ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
එහි වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා එක වරක් කැප වන විට ජනතාව සිය වරක් ඉදිරියට එනු ඇත (දිල්)
කෝටි 9000 කින් මොනවද කලේ.? (ර)
ජයවේවා.! ජනපතිඳුනි, මෙවැනි දේවලින් ඔබ පරමාදර්ශී චරිතයක් වෙනු නොඅනුමානයි. (ර)
මේ අඩු කළ වියදමින් කොයාතරම් දේවල් කරන්න පුළුවන්ද?(හේ)
ජය වේවා (නදී)
මෛත්‍රී රනිල් ඔබට ජය ! (නදී)
තමන්ගේ සැපට වෙන් කළ කෝටි ගණනක් කපා හැර එය ජනතාවට ලබාදුන් ඔබට දීර්ගායු වේවා.... ජනපතිදුනි.(දිල්)
දැන් බන්දුල යහපාල මේ දුන්න එකේ වැරද්දක් සොයන්න තරු ගණිනවා ඇති. (නදී)
ඇත්තටම මමත් මහින්ද මැතිතුමා ගේ පැත්තට කතා කල කෙනෙකු උනත් රුපියල් කෝටි 9500 නම් ඇත්තටම වැඩියි. මේ මුදල් රටේ අහිංසක දුප්පත් ජනතාවට සහනයක් වෙන්න බඩු මිළ අඩු කල එක නම් අගේ කොට සලකනවා. (නදී)
අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
දැන් තේරෙනවනේ ඉස්සර අපිට දුක් විඳින්න වුණේ, හිඟානොකා හිඟා කන්න වුණේ කාට සැප දෙන්නද කියලා. (නි)
තමන්ගේ සැපට වෙන් කළ කෝටි ගණනක් කපා හැර එය ජනතාවට ලබාදුන් ජනපතිදුනි, ඔබට දීර්ගායු වේවා.! (ර)
කතිරේ ගහන්න කලින් මම දෙපාරක් කල්පනා කරා. ඒත් දැන් මම ගත්ත තීරණය ගැන සතුටු වෙනවා හදවතින්ම. (නදී)
හිටපු අය කොහොම කෑමක් ද කාල තියෙන්නේ. ටිකක් ජනපති මන්දිරේ දන්සලෙන් ජනතාවටත් කන්න දුන්නා. ඒ කාපු නිසා ජනතාව කට අරින්න බැරිඋනා. යහපාලනයට යහපතක්ම වේවා (නදී)
අර කලින් තිබුන , තැනක් නොතැනක් නොබලා හැමෝගෙම දුරකථන ටැප් කිරීමේ විලි ලජ්ජා නැති ජරා වැඩෙත් වහාම නතර කරලාලු. (නදී)
ඔය කව්රු කීවත් ලෝක ධර්මතාවයට එරෙහි වෙන හැමෝටම වෙන්නේ වලපල්ලට යන්න. (නදී)
හිටපු ජනාධිපතිගේ වියදම රුපියල් කෝටි 9000 ක් කියන්නේ "කජු අැට කොස් අැට" නෙමෙයි නේද? රටේ තේ කහට කෝප්පය බිල පාසල් ගිය දරුවන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් හිටියා. රටේ ජනාධිපතිගේ වියදම වසයෙන් රුපියල් කෝටි 9000 ක් වියදම් කිරීම මොන තරම් අපරාදයක්ද? (නදී)
අපි උදේ සිට රෑ 1-2 දක්වා කී බෝර්ඩ් එකේ අකුරු මැකෙන කම් පසු ගිය ක්‍රමයට අපේ විරුද්ද අදහස් ප්‍රකාශ කලේ මේ දේ දකින්න තමයි. අපේ දරුවන් මොන තරම් වාසනාවන්තද කියල හිතෙනවා. (නදී)
මහපොලවේ පය ගහල ඇවිදින ජනාධිපති කෙනෙක් අපිට ඉන්නවා කියන සතුටම ඇති. (නදී)
මේවා තමයි කරන්න ඕනේ , රටේ කන්නවත් නැති අය කොයිතරම් ඉන්නවද බඩු මිලත් අඩු කළොත් තවත් හොදයි.(හේ)
යහ පාලනය කියන්නේ ඕකට. එම මුදලේ ප්‍රතිලාභ ජනතාවට. විශිෂ්ටයි. හිටපු ජනපති ඇතුළු පිරිස නාස්ති කරපු තරම පේනවා නේද? මෛත්‍රී පාලනයට ජය වේවා. (දිල්)
හුරේ... (ර)
මෙන්න යහ පාලනය. රටේ ජනතාව දුක් විදිද්දී ජනාදිපතිතුමා විතරක් සැප ගන්න එක අසාධාරනයි. අපේ ජනාදිපතිතුමාට ජයවේවා (නදී)
ඒක නම් හොඳයි (නදී)
මේ විදිහට හැම දාම වෙනවනම්, රටේ වාසනාව. (ර)
පස්සේ කාටත් හොරා වැඩි කරන්නේ නැතුව අනෙකුත් සියලු අනවශ්‍ය වියදම් අඩු කරනවාට මහජනයා කැමතිය. දැයට කිරුළ අහෝසි කරනවා වගේම ගම් උදාව නැවත පන නොගැන්වීමද කළ යුතුය. (ර)
යහපාල උන්නැහේ , මෙන්න යහපාලනේ වැඩ ! කුහක කම් පැත්තකට දාල මේවා ගැන හිතල සතුටෙන් ප්‍රතිචාර දැම්මොත් මොන තරම් අගේද ? මොකද අපි හැමෝම මේ රටේ දරුවෝ !(දිල්)
මේවා වලට යන වියදම ජනතාවට හිමිකරදීම අපි අගය කරන්න ඕන.දුප්පත් ජනතාව ගැන හිතන ආණ්ඩුවකට සහය දීම ජනතාව තීරණය කරවී.ජයවේවා!!(හේ)
ජයවේවා ජනපතිදුනි, අනිත් සියල්ල නැතත් මෙවැනි දේවලින් ඔබ පරමාදර්ශී චරිතයක් වෙනු නොඅනුමානයි.(හේ)
අගය කලයුතු දෙයක්. (ර)