සාර්ථක දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය.
ලන්ඩන් නිල සංචාරය නිමා කරමින් ඉකුත් 13 වැනිදා ඉන්දියාව බලා පිටත් වූ ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය පදනමේ නියෝජිතයන් සමග ද සාකච්ඡා පැවැති අතර ඉන්දීය මධ්‍ය ප‍්‍රදේශයේ පැවති කුම්භමේලා හින්දු ආගමික උත්සවයට ද ජනපති සහභාගී වීමෙන් පසු සාංචි නුවර ස්ථාපිත කර තිබූ අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන් වල සාර්ථකකම දැනට තීරණය කරන්නේ රජයේ මාධ්‍යය. ඒවායේ සාර්ථක අසාර්ථකකම අනාගතයේදී දැනගන්න ලැබෙන්නේ ඊළඟට බලයට පත්වෙන කණ්ඩායමෙන්. (නි)
මේ සාකච්ඡා වල නිල වාර්තා ජනතාවට කියවීමට සළස්වන්න. ඒ වගේම මේ නිල ගමන පිළිබඳ නිල වාර්තාවකින් ජනතාව දැනුවත් කරන්න. එමගින් යහපාලනය අර්ථවත් කරන්න. (නි)
අපි ජනාධිපතිතුමාගේ දූෂණයට එරෙහි සමුළුවේ මාධ්‍ය හමුව දැක්කා. ඔබතුමා ලංකාව ඉහළින්ම ඔසවා තැබුවා (නි)
දිගටම සාර්ථක නිල සංචාර වල නම් යෙදෙනවා. හැබැයි කළ දෙයක් නම් නැහැ. මේ ටික කාලෙට රටවල් කීයක නම් සංචාරය කළාද? (නි)
මෙතුමාගේ පාලනය තුළ ඇතිවුණ සෙත මොකද්ද අපිට? (නි)
හැමෝම ආදරයෙන් පිළිගත්තා. අපේ රට මහත් ආඩම්බරයක් (නි)
ලලිතා ඇන්ටි විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැද්ද ඉන්දියාව තරණය කළාට? මේ දවස්වල ඡන්දෙත් උණුසුම්නේ එහෙ. (නි)
දූෂණ වංචා ගැන ලෝකෙට කිවුවාට ඔය පැනමා කළු සල්ලි කියන්නේ රටේ ජනතාවගේ සුභසාධනයට වියදම් කරන්න තිබුණු මුදල් නේද? රෝගීන්ට බෙහෙත් ලබා දෙන්න වෙන් කරතිබුන මුදල් නේද? විශ්‍රාමිකයන්ට ලැබෙන්න තිබුන විශ්‍රාම වැටුප් නේද? (නි)