පකිස්ථාන නිල සංචාරය අවසන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් පාකිස්ථානයේ කරච්චි නුවර සිට ඊයේ රාත්‍රී 9.40 ට දිවයිනට පැමිණියේය.
ජනපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව පුළුල් කරගැනීම උදෙසා ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් වැදගත් ගිවිසුම් කිහිපයකටද එළැඹිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරවීර මහත්තය අන්තිමට කියල තියෙන වදන හරි කියල හිතෙනවා ..දින 100න් සියල්ල අත් ඇරලා වෙස්සන්තර වෙන්න පොරොන්දුවෙලා ඒ හින්දම බහුතරයක සහයෝගය ගත් මනුස්සය අද තමන්ට අයත් නැති පක්ෂයක් බදාගෙන තමන්ට විරුද්ධව දුන් ඡන්ද ලක්ෂ 58 ක අයිතිය පාගල දාල ඒ මතය මංකොල්ල කාල ඒ පක්ෂයේ ඉන්න චිත්ත රෙදි ඇදගත් නපුන්සකයින් හරහා තමන්ගේ බලතල කප්පාදුව වලක්වල සම්භාව්‍ය නළුවෙකුගේ රගපෑම් රඟමින් ඉදිරි කාලය විධායකයේ රස විදින්න හදන මෙතුමා ඇත්තටම හොද මොළ කාරයෙක්..හැබැයි ඉතින් ජේ ආර් ගහපු ගැට එයාටම ආයේ පත්තු වුනා වගේ මෙයා ගහන ගැටත් මෙයාටම පාරාවළල්ලක් වෙන දවස වැඩි ඇතක නැති බවනම් ඉතාම හොඳින් පැහැදිලියි. (ස)
මහින්ද මහත්තයාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතු කරන මටත් , සුමුදු හේවටත් ,බන්දුල පෙරේරාටත් (ඔක්කොම එකයි ) ඒ සදහා හොද චේතනයක් ලැබෙනවා. නමුත් කිසිදු හේතුවක් නැතුව මෙතන කඩේ යන අය ගැන තමයි මට තේරෙන්නේ නැත්තේ. (ස)
පකිස්තානේම නැවතුනානම් නරකද? (ස)
හිතමිතුරු පාකිස්තානය... 30 වසරක යුධ ශාපය නිමකරන්නට දුන්නා අවංකව දිරිය (නි)
අපි අසල්වැසි රටවල් හා එකමුතුව ඉන්නතාක්කල් අපිට බාහිර රටවල බලපෑම් එල්ලවීම අවම කරගත හැකිය. (නි)
දැන් කහ ඉරි ළඟ වාහන නවත්තන්නේ නැද්ද ඒ දවස්වල මුහුණු පොතේ දැම්ම වගේ! (ම)
"සාමාන්‍ය මගී ගුවන් යානයකින්?..." (ස)
පකිස්ථානය අපේ සැබෑ මිතුරෙකි. අර වාසියට ලගට එන ඉන්දියාව වගේ නෙමෙයි.(නදී)
හෙට යන්නේ කොහෙද?මොකද ලංකාවේ එතුමාට ඉන්න තියෙන තැන පිනට දීපු නිසා! (බ)
ඔබතුමාට දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
නැහැ ලාල් දැන් සාමාන්‍යයෙන් අසාමන්‍යයි (නදී)
කොඩි වින අස්සේ සරල ආදරණීය නායකයා රටට වැඩක් කරන්න හදනවා. එ්කට අකුල් හෙලන්නේ සැබෑ දේශප්‍රේමීන් නොවේ. කළු ගල - මැණික් ගල හොදින් දන්නා මේ නිහතමානී නායකයා වට්ටන්න ලැබෙන්නේ නැහැ. ජේ . ආර් ගේ මොලේටත් ගහන්න පුළුවන් මොලයක් ඇති අයෙක්. (නදී)
බොහොම නිරවුල් මනසක් ඇති මිනිසුන්ට ආදරය කරන, රටට හොඳක් කල යුතුයැයි, සිතන අවංක සහ ප්‍රතිපත්ති ගරුක නායකයෙක්. මෙවැනි නායකයින් දෙදෙනකු රටේ ප්‍රධානින් වීම බොහොම දුර්ලබ අවස්ථාවක්. (නදී)
එන්නෙ නැතිව එහෙටම වෙලා හිටියනම් හොඳයි කියලත් හිතෙනවා. (නදී)
ඔබ තුමාගේ පක්ෂේ 19ට කැමති නෑලූ . ඉස්සෙල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගට ගන්න, 18 ගේනකොට අත උස්සල දැන් 19ට විරුද්ද වෙන්නේ වාසියට. (ස)