(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වීම සදහා අද(30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සමග 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පිටත්ව ගියහ.
අද උදෑසන 8.20 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.282 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.මෙම ගුවන් යානය දහවල් 11.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් හැදිලා පරණ ලෙඩේ.
අම්මෝ ... මට බයක් දැනෙනවෝ..
මෝදී ඡන්දෙ දිනපු ක්‍රමය අහගෙන ඇවිත් මෙහෙත් උත්සහ කරලා බලන්න.
මෙයා රට යනවා කියන්නේ මෙහේ මොකක් අටවලා ගිහින්ද දන්නේ නෑ.
පළමුවන ප්රශ්නය : මේ මොධි අය්යේ ඔයා අපහු දිනුවේ කොහොමද ? දෙවන ප්රශ්නය : අපේ රටේ මිනිස්සු කැමති ඔය වගේ අයට නෙවෙයි. උන්ට ඕන එකක් මතක සතියයි. උන් කැමති නිකන් ඉදන් නොමිලේ ලැබෙන දෙයක් කන්ඩ. අපේ අයට යද්දී ගෙනියන්ඩ හාල් වෑන් එකක් දෙන්ඩකෝ.
තිරුපති වන්දනාවට ගියාද දන්නේ නැහැ
ආපහු ලංකාවට නොඑනවා නම් තමයි ගොඩක් හොඳ හිටන්...
ගියාට කමක් නැහැ. අන්දරේ වගේ ඉන්න ඕනේ හොඳේ...
මෝඩි මල්ලිගේ සැප දුක බලන්නට ගියාදෝ...// මෝඩි මල්ලිගේ දෙවෙනි දිනුමත් විමසුවාදෝ...// මොනදේ කරන්නත් බැස්සොත් එළියට කොලඹින්...// හාල්පාරුවෝ දකිනවා බැහැ අනේ හංගන්නට..//
නැග්ගොත් ෆ්ලයිට් එකට විහිළුවටවත් මම...// කලවැද්දන්, රිලවුන්, ගැරඬින් දකිනවා මනේ..// දැක්කත් කමක් නැහැ කට නැත පියාගෙන..// බූරුවෝ ගහනවා අඬබෙර රට දෙකවෙන්න..//
අපේ රටට දුන්නු ගින්දර ඉන්දියාවටත් දෙන්නද යන්නේ? තමන්ගේ රටේ තියෙන තත්වය අනුව, මෙයාට රට සවාරි යන්න පුලුවන්ද? මෝදිගෙන් අහගන්න තමයි. කකුල් දෙකෙන් හිටගෙන තනි තීරණ ගන්න ක්‍රමය. දෙවියන් නොරැවටීම තමයි ප්‍රධාන දේ... එකට වැඩකරන අයට දියයටින් ගින්දර නොයවන එක. මුළු රටක් අප්‍රිය කරන එකම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වීම ලෝකෙන්ම උතුම් රටේ...
මේ ආණ්ඩුව හත්පොලේ ගාගෙන තියෙන්නේ.. මුලින්ම රනිල් ඇමෙරිකාව එක්ක ගිවිසුම් අත්සන් කළ ආරක්ෂාව සම්බන්ධව.. ඊළඟට හමබන්තොට වරාය චීනෙට පවරලා දුන්නා.. දැන් ඉන්දියාවට ඕනේවෙලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂාවට සම්බන්ධ වෙන්න.. දැනටමත් ඇමෙරිකාව, චීනය මෙහෙ ගොඩබැහැලා ඉවරයි, දැන් ඉන්දියාවත් මෙහෙට ඒවි... එතකොට පාකිස්තානේ කොහොම හරි මුස්ලිම් ත්රස්තවාදීන්ගේ මාර්ගයෙන් හරි ලංකාවට රිංගාගනියි. ඊට පස්සේ අපිට රටක් නැහැ.. ලෝකේ ඉන්න ඔක්කොම තරහකාරයෝ ටික මේකට ගෙන ඔවුන්ගේ ක්‍රීඩා පිටියක් වේවි ලංකාව.. මුළු රටම අරාජික වේවි.. මේ මෝඩ අධම ආණ්ඩුව කරලා තියෙන හරිය දැනටම ඇති.. ලංකාවේ මිනිස්සුන්ගේ ඇස අැරෙනකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි.. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා නැහැ මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයන් අන්තිමට ඉන්න වෙන්නේ නරකාදියකයි...