
(විමුක්ති එස් රුද්රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්රධාන මැතිවරණ පොරොන්දු 30 න් පොරොන්දු 10ක් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉටුකර ඇති බවත් තවත් පොරොන්දු 10 ක් ඉටු කිරීම ආරම්භ කර ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
එසේම ඉතිරි පොරොන්දු 10 න් 9ක පසුගිය නොවැම්බර් මාසය වනවිට කිසිඳු ප්රගතියක් පෙන්නුම් කර නොමැති බවත් එක් පොරොන්දුවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටුකරනවාද, නැද්ද යන්න සොයා බැලීම සඳහා හඳුන්වා දුන් "අනුර මීටරය" නම් ප්රතිපත්ති ප්රකාශන ප්රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීම නිකුත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම අදහස් පළ කළේය. "අනුර මීටරය" මගින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිය ප්රතිපත්ති ප්රකාශයේ ලබාදී ඇති ප්රධාන පොරොන්දු 30 ක් නිරීක්ෂණය කරනු ලබයි.
කෙසේ නමුත් මෙම විශ්ලේෂණය සම්පූර්ණ කරනු ලැබුවේ "දිට්වා" සුළි කුණාටුව මෙරටට කඩා වැදීමට පෙර බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්රකාශ කළේය. මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්රතිචාර සැළකිල්ලට ගනිමින් බවද එම ආයතනය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd