
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පැවැත්වීමට නියමිතය. එහිදී මෙම ඉල්ලීම කිරීමට විපක්ෂයේ මන්ත්රීවරු බලාපොරොත්තු වෙති.
මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු ඉදිරි කටයුතුද මෙහිදී තීරණය කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ විශේෂ කතාව සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු විශේෂ රැස්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු ප්රධානීහු පවසති.
එම රැස්වීමට සහභාගී වන ලෙස සියලු මන්ත්රීවරුන්ට දන්වා යවා ඇතැයිද ඔවුහු සඳහන් කරති.
ජනාධිපතිවරයා ඊයේ (26) ජාතිය අමතමින් කතා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන මොනවද විවාද කරන්න තියෙන්නේ, මිනිස්සු දැනටම විවාද කරලා ඉවරයි. යන්නකෝ යූ ටියුබ් එකට, ෆේස් බුක් එකට, අම්බානකට විවාද තියෙනවා.
මහජනතාවගේ සල්ලි විනාශ කරනවා..
මාසයකට දෙකකට සැරයක් ඇවිල්ලා බොරු කයිවාරු ටිකක් ගහලා යනවා, ඒක අල්ලාගෙන මෝඩ විපක්ෂය දවසක් දෙකක් තලුමර මර බයිලා ගහලා රටේ මුදල් නාස්ති කරනවා. මොලයක් තියෙන විපක්ෂයක් නම් මේ බොරු කයිවාරුව වර්ජනය කරන්න ඕනා.
මට හිතෙන විදියට මොන්ටිසෝරි ළමයි ඔය පාර්ලිමේන්තුවට දැම්මා නම් ඔයිට වඩා දෙයක් රටට කරයි.
කලින්ම පෝස්ටර් සහ දැන්වීම් වලට වියදම්කලා. ඒවට අනුග්රාහකයො සල්ලි දුන්නට ඒව හමිබ කරගන්න මහජනයව පීඩාවට පත්කරල එම වියදම වගේ දහපහලොස් ගුණයක් හම්බ කරගන්න අවස්තාව සලසලා දිය යුතුයි. දැන් කෙලින්ම මහජනතාවගෙ සල්ලි නාස්තිකරන තව අවස්තාවක්. අනේ අනිච්චේ කිව්වලු
අනේ සත පහකට වැඩකට ඇති දේවල් වලටද මේ ලක්ෂ ගණන් වියදම් කරලා වාද කරන්නේ?