
8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමට නියමිතව තිබූ අතර සෙසු රූපවාහිනි නාලිකා මගින් සමගාමී විකාශයක් ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වීමෙන් පසු එම සජීවී විකාශය නැවතී ගියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක් නිසා සජීවී විකාශය නතර වූ බවට පසුව වාර්තා විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක දී සාමාන්‍යයෙන් විනාඩි දෙකක් වැනි කෙටි කලකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර ජනපති දිවුරුම් දෙන අවස්ථාවේ විනාඩි දහයක පමණ කාලයක් මෙසේ විදුලිය බිඳ වැටී තිබූ බව වාර්තා වේ.
මේ හේතුව නිසා රූපවාහිනි නාලිකා වලට සජීවී විකාශ ආවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලොකු තැන්වල ඉන්නේ ජේවීපී, පෙරටුගාමී කාරයින්... ශ්‍රී ජයවර්ධන පුරෙන් අවුට් වුණු අය. හැමතැනම වැඩ බකල් වෙන්නේ ඒ නිසයි. මේකත් ඔවුන්ගේ ගොන් වැඩක් වෙන්න ඇති. ගොඩක් අය අර අවුට් වෙන්න අවුරුදු 6ක් විතර ගිය අය. අල්ලලා නියමෙටම දෙන්න ගෙදර යන්නම. ඔය ස්ට්‍රයික් කරන අයත් ගෙදරම යවන්න එහෙ ස්ට්‍රයික් කරන්න කියලා.
නව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුනි. දැන්වත් මේ මාෆියාව තේරුම්ගෙන මව්බිමට මහා හිසරදය කියන විදුලිබල මණ්ඩලය වහාම පුද්ගලීකරණය කරන්න.
දැන් ඉතින් වෙච්ච දේට මක් කරන්නද? තවත් කඩා කප්පල් කරනවා හැරෙන්න...
මේක හොයල බලන්න ඕනෑම දෙයක් සාමාන්‍යයෙන් ප්‍රදාන විදුලිය බිදවටීමකදී විනාඩියකට අඩු කාලයකදී ජනක යන්ත්‍රය පනගැන්විලා පද්දතිය ජනක සැපයුමට සම්බන්ද වෙන්න ඕන මේ ස්වයංක්‍රීය . පද්දතියේ යම් දෝෂයක් උනත් ඉතාම කෙටි කාලයකදී "මැනුවල් " ( ඒ කියන්නේ අතින් කාට හරි ) මේක කර ගන්න පුළුවන් . මේ ඔක්කොම අසාර්ථක වෙන්නේ ඉතාම කලාතුරකින් එක හින්ද මේක පිටිපස්සේ මොකක් හරි තියෙන්නත් බැරි නැහැ . මොකද අතීතයේදී රනිල් ගේ අයියට අයි ටී එන් එක අහිමි වෙන්නත් බලපෑවේ ඔයවගේ "තාක්ෂණික හේතුවක්" කියල තමයි දන්නා අය කියන්නේ
ගමන සුභයි
මොන බාදාවක් ආවත් ර්‍රනිල් ජනාදිපති වෙනවමයි.. රටට මොනව උනොත් කමක් නැහැනෙ.
විශාල ශබ්දයක් දියවන්නාව පැත්තෙන් අහුනෙ නැද්ද? මෙයාට වැඩි කල් නටනන් බැරි වෙයි වගේ සුභ පනිවිඩයක් එක්ක? කෝ අර නය. . ? එන්න කියන්නකො අහගන්න...
මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවෙදී විදුලි සැපයුම අඩාල වීමේ නාටකයේ දෙවැනි ජවනිකාවද? දැන්වත් විදුලිබල මණ්ඩලයේ ත්‍රස්තවාදීන් මර්දනය කළ යුතුය. නැතහොත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය ලෙස මෙරට පාලනය කිරීමට සිදු වනු ඇත.