( නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා කොතරම් දුරට සම්බන්ධදැයි සෙවීම සඳහා ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගේ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ දැන්වීය.
නාලකද සිල්වා මහතා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අද නියෝග කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වය වන නාමල් කුමාර නැමැත්තාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නියෝගය ද එදිනට ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය කන වැඩ. මෙයා සම්බන්ධ කවුරුත් දන්නා කුඩු ව්‍යාපාරය ගැන හොයන්නේ නැතුව මේ කොහෙවත් යන දේවල් ගැන හොයන්න වෙලාව නාස්ති කරන එකේ තේරුම මොකද්ද? ඡන්ද වැඩට ප්‍රයෝජනයට ගන්න පුළුවන් අලුත් ආරංචියක් හොයා ගන්න එක වෙන්න ඇති.
උත්තරය දෙන්නවා මම දන්නෙ නෑ මට මතක නෑ