‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ මේ රටේ දූෂණය වංචාව නවත්වා යහපාලනය ඇති කරන්නයි. දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. අල්ලස් කොමිසමට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි ගලාගෙන ආවා. දෙතුන් දෙනකු පමණක් අත්අඩංගුවට උසාවි දැම්මා. ඉතිරි අයට කිසිවක් කළේ නැහැ.‘යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පුරවැසි බලය සංවිධානය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනපති සිරිසේනගේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු යැයි ද ස්ටාලින් මහතා පැවසිය.
‘මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය දුන්නා කියන්නේ ජනතා අභිලාෂයට එරෙහි වීමක්.‘
මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝව පහතින්...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය බයවෙලා දැන්.මහින්ද මහත්තයා පරදිනවා නම් ඇයි ඔච්චර බය (නි)
මෙයාලා ඇත්තටම කවුද? අර තව කට්ටියක් ඉන්නවා නව පරපුරේ කලාකරුවෝ! මෙයාලා වචනයක් කතා කළාද අපේ රණවිරුවන් ගැන? ඇත්තටම මෙයාලට තිබෙන සිවිල් බලය මොකක්ද? මහින්ද එපා නම් ඒක තීරණය කරාවි මහ ජනතාව ඡන්දෙන්. නාමයෝජනා දෙන්න එපා කියන්නේ කොහොමද කවුරුවත්? (නි)
මුලින්ම කතාකරන්න ගුරුවරුන්ව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. මතකද අර ගුරුවරියට ගහපු කෙනා?එයත් අපේක්ෂත්වය ඉල්ලනවා නේද? අන්න ඒවා නතරකරන්න පළමුව (නි)
බයවෙන්න එපා. මහින්ද ගැන විශ්වාසය තියන්න. ඒ මනුස්සයා තමයි අපි හැමටෝම මේ නිදහස අරගෙන දුන්නේ. නැත්නම් ඔබතුමාලා අද ඔහොම වීරයෝ වගේ බය නැතුව කොළඹ ඉඳගෙන කතාකරයිද? අතීතය අමතක කරන්න එපා. ගුණමකු වෙන්න එපා. (නි)
නුවන්, එයාලට අනුකම්පා කරන්න නුවන්. (නි)
මෙතන ඉන්න එක් කෙනෙකුටවත් අනාගතය කොහොම වුණත් කමක් නැතුවාවද්ද? (නි)
අතීතය අමතක නැහැ ජයන්ත මහත්තයෝ, මහින්ද මහත්තය කරපු දේ මතක නිසා තමයි අපි තව පාරක් එතුමාට අවස්ථාව දුන්නේ. එත් එතුමා වට කරගත්තේ එතුමාව ගෙදර යවන පිරිසක්. කොහොම හරි කට්ටිය මේකෙන් වත් පාඩමක් ඉගෙනගෙන නැතුව ඇති. මහින්ද මහත්තයා ආපහු ආවොත් එත් ඉන්නේ මේ අයම නම් ඉතින් තේරුමක් නැහැ. වැඩක් කරන්න පුළුවන්, කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයා ගත්තනම් ඔබතුමාට තව සැහෙන කාලයක් රජය කරනන්න පුළුවන්. (ර)
එතකොට ලක්ෂ 58ක් මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ නැද්ද? අර ලක්ෂ 62 විතරද ඡන්ද..? ඔයාලා ගහන පදේට ඒ 58 නටන්න ඕනෑ කියලද කියන්නේ? මෛත්‍රී මහත්තයා නාමයෝජනා දෙන්න ඕනෑ පක්ෂය දිනවන්න නම් පාක්ෂිකයින්ගේ කැමැත්ත ඉටු කරන්න ඕනෑ. (නි)
