ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නුදුරේදීම ජපානයේ නිල සංචාරයක නිරතවනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් එරට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජපන් අගමැති ෂින්සේ අබේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබෙන බවත් , එම ආරාධනය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිගෙන ඇති බවත් පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජපන් අගමැතිවරයා හමුවී නිල වශයෙන් දැනුම්දුන් බවද විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එපා මෙහේ (බ)
ජපානය සමග හොද සබදතා තියාගන්න ඕනි ! රටට ජපාන ආයෝජන ලබාගන්න අපි උත්සුක වෙන්න ඕනි මෘදුකාංග නිර්මාණය වැනි ඉහළ තලයේ වැඩ කොම්පියුටර් හාඩ්වෙයාර්,සොෆ්ට් වෙයාර් කාර්මික අංශයේ වැදගත්කම හදුනාගෙන එ්දෙවල් වලට අදාලව ශ්‍රමිකයන් පුහුණු කිරීම,කර්මාන්ත ශාලා ඉදිකිරිම වර්තමාන රජයේ වගකීමක්. (බ)
ඔව් ඉතින් ඉස්සර සබදතා තිබුනේ ස්වාසිලන්තය වගේ රටවලනේ. (බ)
එ්ක හොඳ වැඩක් (බ)
සිල්වා හරි කොරියාව,මැලේසියාව වැනි රටවල් පටන් ගතේ ඔතනින් අද ඒ රටවල් ඉන්න තැන හිතා ගන්න පුළුවන්. එහෙම නැතිව ෂර්ට් වලට බොත්තම් අල්ලලා හරියන්නේ නැහැ (බ)
මිචිකෝ ඔයාගේ රටටද එන්න එපා කියන්නේ ඔහේ ගිහිල්ලා වහල්ලු වගේ වැඩ කළාට මෛත්‍රී මහත්තයා පළි නෑ (බ)
සිල්වා ඔයාගේ අදහසට මම කැමතියි. නමුත් අප රටේ තියන දේශපාලන ක්‍රමය නිසා ඔය කියන ආයෝජන ගේන්න අමාරු මොකද ? අපේ ඇමතිලා කොමිස් කන්න නිසා හරියටම යහ පාලනයක් හැදුනොත් ඔන්න රට හදන්න පුළුවන්. නමුත් ඒවා හීන පමණයි. (නදී)
ස්වාසිලන්තයේ ඉන්න සමහරු ජපන් ඉන්නවා වගේ කොමෙන්ට් දානවා. ඉරිසියාවේ පැලෙනවා. ඉස්සර ලංකා කණ්ඩායමට පිට රටවල ක්‍රිකට් තරගයක් වත් ගහන්න නැහැ උද්ගොෂණ තියෙනවා වටේටම. අද ලෝකෙන්ම පිළිගැනීමකට ලක්වෙලා, ජිවතුන් අතර ඉදිද්දී ප්‍රභාකරනුත් බය රනිල්ටයි. ප්‍රභාකරන් පුද්ගලයාව මැරුවට මතවාදය මරන්න මහින්දට බැරි උනා. ඒකටයි ලෝක සහය අවශ්‍ය (නදී)
විරාජ් මම කීවේ අර ගෙදර යවපු ආණ්ඩුව ලෝකේ කියලා සම්බන්ධතා පැවැත්වූවේ ස්වාසිලන්තය වගේ ගෝත්‍රිකයෝ ඉන්න රටවල් එක්ක කියලා (බ)