යුද ගැටුම් කාලයේ අතුරුදන්වූවන් ගැන සෙවීමේ ජනාධිපති කොමිසම අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදන් වූ අයගේ නෑයන්ගේ සාක්ෂි විමසීමට මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියේය. අතුරුදන්වූ බව කියන 250ක නෑයන්ගේ සාක්කි විමසීමට කොමිසම සැළසුම් කැර තිබිණි. ඒ අතර ජනපති කොමිසමට එරෙහි තවත් සංවිධානයක පිරිසක් මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ. ඔවුන් කියා සිටියේ දේශීය නියෝජිතයන්ගේ කොමිසමකින් තමන්ට සාධාරණය ඉටු නොවන බවයි. ඒ සඳහා විදේශ නියෝජිතයන් අවශ්‍ය බව උතුරු නැගෙනහිර අතුරුදන්වූ අයගේ දෙමාපියන්ගේ සංවිධානය කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසාද්, ඔයා හරි (නි)
විදේශීය නියෝජිතයන් ඉල්ලන අය විදේශයකටම ගියානම් හරිනේ. (නදී)
බස් බෝම්බ වලට, දුම්රිය බෝම්බ වලට, මහමඟ බෝම්බ වලට, මායිම් කියලා තිබුණු ගම්මාන වල බෝම්බ වලට ගොදුරුවුණ අය ගැන කවර කතාද? ඇයි එක් කොටසක් ගැන විතරක් බලන්නේ? (නි)
ඕකට දේශීය නියෝජිතයන්ට වත් විදේශීය නියෝජිතයන්ටවත් උත්තර දෙන්න බැහැ. ඔය කට්ටියට මොකද උනේ කියල දන්නේ ඒ කාලේ කොටි නායකයෝ තමා.(නදී)
දැන් මෙයාලගේ ඉල්ලීම් එන්න එන්නම වැඩියි අපිට දෙයක් ඉල්ලන්න කාලයක් නෑනේ සේරම දෙන්නකෝ අපේ දරුවන්ට මුකුත් එපා (අ)
මස් රාත්තලම තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. (අ)
ඕවට කියන දේවල් ගැන නම් කියලා වැඩක නෑ (අ)
ඔයගොල්ලන්ට රට පනින්න ඕන වෙලා ලංකාවේ නම විකුනන්න ඕනේ...(නදී)
ඔය අතුරුදන් කට්ටිය වෙන රටවල ඉන්නවා. කැනඩාව, ඔස්ට්‍රේලියාව ස්වීඩනය, ප්‍රංශය ආදී රටවලින් හමුවෙයි චෙක් කලොත්. මේ අය බොරු කරන්නේ.අපේ රටට අවමන් කරන්නයි මේ ඔක්කොම උප්පරවැට්ටි දාන්නේ.( අතුරුදන් වුන පොලිසියේ , ත්‍රිවිද හමුදාවේ අය ගැන කවුද අද කතා කරන්නේ? ) (නදී)
දකුණ තේරුම් නොගත්තට උතුරු නැගෙනහිර එම බලය සංවිධානාත්මකව මෙහෙයවනවා. ඉකුත් වූ දින 100 වෙනසට දුන්න පොරොන්දු තේරුම් ගන්න අමාරු නැහැ.(නදී)
ලංකාවේ හැටි තමයි (බ)