IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති කොමිසමේ නිලධාරීහු මහින්දගේ නිවසට යති

පසුගිය රජය සමයේ  සිදු  වු  බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා  බරපතල දුෂණ හා වංචා  විමර්ශන කොමිෂම හමුවට කැඳවනු ලැබ සිටියත් ඔහු නොපැමිණීම නිසා කොමිසමේ නිලධාරීන් තිදෙනකු අද සවස මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසන් සභා ආරංචි කියයි.

ජනාධිපතිවරණ සමයේ හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ  ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට  අධික දැන්වීම්  ප්‍රචාරය කර  ඇති බවත්  ඒ වෙනුවෙන්  ගෙවිය යුතු මුදල්  නොගෙවිම නිසා  ස්වාධින රූපවාහිනියට  පාඩු සිදුවීම ගැන  කරන පරික්ෂණ සඳහා  ප්‍රකාශ ගැනීමට  ඔහු කොමිසම හමුවට  කැදවීමට  පියවර  ගත් බවත් දැනගන්නට ඇත.

ස්වාධින රූපවාහිනි සේවයේ  විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර  විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි  05 වැනි දා  අතර  කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  දැන්විම්  පළ කිරිමට  ගිවිසගෙන තිබී  ඇති  අතර  ඒ සඳහා  රුපියල්  62,639,600  ක්  ගෙවා ඇති  බව එම පරික්ෂණයේ දී  හෙළි වී  තිබිණි.

ඒ දැන්වීම් වලට අමතරව  රුපියල්  101,773,058 ක් ස්වාධින රූපවාහිනි  නාළිකාවක  ඔස්සේ විකාශනය කර   ඇතැයි ද මෙතෙක්    මුදල්  ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී  සොයාගෙන ඇත.

මීට  අමතරව රුපියල් 44,678,812 ක දැන්වීම්  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන්  ස්වාධින රූපවාහිනිය ඔස්සේ  විකාශනය කිරිමට  ගිවිසගෙන සිටියත්  ඉන් විකාශනය කර ඇත්තේ  රුපියල් 2,647,812  ආසන්න දැන්වීම් බවත්  ඉතිරි  මුදල සිරිසේන මහතාට  ගෙවීමට සිදුව ඇති  බවද පෙන්වා  දෙන විගණන වාර්තාව එලෙස ආපසු  මුදල් ගෙවීමට  සිදුවිම  මගින් ද ස්වාධින රූපවාහිනියට  පාඩු සිදු වී  ඇති  බවත් සඳහන්  කරයි.

 



අදහස් (0)

ජනපති කොමිසමේ නිලධාරීහු මහින්දගේ නිවසට යති

ප්‍රසන්න Thursday, 24 September 2015 08:14 AM

මෙය අතිතයේද බලයේ සිටි සියලුම පක්ෂ කල ක්‍රියාවකි. අපි මෙය ජේ ආර් කළ සිට දැක ඇත. නමුත් සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න කරන යෝජනා දන නමා පිළිගැනීමෙන් මිත්‍රශීලිරටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති,අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති. ඊට අමතරව එන ෆෙඩරල් ක්‍රමය වැනි ක්‍රියාවන් අපගේ නැවත ඉපදෙන්න සිටින පරම්පරා වලටත් වන්දි ගෙවීමට සිදුවනු ඇත. අප බැලිය යුත්තේ පළමුව නිදහස් ඒකීය ලංකාවක් නොවේද? (අ)

:       0       0

බණ්ඩාර Thursday, 24 September 2015 01:25 AM

ඔහුට පමණක් වෙනම නීතියක්ද? (නි)

:       0       0

විජේතුංග Thursday, 24 September 2015 01:50 AM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

මොහාන් Thursday, 24 September 2015 02:26 AM

සත්‍යයා මිනිසෙකුගේ පෞරුෂත්වය හා උදාරත්වය රැඳී තිබෙන්නේ සත්‍යගරුක හා යුක්තිගරුකව සිටින තාක් පමණක් නම් ලංකාවේ කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නෑ. ඔයත් ඇතුළුව.(බ)

