IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති ජපානයට යාමට සූදානම්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නුදුරේදීම ජපානයේ නිල සංචාරයක නිරතවනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් එරට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජපන් අගමැති ෂින්සේ අබේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබෙන බවත් , එම ආරාධනය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගෙන ඇති බවත් පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජපන් අගමැතිවරයා හමුවී නිල වශයෙන් දැනුම්දුන් බවද විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය පැවසුවාය.

 



අදහස් (0)

ජනපති ජපානයට යාමට සූදානම්

මිචිකෝ Sunday, 28 June 2015 10:21 AM

එන්න එපා මෙහේ (බ)

:       0       0

සිල්වා Sunday, 28 June 2015 10:38 AM

ජපානය සමග හොද සබදතා තියාගන්න ඕනි ! රටට ජපාන ආයෝජන ලබාගන්න අපි උත්සුක වෙන්න ඕනි මෘදුකාංග නිර්මාණය වැනි ඉහළ තලයේ වැඩ කොම්පියුටර් හාඩ්වෙයාර්,සොෆ්ට් වෙයාර් කාර්මික අංශයේ වැදගත්කම හදුනාගෙන එ්දෙවල් වලට අදාලව ශ්‍රමිකයන් පුහුණු කිරීම,කර්මාන්ත ශාලා ඉදිකිරිම වර්තමාන රජයේ වගකීමක්. (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 28 June 2015 11:00 AM

ඔව් ඉතින් ඉස්සර සබදතා තිබුනේ ස්වාසිලන්තය වගේ රටවලනේ. (බ)

:       0       0

ඉමල් Sunday, 28 June 2015 11:02 AM

එ්ක හොඳ වැඩක් (බ)

:       0       0

ජයන්ත Sunday, 28 June 2015 11:09 AM

සිල්වා හරි කොරියාව,මැලේසියාව වැනි රටවල් පටන් ගතේ ඔතනින් අද ඒ රටවල් ඉන්න තැන හිතා ගන්න පුළුවන්. එහෙම නැතිව ෂර්ට් වලට බොත්තම් අල්ලලා හරියන්නේ නැහැ (බ)

:       0       0

විමුක්ති Sunday, 28 June 2015 11:51 AM

මිචිකෝ ඔයාගේ රටටද එන්න එපා කියන්නේ ඔහේ ගිහිල්ලා වහල්ලු වගේ වැඩ කළාට මෛත්‍රී මහත්තයා පළි නෑ (බ)

:       0       0

රොහාන් සෞදි Sunday, 28 June 2015 12:58 PM

සිල්වා ඔයාගේ අදහසට මම කැමතියි. නමුත් අප‍ රටේ තියන දේශපාලන ක්‍රමය නිසා ඔය කියන ආයෝජන ගේන්න අමාරු මොකද ? අපේ ඇමතිලා කොමිස් කන්න නිසා හරියටම යහ පාලනයක් හැදුනොත් ඔන්න රට හදන්න පුළුවන්. නමුත් ඒවා හීන පමණයි. (නදී)

:       0       0

විරාජ් Sunday, 28 June 2015 01:03 PM

ස්වාසිලන්තයේ ඉන්න සමහරු ජපන් ඉන්නවා වගේ කොමෙන්ට් දානවා. ඉරිසියාවේ පැලෙනවා. ඉස්සර ලංකා කණ්ඩායමට පිට රටවල ක්‍රිකට් තරගයක් වත් ගහන්න නැහැ උද්ගොෂණ තියෙනවා වටේටම. අද ලෝකෙන්ම පිළිගැනීමකට ලක්වෙලා, ජිවතුන් අතර ඉදිද්දී ප්‍රභාකරනුත් බය රනිල්ටයි. ප්‍රභාකරන් පුද්ගලයාව මැරුවට මතවාදය මරන්න මහින්දට බැරි උනා. ඒකටයි ලෝක සහය අවශ්‍ය (නදී)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Sunday, 28 June 2015 04:09 PM

විරාජ් මම කීවේ අර ගෙදර යවපු ආණ්ඩුව ලෝකේ කියලා සම්බන්ධතා පැවැත්වූවේ ස්වාසිලන්තය වගේ ගෝත්‍රිකයෝ ඉන්න රටවල් එක්ක කියලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site