IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනපති ඉල්ලා අස්වීම කතානායකට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත.

ඔහු මෙම ලිපිය එවා ඇත්තේ සිංගප්පූරුවේ සිටය.

රටේ ඇතිවූ කලබලකාරි තත්වය හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වී දිවයිනේ ආරක්ෂක ස්ථානයක රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ ද ආරක්ෂකයන් දෙදෙනකු ද සමග ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගිය 12 වෙනිදා මාලදිවයිනට පිටව ගිය අතර මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුවට පැමිණියේ අද පස්වරුවේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාගේ සහ නීති අංශවල විමර්ශනයට ලක් වෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අදාල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය තීරණ ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතානායකවරයාට එවා ඇති එම ඉල්ලා අස්වීමේ ලිපියේ මෙසේ සඳහන් වේ.

 



අදහස් (17)

ජනපති ඉල්ලා අස්වීම කතානායකට

සිංහලයා Thursday, 14 July 2022 07:42 PM

යුද්ධය ජයගන්න සේවයක් කරපු කෙනෙක් විදියට මෙතුමාව ආරක්ෂා කරගැනීම ලාංකිකයින්ගේ වගකීමක්... ජනාධිපතිකම දැරීම සහ අතහැරීම නිසාම මෙතුමාට රටේ ජීවත්වීම අහිමි කිරීම ඉතා නින්දිතයි...!

:       0       0

Dinesh Thursday, 14 July 2022 07:52 PM

අරගලයට ජයවේවා...!

:       0       0

චමින්ද Thursday, 14 July 2022 08:08 PM

ඒක වැරදීමක් ද දන්නෙ නෑ?.

:       0       0

chandima Thursday, 14 July 2022 08:15 PM

මදැයි කළා.. ඔන්න රනිල් අතිගරු ජනාධිපතිතුමෝ...! දැන්නම් ළඟදීම අකුලගෙන යන්නයි වෙන්නේ...! මම හිතුවේ කවදා හරි එනකල් වැඩබලන්න ලැබෙයි කියලා... දැන් මොකක්ද අඹරන ගැටේ..?

:       0       0

chandima Thursday, 14 July 2022 08:18 PM

එහෙනම් සින්ගප්පුරුවෙදි යන්න ඔන රටට වීස ලබෙන්න අති?

:       0       0

පාර කියන තරු Thursday, 14 July 2022 08:27 PM

රාජ්‍ය නායකයකු රට බාර ගන්නවිට හෝ රට නැවත බාර දීමේදී ලිපිය "සූම්" තාක්‍ෂණයෙන් හෝ තැපෑලෙන් ලියුම එවලා රට බාරදිය නොහැක... එවැනි වගකීම් පත්‍රයක්  අත්සන් කරන විට රාජ්‍ය නායක ලේකම්තුමා හා ජනාධිපති නීතීඥතුමා ඉදිරිපිට එය අත්සන් කර භාර දිය යුතුය...! මෙයින් අවබෝධ වන්නේ කුමක්දැයි ඔබට තේරෙන්න ඕනි...! එනම් තවම පුටුව මාරුකර නැත..! මෙහෙම හිතන්න.. විදෙස් ඇමති කෙනෙක් රාජ්‍ය කටයුත්තකට ජිනීවා විදේශයකට ගිහිල්ලා එනකොට ඒ තනතුර ඔබතුමාට දැන් නැහැ කියලා කිව්වොත් අපිට ඔබතුමා අත්සන ගහලා එවපු ලියුමක් තැපෑලෙන් ලැබුනා කීවොත් පිලිගන්නවද..??

:       0       0

සිල්වා Thursday, 14 July 2022 08:35 PM

ස්තූතියි ගෝඨාභය මැතිතුමනි. ප්‍රමාද වී හෝ මහජනයාට කණ්දුන්නාට.

:       0       0

sunimal Thursday, 14 July 2022 08:50 PM

මම අද සිට සිංහල නෙමෙයි.

:       0       0

hesa Thursday, 14 July 2022 09:27 PM

කතාව සත්‍යයක් නොවේ කියලයි හිතෙන්නේ...!

:       0       0

primeshika Thursday, 14 July 2022 09:52 PM

අද දවාලෙත් මේක සංසරණය වුණා අත්සන නැතිව...!

:       0       0

බද්රානි Thursday, 14 July 2022 09:59 PM

දැන් ඉතින් මේ රට ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස යහපත් මාර්ගයක ගමන් කිරීමට හොඳ අවස්ථාවක් තියෙනවා. රාජපක්ෂලා විසින් ඇතිකරනු ලැබූ නරුම දේශපාලන සංස්කෘතිය මේ රටින් අතුගා දැමීමට කාලය හරි. අරගලයට එක්වූ සැම දෙනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවිය යුතුයි..!

:       0       0

මැක්ස් Thursday, 14 July 2022 10:33 PM

අවලාද නඟන්නන් කුමක් කීවත් එතුමාගේ හෘද සාක්ෂිය ලිපිය පුරා ඇත. තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි...!

:       0       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 10:44 PM

ලියුම ලියලා තියෙන විදියෙන්ම හිතාගන්න පුළුවන් වැඩ කරපු විදිය කොහොමද කියලා... පහ වසර ළමයෙක්ට කිව්වා නම් ඔයිට වැඩිය ලස්සනට ලියලා දෙයි.

:       0       0

sathya Soundharya Thursday, 14 July 2022 10:57 PM

මේක අර ශෙයාර් වෙච්ච් බොරු ලියුමනේ. වෙනස අත්සන විතරයි...

:       0       0

chandima Friday, 15 July 2022 12:39 AM

විද්‍යුත් තැපෑලකින් ලියුමක් එතුමාම එව්වා කියන්නේ කොහොමද? මුරවචනය හොරකම් කරලා එතුමාගේ තැපැල් ගිණුමෙන් එව්වා වෙන්න පුළුවනි. ඇත්ත ලියුම තැපෑලෙන් ලැබෙන කල් විශ්වාස කරන්න එපා. අර ගැසට් එකත් එතුමාම අත්සන් කරලාද කියන්න බැහැ..!

:       0       0

chandima Friday, 15 July 2022 01:03 AM

ලියුම හරි කියලා බාර ගත්තොත් රනිල් මාසෙකට පූර්ණ බලතල වගේ ජනාධිපති වෙනවා. නොදුන්නොත් ගෝඨාභයගේ ඉතිරි කාලයට වැඩබලන ජනාධිපති වෙනවා.

:       0       0

Bunny Preena Friday, 15 July 2022 08:37 AM

ඔබට වැරැදුණයි 69 ලක්ෂයේ සුබසාධනය බලනවාට වඩා එක්තරා දූෂිත කිල්ලියකගේ මනදොළ පුරවන්නට, අයථා ලෙස මුදල් හම්බ කරන්නට අනුබල දීමට ක්‍රියාකිරීම නිසයි... ඉහිරුණු කිරට හඬලා දැන් වැඩක් නැහැ. ඔබට තෙරුවන් සරණයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site