ජපානයේ පැවැත්වෙන ජී 07 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් 7 ක කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවට සහභාගී විමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) ජි.කේ 348 එමිරේට්ස් ගුවන් යානයෙන් පිටත්ව ගියේය.
සමුළුව මැයි මස 26 සහ 27 දෙදින තුල ජපානයේ ෂි සානි නගරයේ දී පැවැත්වීමට නියමිතය.
ඇමරිකාව,ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය,කැනඩාව,ඉතාලිය සහ ජපානය මෙහි සාමාජිකත්වය දරයි.
1970 දශකයේ දී ජි 7 සමුළුව ලෝක තෙල් අර්බුදයේ දැඩි පීඩනයන් මත පිහිටවා තිබේ.
ගෝලීය ආර්ථිකය,විදේශ ප්‍රතිපත්ති,ජාතික ආරක්ෂාව,ගෝලීය සෞඛ්‍ය,කාන්තා සවිබල ගැන්වීම යන ආදිය කෙරෙහි මෙවර සමුළුවේ දී අවධානය යොමු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට උණුසුම් සුබපැතුම් ජනපති තුමනි. (ර)
එහෙම කියන්න එපා. අපේ ජනපති අපට වටිනව..(බ)
සුබපැතුම් ජනපති තුමනි. (ර)
අපේ රටට එහෙදිත් හොඳ පිළිගැනීමක් ලැබෙයි. (ර)
සමහර වහලුන් යදම් ගැළෙවුවත් පරණ පුරුද්දටම බැඳදලා හිටපු තැනටම වෙලා ඉන්නවා (නි)
ෂා නියමයිනේ. අපිට කොයින්ද මෙහෙම වාසනාවක්! (නි)
එතකොට ලංකාවත් ප්‍රධාන කාර්මික රටවල් හතෙන් එකක්ද. බොහොම ආඩම්බරයි. (බ)
හිටියත් නැහැ වගේ නාවත් කමක් නැහැ (බ)
ඔබට මෙම සමුළුවට ආරාධනා ලැබීම ලංකාවේ අපට ලැබුණු ගෞරවයකි. ජයවේවා. (බ)