:       0       0

ගාමිණී Thursday, 24 September 2015 02:37 AM

නඩුව සමතයකට පත් කරගන්ඩ බොරු චෝදනා නම් එපා. ජනතා සල්ලි අයථා ලෙස පාවිච්චි වුනා නම් ආපසු අය කර ගත යුතුයි (බ)

:       0       0

ලුම්බිණි Thursday, 24 September 2015 02:39 AM

හොඳට ගරු නම්බු ලබල ඉන්න තිබුන කෙනෙක් අද පත් වෙලා තියෙන තත්වය. හරිම කනගාටු දායකයි. (බ)

:       0       0

රෝහණ Thursday, 24 September 2015 03:12 AM

නිතිය පොදු ජනතාවටයි. පාලකයන්ට නොවේ. මේ වගේ රටවල් හැදෙන්නේ කවදාද? (ම)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 24 September 2015 03:31 AM

ඔබ අපි දකින සුන්දර රුව මතුපිටින් තිබුණට .....මිනිස් සිත කොතරම් වංචා සහ දුෂන වලින් පිරිලද .උදයේ හවහ මල්වට්ටි කරතියන් පන්සල් ගානෙ දුව දුව ලොවටම පෙන්නන මායාව මෙතරම් පහත්ද (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 05:20 AM

රජතුමාගේ රාජකීය ඔටුන්නේ මැණික් ගලෙන් නිකුත් වන ඇස් නිලංකාර වන රැස් කදම්බයෙන් සියලු වැරදි වැසී යනවායි කියමනක් ඇත. (බ)

:       0       0

ශානක Thursday, 24 September 2015 05:22 AM

එතකොට මෛත්‍රීටත් නඩු දානවද (බ)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 02:28 AM

මොහාන්, සත්‍යයට පිටුපාන්න අභියෝග කරන්න ගිහින් හිටපු ජනාධිපතිට වෙච්ච දේ දැක්කනේ. ලංකාවේ මිනිසුන් සැවොම ඔබ කියන ගණයට වැටෙන්නේ නැහැ. (නි)

:       0       0

ගලේගොඩ Wednesday, 23 September 2015 04:23 PM

මේවා නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නොයෙල් Wednesday, 23 September 2015 05:38 PM

මේවා කියවන අපිට පිස්සු හැදෙනවා. තව ටික දවසකින් චෝදනාව ඉල්ලා අස්කර ගත්තා කියලා කියන්න නම් එපා (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 23 September 2015 05:54 PM

එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

ලාල් Thursday, 24 September 2015 07:07 AM

මේ විදුලිපුටුවට යන්න බය නැහැ කියපු කෙනා නේද කොමිෂම් හමුවට නිර්භීතව ඉදිරිපත්වෙන්නෙ නැතුව ඇඹරෙන්නේ?මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියා සියළුම දෙනා අවබෝධ කරගත යුතුයි. (අ)

:       0       0

විජිත Wednesday, 23 September 2015 07:59 PM

ඇයි ඔහුට නීතියට හිස නමන්න බැරි? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 23 September 2015 07:58 PM

ඔහු රටේ නීතියට ගරු නොකරන බව නේද මෙයින් ඔප්පුවුණේ? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 23 September 2015 08:45 PM

හොඳට බැට කාලා ජනාධිපති අසුන අහිමි වුණා මදිවට, අගමැති පුටුවත් ලිස්සල ගියා වගේම, විරුද්ධ පක්ෂ නායකකමත් හුළගේ ගියා වුණත්, ආඩම්බරකම නම් තවම ගිහිල්ලා නැහැ වගෙයි. වැරදි, වංචා ආදිය නොකළා නම් මොකද උත්තර දෙන්න බය? (නි)

:       0       0

කුලරත්න Wednesday, 23 September 2015 11:47 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:04 AM

මිනිසෙකුගේ පෞරුෂත්වය හා උදාරත්වය රැඳී තිබෙන්නේ සත්‍යගරුක හා යුක්තිගරුකව සිටින තාක් පමණයි. මෙයා ඒක නැති කරගත්තේ බලයේ ඉන්න කාලයේමයි. දැන් පැරදිලා මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳගෙන මේ දෙන ආදර්ශය කොතරම් ළාමකද? මොහු ළඟට නිලධාරීන් ගෙන්වා ගත්තත් මෙයා කොමිසම හමුවට ගියත් කියන්න තියෙන්නේ එකම දෙයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site