මට හරි ප්‍රස්නයක්. මෙතන ඉන්න අය කියන්නේ මොකක්ද, මෙයාල නියෝජනය කරන්නේ කව්ද කියලා. ඒ උනාට වීරයෝ වගේ. (ර)
හරියට කෑ ගහන්නේ මහින්ද මහත්තයට හංසයාගෙන් නාම යෝජනා දුන්නා වගේනේ. මේ නාම යෝජනා දීල තියෙන්නේ සන්ධානයෙන්. (ර)
මට නම් මේ ගැන තියෙන්නේ ලොකු සැකයක් (නි)
දැන්වත් තේරෙනවද ඒ ඔක්කොම චෝදනා මාද්‍ය සංදර්ශන පමණයි කියලා? (ර)
නැහැ. එතුමා ගත් තීරණය නිවැරදියි (නි)
ජනමතයට පයින් ගහලා නෑ තාම.(හේ)
ජනතාව ප්‍රතික්ෂේපකළ කිසිම කෙනෙක් කියන කරන ඒවා ජනතාව පිළිගන්නේ නැහැ (නි)
දැන්වත් තේරෙනවද මහත්වරුනි? (නි)
ඒවා ගැන පුරවැසියෝ බලාගනීවි (නි)
මහින්දට 58 ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒවා ජනතාවගේ ඡන්ද නෙමෙයිද? මොන වගේ තර්කයක්ද මෙයාලා ඔක්කොම ඉදිරිපත් කරන්නේ? (නි)
බලය නිසයි මේ හැමදේම.... (නි)
අපිට ජනපති විශ්වාසයි (නි)
අපි බලමු නාම යෝජනා එනකල් (ම)
හරිනම් මේ වන විට මර්වින් සිල්වා ඉන්න ඕනැ ..... ආණ්ඩුවට හිතැති නිසා මොහු නිදැල්ලේ.(ම)
තව ටික දවසක් ඉවසලා බලමු.(හේ)
ඇත්ත ඇත්ත, අනේ අර මහා බැංකු කොල්ලය ගැනත් කියන්නකෝ. (නදී)
මහින්ද පරදිනවා කියල දන්නවා නම් අැයි මහත්තයෝ නාම යෝජනා දුන්නට ඔච්චර බය...(නදී)
කඩේ යන අයට නිදැල්ලේ එ්ක තමා වෙනස යහපාලනයේ (නදී)
සමහරු මහින්ද කිවුවම වෙව්ලනවා. (නි)
ඔව් මෙයාල කව්ද කියන්න මුළු රටම දන්නවා. එන්.ජී.ඕ කාක්කන්. (නදී)
අසාධාරණ වැඩ වර්ජන මෙහෙයවලා අසරණ ලෙඩ්ඩු, පාසැල් සිසුන් සරසවි සිසුන් අපහසුතාවයට පත් කරන එකත් ජනමතයට පටහැනියි. විශේෂයෙන් අසරණ රෝගීන් බිල්ලට අරගන තමන්ගේ වුවමනා එපාකම් පිරිමහ ගන්න බලන ගමන් රජයෙන් වැටුපක් ගන්න ගමන් කිසිම සේවයක් නොකර එක එක දේශපාලන පක්ෂවලට කඩේ යමින් දේශපාලනයේ නියුතු වීම හරිම නින්දිතයි. (නදී)
බහුතරේ බහුතර 58 ලක්ෂය ජන මතය අමතකද ? (ම)
කඩේ යන සල්ලිවලට රට විකුණන සිවිල් සංවිධාන (නදී)
යකෝ මේගොල්ලන්ට පුදුම විදියේ අමරුවක්නේ තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ මැරෙනකොට ඔය එක එක සංවිධාන මොනවද දන්නේ නැහැ කලේ. (නදී)
අපිටත් ජනපති ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. එතුමා නිවැරදියි (නි)
අපි බලමුකෝ මහජන මතය! (නි)
මම නම් කියන්නේ මේක ජනපතිතුමා මතුවෙමින් තිබූ දේශපාලන ප්‍රවණතාවය මැනවින් තේරුම්ගෙන ගත් තීරණයක්. (නි)
ඉන්දික, ඔයා ජීවත්වෙන්නේ කාගේ පිහිටෙන්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ජනමතය තමයි අනෙක් හැමදේටම වැඩිය වැදගත් (නි)