පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල දුෂණ හා වංචා විමර්ශන කොමිෂම හමුවට කැඳවනු ලැබ සිටියත් ඔහු නොපැමිණීම නිසා කොමිසමේ නිලධාරීන් තිදෙනකු අද සවස මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසන් සභා ආරංචි කියයි.
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට අධික දැන්වීම් ප්‍රචාරය කර ඇති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවිම නිසා ස්වාධින රූපවාහිනියට පාඩු සිදුවීම ගැන කරන පරික්ෂණ සඳහා ප්‍රකාශ ගැනීමට ඔහු කොමිසම හමුවට කැදවීමට පියවර ගත් බවත් දැනගන්නට ඇත.
ස්වාධින රූපවාහිනි සේවයේ විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි 05 වැනි දා අතර කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්විම් පළ කිරිමට ගිවිසගෙන තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 62,639,600 ක් ගෙවා ඇති බව එම පරික්ෂණයේ දී හෙළි වී තිබිණි.
ඒ දැන්වීම් වලට අමතරව රුපියල් 101,773,058 ක් ස්වාධින රූපවාහිනි නාළිකාවක ඔස්සේ විකාශනය කර ඇතැයි ද මෙතෙක් ඒ මුදල් ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී සොයාගෙන ඇත.
මීට අමතරව රුපියල් 44,678,812 ක දැන්වීම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරිමට ගිවිසගෙන සිටියත් ඉන් විකාශනය කර ඇත්තේ රුපියල් 2,647,812 ආසන්න දැන්වීම් බවත් ඉතිරි මුදල සිරිසේන මහතාට ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දෙන විගණන වාර්තාව එලෙස ආපසු මුදල් ගෙවීමට සිදුවිම මගින් ද ස්වාධින රූපවාහිනියට පාඩු සිදු වී ඇති බවත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අතිතයේද බලයේ සිටි සියලුම පක්ෂ කල ක්‍රියාවකි. අපි මෙය ජේ ආර් කළ සිට දැක ඇත. නමුත් සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න කරන යෝජනා දන නමා පිළිගැනීමෙන් මිත්‍රශීලිරටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති,අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති. ඊට අමතරව එන ෆෙඩරල් ක්‍රමය වැනි ක්‍රියාවන් අපගේ නැවත ඉපදෙන්න සිටින පරම්පරා වලටත් වන්දි ගෙවීමට සිදුවනු ඇත. අප බැලිය යුත්තේ පළමුව නිදහස් ඒකීය ලංකාවක් නොවේද? (අ)
ඔහුට පමණක් වෙනම නීතියක්ද? (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
සත්‍යයා මිනිසෙකුගේ පෞරුෂත්වය හා උදාරත්වය රැඳී තිබෙන්නේ සත්‍යගරුක හා යුක්තිගරුකව සිටින තාක් පමණක් නම් ලංකාවේ කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නෑ. ඔයත් ඇතුළුව.(බ)
නඩුව සමතයකට පත් කරගන්ඩ බොරු චෝදනා නම් එපා. ජනතා සල්ලි අයථා ලෙස පාවිච්චි වුනා නම් ආපසු අය කර ගත යුතුයි (බ)
හොඳට ගරු නම්බු ලබල ඉන්න තිබුන කෙනෙක් අද පත් වෙලා තියෙන තත්වය. හරිම කනගාටු දායකයි. (බ)
නිතිය පොදු ජනතාවටයි. පාලකයන්ට නොවේ. මේ වගේ රටවල් හැදෙන්නේ කවදාද? (ම)
ඔබ අපි දකින සුන්දර රුව මතුපිටින් තිබුණට .....මිනිස් සිත කොතරම් වංචා සහ දුෂන වලින් පිරිලද .උදයේ හවහ මල්වට්ටි කරතියන් පන්සල් ගානෙ දුව දුව ලොවටම පෙන්නන මායාව මෙතරම් පහත්ද (ම)
රජතුමාගේ රාජකීය ඔටුන්නේ මැණික් ගලෙන් නිකුත් වන ඇස් නිලංකාර වන රැස් කදම්බයෙන් සියලු වැරදි වැසී යනවායි කියමනක් ඇත. (බ)
එතකොට මෛත්‍රීටත් නඩු දානවද (බ)
මොහාන්, සත්‍යයට පිටුපාන්න අභියෝග කරන්න ගිහින් හිටපු ජනාධිපතිට වෙච්ච දේ දැක්කනේ. ලංකාවේ මිනිසුන් සැවොම ඔබ කියන ගණයට වැටෙන්නේ නැහැ. (නි)
මේවා නම් අනුමත කරන්න බැහැ (නි)
මේවා කියවන අපිට පිස්සු හැදෙනවා. තව ටික දවසකින් චෝදනාව ඉල්ලා අස්කර ගත්තා කියලා කියන්න නම් එපා (නි)
එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
මේ විදුලිපුටුවට යන්න බය නැහැ කියපු කෙනා නේද කොමිෂම් හමුවට නිර්භීතව ඉදිරිපත්වෙන්නෙ නැතුව ඇඹරෙන්නේ?මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියා සියළුම දෙනා අවබෝධ කරගත යුතුයි. (අ)
ඇයි ඔහුට නීතියට හිස නමන්න බැරි? (නි)
ඔහු රටේ නීතියට ගරු නොකරන බව නේද මෙයින් ඔප්පුවුණේ? (නි)
හොඳට බැට කාලා ජනාධිපති අසුන අහිමි වුණා මදිවට, අගමැති පුටුවත් ලිස්සල ගියා වගේම, විරුද්ධ පක්ෂ නායකකමත් හුළගේ ගියා වුණත්, ආඩම්බරකම නම් තවම ගිහිල්ලා නැහැ වගෙයි. වැරදි, වංචා ආදිය නොකළා නම් මොකද උත්තර දෙන්න බය? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මිනිසෙකුගේ පෞරුෂත්වය හා උදාරත්වය රැඳී තිබෙන්නේ සත්‍යගරුක හා යුක්තිගරුකව සිටින තාක් පමණයි. මෙයා ඒක නැති කරගත්තේ බලයේ ඉන්න කාලයේමයි. දැන් පැරදිලා මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳගෙන මේ දෙන ආදර්ශය කොතරම් ළාමකද? මොහු ළඟට නිලධාරීන් ගෙන්වා ගත්තත් මෙයා කොමිසම හමුවට ගියත් කියන්න තියෙන්නේ එකම දෙයයි. (නි)