
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත අද (22) පෙරවරුවේ ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඉරාන තානාපති කාර්යාලයට
NAMAL Wednesday, 22 May 2024 01:24 PM
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති... දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා. මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ.. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
සුනිමල් Wednesday, 22 May 2024 06:43 PM
නිමල්ගෙ නමේ මුලට ඇ අකුරක් එකතුකලා නම් වටිනවා එහෙම කියන්නෙ තණකොළ කන එකෙකුට හැර වෙනත් කිසිවකුට ඔහොම කියන්න බැරිනිසා තමයි
යසරත්න Wednesday, 22 May 2024 01:30 PM
බෙල් හෙලිකොප්ටර් මෙහේ නැද්ද?
NAMAL Wednesday, 22 May 2024 01:32 PM
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
ජගත් ලියනගේ Wednesday, 22 May 2024 02:04 PM
තානාපතිට අතට අත දුන්නේ නැහැනේ...?
දසුන් Wednesday, 22 May 2024 02:19 PM
රනිල්, සජිත් කාටත් කලින් මුලින්ම අවසන් ගෞරව දැක්වූවේ අනුර සහෝදරයා. මාලිමාව කොතැනත් අංක එක.