(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළහ.
ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාම යෝජනා කැදවීම ටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර ඇත.
නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.
මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදේ රැස්වී සාකච්ඡා කිරීමටද පස්වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.
සවස පැවැත්වෙන එම සාකච්ඡාවට අරගලයේ නියෝජිතයන්ටද ආරාධනා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සති ගණන් ගන්නවද ඔය වැඩේට?
අති උත්කර්ශව සියතින්ම මොල සෝදා ගත්... මිෂනාරි NGO ඇන්දුවාට වඩා තමන්ම ඇඳගත් සියල්ලම එක්වී බොදු රාජ්‍ය පදනම බිඳමින් ලංකාවේ ඊනියා බොදුනුවාගේ මාන්‍යය කුඩුපට්ටන් කළ සියල්ලන්ට මාගේ මෙව්වා එක...
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි ඕනැ කියනවානේ. දැන් වෙලා තියෙන්නේ ඒක. මෙයාලා නාම යෝජනා කැඳවනවා. අරගලේ අය ව්‍යවස්ථාවට පිටින් අරගල නීතී ජනගත කරන්න කතාකරනවා. එහෙන් සාලිය පීරිස් ජනපති කරන්න තව පිරිසක් කියනවා. තැල්ල තියෙනවා. බඳින්න බෙල්ලක් හොයාගන්න ගිහින් තමයි ඊළඟ අරගලය පටන් ගන්නේ.
'ඉල්ලා අස්වුවහොත්' කියන එකේ තේරුම මොකක්ද? තවම ඒ ගැන විශ්වාසයක් නැහැ කියන එකද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා සුදුසු පියවර ගත හැක... එහෙත් ඉල්ලා නොඅස්වුවහොත්...!
ඡන්දයක් නැතුව ජනාධිපතිවරයෙක් පත් කරනවා නම්.., මටත් පොඩි අවස්ථාවක් ඕනෑ.
ඊළඟ ජනාධිපති එක්කෝ රනිල්, එක්කෝ නාමල් හරි, මහින්ද වුණත් වෙන්න පුළුවන්. අස්වෙන්න මෙච්චරකල් ගන්නේ ඒකයි.
කෙට්ටු උස වයසක කෙනෙක් නේද ගේන්න යන්නෙ
ජවිපෙ එකට දීලා, නුඹලා ඔක්කොම මකබෑවිලා යන්න...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැතිවරයා 13 දින රාත්‍රී 12ට ඉවත් නොවුණහොත් මුළුරටම හර්තාලයක් කරා ගෙනයන බවට ජවිපය, පෙරටුගාමීන් සහ ඔවුනට සම්බන්ධ වුර්තිය සමිතින් සැලසුම් කර ඇතිබව මාධ්‍ය පළකර තිබේ. රට කරගෙන යාමට ඔවුන්ගේ සැලසුම සහ කණ්ඩායම කුමක්ද කියා ජවිපය, පෙරටුගාමීන් මේ වනතුරුත් ප්‍රකාශ කර නොමැත...