
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත අද (22) පෙරවරුවේ ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති... දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා. මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ.. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
බෙල් හෙලිකොප්ටර් මෙහේ නැද්ද?
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
තානාපතිට අතට අත දුන්නේ නැහැනේ...?
රනිල්, සජිත් කාටත් කලින් මුලින්ම අවසන් ගෞරව දැක්වූවේ අනුර සහෝදරයා. මාලිමාව කොතැනත් අංක එක.