හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අස්ථානගතවූ බව කියන වාහන සිය ගණනකට වූ දේ මෙතෙක් නොදන්නා බව රජයේ ආරංචි කියයි.
ඇතැම් වාහන ලීසිං ක්‍රමයට ජනාධිපති කාර්යාලයට ගත් බව මහින්ද රාජපක්ෂ මහතාම මෑතදී කීවේය.
ජනාධිපති කාර්යාලයේ තවත් වාහන පෙළක් කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ මුහුද අයිනේ මුහුදු රැල්ලටත්, මුහුදු සුළඟටත්, අව්වටත්, වැස්සටත් නිරාවරණය වෙමින් පාර දෙපස නවතා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ කිවුවත් තමන්ගේ හදවත දන්නවා කළදේවල්. (නි)
මේවා සහන මිලකට මිනිසුන්ට වෙන්දේසි කරන්නකෝ (නි)
සමහරුන්ට මේ වගේ අපරාද හොදයි.(හේ)
පාරෙ වාහන නවතා තබන්න කාගෙන් තහනමක්ද? (නි)
ඔය වාහන වලින් වැඩක් ගන්න අපි කියනකම් ඉන්න ඕනි නැහැනේ.නිකම් බොරු ෂෝ දාන්නේ නැතුව රටට පලක් ඇති දේවල් කළොත් තමයි හොද.මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.ලංකාවටත් වෙච්චි දෙයක්. (ත)
සමහරු උදේ නැගිටපු වෙලේ සිට රෑ නින්දට යනතුරු කල්පනා කළේ රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසාකන හැටි (නි)
මං හිතන්නේ හෝදලා පිරිසිදු කරන්නතත් කවුරුහරි ඇති. ලස්සනට තියෙන්නේ සේල් එකක් වගේ. අනේ මෙහෙම මෝඩ මිනිස්සු! (නි)
මේ වාහන එතකොට කාටවත් අයිති නැද්ද? (නි)
දුප්පත් ජනතාවගේ මුදල් කාබාසිනියා කරපු ඇත්තන්ට නම් හොඳක් වෙන එකක් නෑ (බ)
හොර නඩය අපි හිතුවට වැඩිය මාර විදියට හොරකම් කරලා තියෙන්නේ. ඕව පාවිච්චි කරපු අය තමයි දැන් අතන මෙතන රැස්වීම් තියන්නේ. (නදී)
ජාතික අපරාද. රට කෑවා පව් මේ රට (නදී)
හරි දැන් කොහොම හරි මේ වාහන තියනවනේ? ඉතින් ඒවාට කරන දෙයක් කරන්න බැරි මොකද දිරනකන් බලන් ඉන්නේ? අනික එක වාහනයක් ජී නොම්මරයක්, මහින්දගේ කාලෙ කොහේද ඒ නොම්මර දුන්නේ? (නදී)
මේවා අපේ සල්ලි නේද? අසරණ මිනිස්සු කීදෙනෙක් ජීවත් කරවන්න තිබුණු සල්ලිද.? (ර)
අතුරුදහන් උන වාහන මේ ගොඩේ ඇති. (ර)
මෙච්චර කල් දකින්න නැතුව ඇති නේද.? (ර)
ඉන්දික ,රජයේ ආයතන වල වාහන වලට ආයතනයේ නම සඳහන් කරලා සළකුණක් දානවා.ආයතනය බාරේ වාහන තියන්න ඕනෑ.වාහන පිළිබඳව තොග පොතක් පවත්වාගෙන යන්න ඕනෑ.ආයතනයේ වාහන සම්බන්ධව නිලධාරියෙක් ඉන්නවා.පාවිච්චි කරන ආයතනයේ නමට මෝටර් රථ ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න ඕනෑ. එහෙම නැතුව රජයේ ආයතන වල වාහන තියෙන්න බැහැ. (නි)
ඉතින් මේ වාහන මොකටද පාර අයිනේ නවත්තල තියන්නෙ? ඒවයෙ ගියොත් ඇඟේ මොනවහරි ගෑවෙනවද? නැත්නම් ප්‍රදර්ශන භාණ්ඩ විදියට තියනවද දන්නෙ නෑ. නාස්තිය පිටුදකිනවා කියමින් නාස්තියම කරන එක තමයි ලස්සන වැඩේ.(හේ)
මෙව්වා පෙන්න පෙන්න ඉන්නේ නැතුව වෙඩක් ගන්න ක්‍රමයක් හොයල බලන්න. අඩුම ගානේ අඩු ලීසිං වාරික වලට ගන්න පුළුවන් අයට විකුනන්න. අපි අවුරුදු ගණන් මැරෙනවා වාහනයක් ගන්න සල්ලි එකතු කරන්න. ඔය වාහන විකුනන්න. රජයටත් ආදායමක්. (ර)
මගේ වාහනයත් එතන තියෙනවා. කොයි වාහනද ජනපති කාර්යාලයේ ඒවා. (ර)
දුප්පත් අපිට වාහනයක් ගන්න ක්‍රමයක් නැහැ. ඒත්... (ර)
කාගේ සල්ලිද මේ?? (නි)
මේ වාහන වලට අයිතිකාරයෝ ඇති (නි)
තවත් කට්ටියක් එකතුවෙලා මේ වගේ රටේ දේවල් විනාශ කළ අය නැවත ගෙනෙන්න යනවා. රටේ සේවකයෙක් අද මේ දේවල් කළා නම්,ඒ මිනිහගේ දේපළත් නැතිකරලා ඉවරයි. මෙයාලා උඩ පැන්නට දැන් වැඩක් නැහැ. (නි)
මහජනයා කඳුළු සැලුවාට මදි. රාජපක්ෂලාට ගැති බව අතහරින්නත් වෙනවා (නි)
අපේ රටේ ජනතාවගෙන් 42%කට දවසට එකවේලක් හරියට කන්න නැහැ. මේ වගේ අපරාධ කරන සහ කළ අයට යන්න අපායවලුත් නැහැ (නි)
මේ වාහන ඉතා පිරිසිදුවට තියෙනවා කාලයක් තිස්සේ ගාල් කරපුවා නොවේ. මගඩියක් වගේ. (ර)
මේ අව්වේ වේළෙන්නේ අපේම මුදල් නොවේද? (නි)
අපේ බදු මුදල් වලට ගිය කලක් ! (නි)
දෙගොල්ලම එකයි. ජනතාව වැඩිම දෙනෙක් පක්ෂ ගැතියෝ, කොටසක් නින්දේ, සුළු පිරිසක් විරෝදය පලකරනවා. (ර)
වසන්ත, මටත් ඒක හිතෙනවා. වාහන යට වත් කුණු පොදක් නැහැ. (ර)
මේවා එක් කෙනෙක්ගේ පාවිච්චිය ගත්ත ඒවා නෙවේ. ජනාධිපති කාර්යාලය යටතේ පවතී ආයතන සිය ගණනකට අයිති ඒවා. දැන් සමහර විට එම ආයතන එක එක අමාත්‍යංශ වලට බෙදිලා ගිහිල්ල ඇති. මේවත් ඉතින් බොරු ෂෝ තමයි.(හේ)