සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභාගීවීමට නියමිත බැව් ඉන්දීය මාධ්‍ය කියයි.
මේ හේතුවෙන් තිරුපති කෝවිල ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයට සඳුදා (8) සිට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇතැයි ‘‘ද හින්දු“ පුවත්පත කියයි.
විශේෂ ගුවන් යානයකින් කොළඹ සිට පැමිණෙන ජනාධිපති රාජපක්ෂ මහතා තිරුපති දෙවොල වෙත ගොඩබිම් මාර්ගයෙන් ගමන් කිරීම මෙම විශේෂ ආරක්ෂාව සැපයීමට හේතුවී ඇත.
අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන නිවෙන්න කිට්ටු වෙන කොට තමයි දෙවියොත් මතක් වෙලා තියෙන්නේ.(හේ)
ලංකාවේ ඉන්න සතරවරම් දෙවියෝ බලන්නේ නැතිවත්ද?(හේ)
මේ පාර දෙවියෝ බලයිද බලමුකෝ.(හේ)
දළදා මාළිගාවටත් යන්න මැතිඳුනි (නි)
මා දකින විදිහට මෙහි අදහස් දාන සමහර අය තමන්ගේ රටේ ජනාධිපතිතුමන්ටවත් ගරුකරන්න දන්නේ නැති අය. ඔබතුමන්ලා නිදහසේ ජීවත්වෙන්නේ ඔහු නිසා බව අමතක නොකරන්න (නි)
"අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‘ (දිල්)
ඔබතුමාගේ ජය නියතයි! (නි)
මෙතුමා සමඟ තව කවුද ගියේ? (නි)
ඔක්කොම දේවාල, නැකත් කාරයෝ, කපුවො...මේ සැරේ මේ මිත්‍යා විශ්වාසත් පරදවන්න පුළුවන්. විශේෂ ගුවන්යානා අරගෙන යන්නේ ජනතාවගේ සල්ලි වලින්. මෛත්‍රී කරන මිනිසාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය හොඳටම ඇති. (ස)
තිරුපති කෝවිලේ ලාංකික ඡන්ද දායකයන් නැතිබව ජනාදිපති දන්නේ නැද්ද ? බෞද්ධයෙක් වූ ඔහුට තිරුපති කුමටද ? (නදී)
ඔබතුමාගේ ගමන සිතූ අයුරින්ම සාර්ථක වේවා! (නි)
අපිටත් දෙවි පිහිටයි !!! (බ)
තුෂාර, බන්දුල අයියත් ගිහිල්ලා. (ර)
ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)
මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ සිතේ ඇතිවන විශ්වාසයයි (නි)
අප්පා!! දැන් ඉතින් දෙවියන්ටවත් කියල බලමු.(බ)
තිරුමල වෙන්කටේශ්වරන් දෙවොලට යන සියලුදෙනාම වරදක් නොකළ ය විය යුතුයි බලාපොරොත්තු වෙන්නේය. (හේ)
ලංකාවේ තියෙන තිරුපති පුජාවේත් ඉන්දියාවේ පුජාවෙත් වෙනසක් තියෙනවද ? (හේ)
තිරුපති වල ගොඩක් හාස්කම් තියෙනවා. බුදු හාමුදුරුවො ලංකාවට වඩිද්දි සෘද්ධියෙන් වැඩියෙ ඔය කන්දට උඩින් කියලා මම අහලා තියෙනවා (නි)
කෝ ජනපතිතුමාගේ කණ්ඩායම.(හේ)
තුණුරුවන් සරණ නොදන්නා.මිනිසුනේ. ඔබ මේ කරන්නේ බෞද්ධාගමටමොනතරම් හානියක්ද..? (බ)
තව කොහේ කොහේ යන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ.(හේ)
හරි වැඩේ තමයි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ආරක්ෂක අංශයටත් මාර පරිප්පුව තමයි. (හේ)
මේ රටේ දෙයියෝ නැද්ද ? (බ)
දැන්ම බයවෙලා (බ)
තිරුපති කෝවිලට ලොකු ඇමැතිත් ගියා උසස්වීමක් ඉල්ලන්ඩ. එහෙ එලවලුයි බතුයි නොමිලේ දෙන්නේ. ඇතුලට ගමන් බිමන් නොමිලේ. තිරුපති කෝවිලේ ඉන්නේ නුවනට අදිපති ගනේස්වර දෙවියන්. බලමු ගිය නඩය පස්සේ (නදී)
රනිල් යුරෝපේ පල්ලියකට ගියානම් බටහිර කුමන්ත්‍රණ කියයි, අපේ මහත්තයා එතකොට මේවා නැගෙනහිර කුමන්ත්‍රණද...? (නදී)
ඒක ඒ අයගේ විශ්වාසය. එය විවේචනය කිරීම සුදුසු නැහැ නේද? (නි)
කෝ අපේ අර ඉන්දියාවට බනින යාලුවන්ගේ අදහස් නැහැනේ. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
නොපෙනෙන දෙවියන්ගෙන් උදවු ඉල්ලීම එදා ඉඳලාම තිබුන දෙයක්. (නි)
ඔබට ජය! (නි)
ඔබට ජය නියතයි (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
දෙවිපිහිට ඔබට ලැබෙනු නොඅනුමානයි (නි)
ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
ඔබට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
විශේෂ ගුවන් යානයකින් යනකොට බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් ගියාට ,එන්නේ මත්තලින්.බලන්න මම බොරුද කිව්වේ කියලා(දිල්)
පිට රටවල් වල ඉන්න දෙවිවරු අපේ රටේ ඉන්න තානාපති දෙවිවරුන්ගෙන් විස්තර අහල වෙන්න ඇති තීරණ ගන්නේ, නේද? මං මේ නිකං හිතුනට කිව්වේ. (නදී)
යසිත් හීන දකිනවා. (බ)
යසිත්, ලබන ආත්මෙද ? (ර)
ටිකිරි බණ්ඩා,විශේෂ ගුවන් යානයක් ලෑස්ති කරලා තියෙන්නේ. (බ)
ඔබතුමා දිනන බව රටම දන්නවා. බලමුකෝ අනෙක් අයට වෙන දේ... (නි)
එක්කෙනෙක් දළඳා වහන්සේ ළඟ. එක්කෙනෙක් විෂ්ණු දෙවියෝ ළඟ. (බ)
නිර්මල බුදුදහම තියෙද්දි ඇයි කැලෑවල රිංගන්න යන්නේ. (නදී)
ඕනෑම කෙනෙකුට දෙවියන් බුදුන් සිහිවෙන වෙලාවල් එනවනේ. (හේ)
අපේ රටේ නායකයා මේ තරම් අන්ධ භක්තිකයෙක් නම් රට වැසියාට අබ සරණයි ! (බ)
අපි යන්නේ මොන දෙවියන් ලඟටද ? (නදී)
ඡන්දෙට පස්සේ නම් ඉතින් තරුපති තමයි අපි කාටත් පෙනෙන්නේ. (නි)
බලමුකෝ ඊළඟ මාසයේ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඡන්දේ ලං වෙද්දි සියලුම දෙවියන් මතක් වෙනවා වගේ.(හේ)