දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවර ගිය ජනාධිපතිවරයා එම සමුළුව අවසන් වීමෙන් පසු ලන්ඩනයේ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංය කියයි.
ජනපති සිය ඉන්දීය සංචාරයේදී එරට මධ්‍යප්‍රදේශ් හි උජේයින්හිදී පැවැත්වෙන උත්සවයකටද සහභාගී වීමට නියමිතය. මීට අමතරව මහබෝධී සංගමය විසින් සාංචි ප්‍රදේශයේ සංවිධානය කරන ආගමික වැඩසටහන් කිහිපයකට ද ජනපති සහභාගී වේ.
ලක් ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්විපාර්ශවික හමුවක් පැවැත්වීමටද නියමිතව ඇත.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට නියමිතය.
මේ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද ඉන්දියාවේ උජ්ජාන් ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීම සඳහා දැනටමත් පිටත්ව ගොස් ඇත.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ වැඩ! හිමිහිට මොලෙන් දෙන ගේම වඩා ශක්තිමත් නිකන් චොකා බයිලා නැතිව. (බ)
කොහොම වුනත් මහින්ද මහත්තයාගේ රෙකෝඩ් එක කඩන්න බැහැ (බ)
මේවා දැකලම අපිට දැන් එපා වෙලා අපි කල ගත් මෝඩ වැඩ ගැන හිතුනම. (ර)
කොහේ ගියත් හැමෝම අත දෙනවා ඔබ තුමාට අපිට හරි ආඩම්බරයි. (ර)
සවාරි යනවා කියලා ඒ කාලේ මහින්දට බනිනවා හැරෙන්න සමහරු වෙන මොනවද කළේ? (නි)
මෙන්න වැඩ. ඔහොම යමු (නි)
දුර ගමනක් මේ පාර ගිහින් තියෙන්නේ.(හේ)
රට සවාරි ගියාට කමක් නැහැ, රටට හිතකර වැඩ සඳහා පමණක් නම්. (නි)
අන්න එහෙම රඟපෑමත් ටික ටික ඕනෑ ඔතෙන්ට ආවාම. (බ)
ඔබතුමා මොළෙන් ගානට ගමන යනවා සන්තෝෂයි (බ)
ජනාධිපතිතුමාට එකක් කියන්නන් ඕනෑ. කොහේ ගියත් කමක් නැහැ, කතාකරන්න අපේ සිංහල භාෂාවෙන්. භාෂා පරිවර්තක කෙනෙක් තියාගන්න එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඔබ ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. (නි)
ඉන්දියාවේ යන එක බොහොම හොඳයි. අර පරණ එක්කෙනා වගේ කමිසේ ගලවලා දාලා බිම ඉඳගෙන බන අහන්නේ නැතිව. (බ)