IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති තිරුපති යයි

සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභාගීවීමට නියමිත බැව් ඉන්දීය මාධ්‍ය කියයි.

මේ හේතුවෙන් තිරුපති කෝවිල ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයට සඳුදා (8) සිට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇතැයි ‘‘ද හින්දු“ පුවත්පත කියයි.

විශේෂ ගුවන් යානයකින් කොළඹ සිට පැමිණෙන ජනාධිපති රාජපක්ෂ මහතා තිරුපති දෙවොල වෙත ගොඩබිම් මාර්ගයෙන් ගමන් කිරීම මෙම විශේෂ ආරක්ෂාව සැපයීමට හේතුවී ඇත.

අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ.

 



අදහස් (0)

ජනපති තිරුපති යයි

සරත් Tuesday, 09 December 2014 10:15 AM

පහන නිවෙන්න කිට්ටු වෙන කොට තමයි දෙවියොත් මතක් වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

පෙරේරා Tuesday, 09 December 2014 10:15 AM

ලංකාවේ ඉන්න සතරවරම් දෙවියෝ බලන්නේ නැතිවත්ද?(හේ)

:       0       0

සනත් Tuesday, 09 December 2014 10:17 AM

මේ පාර දෙවියෝ බලයිද බලමුකෝ.(හේ)

:       0       0

බුද්ධික Tuesday, 09 December 2014 12:47 PM

දළදා මාළිගාවටත් යන්න මැතිඳුනි (නි)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 09 December 2014 06:59 PM

මා දකින විදිහට මෙහි අදහස් දාන සමහර අය තමන්ගේ රටේ ජනාධිපතිතුමන්ටවත් ගරුකරන්න දන්නේ නැති අය. ඔබතුමන්ලා නිදහසේ ජීවත්වෙන්නේ ඔහු නිසා බව අමතක නොකරන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 06:28 AM

"අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‘ (දිල්)

:       0       0

මොහමඩ් ඛාන් Tuesday, 09 December 2014 10:50 AM

ඔබතුමාගේ ජය නියතයි! (නි)

:       0       0

තුෂාර Tuesday, 09 December 2014 10:51 AM

මෙතුමා සමඟ තව කවුද ගියේ? (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 09 December 2014 06:45 AM

ඔක්කොම දේවාල, නැකත් කාරයෝ, කපුවො...මේ සැරේ මේ මිත්‍යා විශ්වාසත් පරදවන්න පුළුවන්. විශේෂ ගුවන්යානා අරගෙන යන්නේ ජනතාවගේ සල්ලි වලින්. මෛත්‍රී කරන මිනිසාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය හොඳටම ඇති. (ස)

:       0       0

හසිත Tuesday, 09 December 2014 07:02 AM

තිරුපති කෝවිලේ ලාංකික ඡන්ද දායකයන් නැතිබව ජනාදිපති දන්නේ නැද්ද ? බෞද්ධයෙක් වූ ඔහුට තිරුපති කුමටද ? (නදී)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 12:16 AM

ඔබතුමාගේ ගමන සිතූ අයුරින්ම සාර්ථක වේවා! (නි)

:       0       0

තිලංකා Tuesday, 09 December 2014 11:06 AM

අපිටත් දෙවි පිහිටයි !!! (බ)

:       0       0

සදුනි Tuesday, 09 December 2014 01:43 PM

තුෂාර, බන්දුල අයියත් ගිහිල්ලා. (ර)

:       0       0

කීර්තිරත්න Wednesday, 10 December 2014 12:49 AM

ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 10 December 2014 12:50 AM

මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ සිතේ ඇතිවන විශ්වාසයයි (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 December 2014 11:11 AM

අප්පා!! දැන් ඉතින් දෙවියන්ටවත් කියල බලමු.(බ)

:       0       0

නන්දිමිත්‍ර Tuesday, 09 December 2014 07:24 AM

තිරුමල වෙන්කටේශ්වරන් දෙවොලට යන සියලුදෙනාම වරදක් නොකළ ය විය යුතුයි බලාපොරොත්තු වෙන්නේය. (හේ)

:       0       0

බන්දුල Tuesday, 09 December 2014 07:27 AM

ලංකාවේ තියෙන තිරුපති පුජාවේත් ඉන්දියාවේ පුජාවෙත් වෙනසක් තියෙනවද ? (හේ)

:       0       0

නන්ද Wednesday, 10 December 2014 01:33 AM

තිරුපති වල ගොඩක් හාස්කම් තියෙනවා. බුදු හාමුදුරුවො ලංකාවට වඩිද්දි සෘද්ධියෙන් වැඩියෙ ඔය කන්දට උඩින් කියලා මම අහලා තියෙනවා (නි)

:       0       0

බුවිදු Tuesday, 09 December 2014 07:29 AM

කෝ ජනපතිතුමාගේ කණ්ඩායම.(හේ)

:       0       0

සමන් Tuesday, 09 December 2014 11:12 AM

තුණුරුවන් සරණ නොදන්නා.මිනිසුනේ. ඔබ මේ කරන්නේ බෞද්ධාගමටමොනතරම් හානියක්ද..? (බ)

:       0       0

නිමල් Tuesday, 09 December 2014 07:33 AM

තව කොහේ කොහේ යන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ.(හේ)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 December 2014 07:34 AM

හරි වැඩේ තමයි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ආරක්ෂක අංශයටත් මාර පරිප්පුව තමයි. (හේ)

:       0       0

රුවන් Tuesday, 09 December 2014 07:35 AM

මේ රටේ දෙයියෝ නැද්ද ? (බ)

:       0       0

සනාසු Tuesday, 09 December 2014 07:40 AM

දැන්ම බයවෙලා (බ)

:       0       0

සමන්ති Tuesday, 09 December 2014 02:09 PM

තිරුපති කෝවිලට ලොකු ඇමැතිත් ගියා උසස්වීමක් ඉල්ලන්ඩ. එහෙ එලවලුයි බතුයි නොමිලේ දෙන්නේ. ඇතුලට ගමන් බිමන් නොමිලේ. තිරුපති කෝවිලේ ඉන්නේ නුවනට අදිපති ගනේස්වර දෙවියන්. බලමු ගිය නඩය පස්සේ (නදී)

:       0       0

දිලිප් Tuesday, 09 December 2014 07:44 AM

රනිල් යුරෝපේ පල්ලියකට ගියානම් බටහිර කුමන්ත්‍රණ කියයි, අපේ මහත්තයා එතකොට මේවා නැගෙනහිර කුමන්ත්‍රණද...? (නදී)

:       0       0

ඒඩ්‍රියන් Tuesday, 09 December 2014 11:30 AM

ඒක ඒ අයගේ විශ්වාසය. එය විවේචනය කිරීම සුදුසු නැහැ නේද? (නි)

:       0       0

අශාන්ති Tuesday, 09 December 2014 08:07 AM

කෝ අපේ අර ඉන්දියාවට බනින යාලුවන්ගේ අදහස් නැහැනේ. (නි)

:       0       0

ගුනවති Tuesday, 09 December 2014 08:08 AM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 December 2014 08:08 AM

නොපෙනෙන දෙවියන්ගෙන් උදවු ඉල්ලීම එදා ඉඳලාම තිබුන දෙයක්. (නි)

:       0       0

කළණ Tuesday, 09 December 2014 08:10 AM

ඔබට ජය! (නි)

:       0       0

වෙල්ගම Tuesday, 09 December 2014 08:10 AM

ඔබට ජය නියතයි (නි)

:       0       0

පියල් Tuesday, 09 December 2014 08:16 AM

ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

යසිත් Tuesday, 09 December 2014 08:20 AM

දෙවිපිහිට ඔබට ලැබෙනු නොඅනුමානයි (නි)

:       0       0

යසංග Tuesday, 09 December 2014 08:24 AM

ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

නිරාන් Tuesday, 09 December 2014 11:51 AM

ඔබට දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 08:39 AM

විශේෂ ගුවන් යානයකින් යනකොට බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් ගියාට ,එන්නේ මත්තලින්.බලන්න මම බොරුද කිව්වේ කියලා(දිල්)

:       0       0

උපාලි Tuesday, 09 December 2014 08:48 AM

පිට රටවල් වල ඉන්න දෙවිවරු අපේ රටේ ඉන්න තානාපති දෙවිවරුන්ගෙන් විස්තර අහල වෙන්න ඇති තීරණ ගන්නේ, නේද? මං මේ නිකං හිතුනට කිව්වේ. (නදී)

:       0       0

සදුනි Tuesday, 09 December 2014 08:53 AM

යසිත් හීන දකිනවා. (බ)

:       0       0

සමරේ - ගාල්ල Tuesday, 09 December 2014 08:55 AM

යසිත්, ලබන ආත්මෙද ? (ර)

:       0       0

සමන්ජය Tuesday, 09 December 2014 09:04 AM

ටිකිරි බණ්ඩා,විශේෂ ගුවන් යානයක් ලෑස්ති කරලා තියෙන්නේ. (බ)

:       0       0

නිර්මල Tuesday, 09 December 2014 04:36 PM

ඔබතුමා දිනන බව රටම දන්නවා. බලමුකෝ අනෙක් අයට වෙන දේ... (නි)

:       0       0

සිරිසේන Tuesday, 09 December 2014 09:05 AM

එක්කෙනෙක් දළඳා වහන්සේ ළඟ. එක්කෙනෙක් විෂ්ණු දෙවියෝ ළඟ. (බ)

:       0       0

මංගල Tuesday, 09 December 2014 09:09 AM

නිර්මල බුදුදහම තියෙද්දි ඇයි කැලෑවල රිංගන්න යන්නේ. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 09 December 2014 09:09 AM

ඕනෑම කෙනෙකුට දෙවියන් බුදුන් සිහිවෙන වෙලාවල් එනවනේ. (හේ)

:       0       0

බණ්ඩා Tuesday, 09 December 2014 09:16 AM

අපේ රටේ නායකයා මේ තරම් අන්ධ භක්තිකයෙක් නම් රට වැසියාට අබ සරණයි ! (බ)

:       0       0

කිත්සිරි Tuesday, 09 December 2014 04:45 PM

අපි යන්නේ මොන දෙවියන් ලඟටද ? (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 December 2014 09:35 AM

ඡන්දෙට පස්සේ නම් ඉතින් තරුපති තමයි අපි කාටත් පෙනෙන්නේ. (නි)

:       0       0

විජිත Tuesday, 09 December 2014 09:54 AM

බලමුකෝ ඊළඟ මාසයේ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

තිලක් Tuesday, 09 December 2014 10:01 AM

ඡන්දේ ලං වෙද්දි සියලුම දෙවියන් මතක් වෙනවා වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site