තම පාර්ශවයට අවශ්‍ය වගකීම සහ ගෞරවය දුන්නා සේම ප‍්‍රතිවාදී අදහස් දැරූ දේශපාලනඥයින් සම`ගද ඉතා සුහදව කටයුතු කළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතුරින් පොඩි මිනිසාට වඩාත් සමීප වූ නායකයෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(1) පැවසීය.
පේ‍්‍රමදාස මහතාගේ 23 වැනි ගුණ සැමරුමට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එසේ කීවේය.
දේශපාලනඥයින් තමන් කරන දේ ගැන ජනතාව දැනුවත් නොකිරීම විශාල අඩුපාඩුවක් බව ප්‍රේමදාස මහතාගේ අදහසක් වූ බවත්, වත්මන් ආණ්ඩුවේද තිබෙන ලොකුම අඩුපාඩුව වන්නේ කරන වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් නොකිරීම බවත් ජනාධිපති ස`දහන් කළේය.
රජය තමන් කරන දේ ගැන කතා නොකරද්දී ප‍්‍රතිවාදීන් රජයෙන් නොකෙරෙන දේ ගැන කතා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.
කොළඹ අලුත්කඬේ පිහිටි රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අසලදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්විණි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සැම විටම ජාතික සම`ගිය හා ජනසම්මතවාදය පදනම් කරගෙන කටයුතු කළ බවයි.
‘මේ ආත්මේ මම සිංහල බෞද්ධයෙක් ලෙස ඉපදුණත් ලබන ආත්මේ දෙමළ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජාතිවාදය අත්හරිමු කියන තැන සිට එතුමා කටයුතු කළා‘ යැයිද අගමැතිවරයා කීවේය.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය හා සර්වාගමික නායකයෝ ද මැති ඇමතිවරුන් ද රණසිංහ ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීඩිත ජනතාවට මහඟු සේවයක් කළ උදාර නායකයෙක්. මැයි පළමු දින යෙදෙන ගුණසමරුව එතුමාට පිදියහැකි ඉහළම උපහාරයයි. (නි)
එතුමා දුප්පත් ජනතාව නඟාසිටුවන්න ගොඩක් කැපවීමෙන් ක්‍රියාකළ සැබෑ නායකයෙක්. උදාගම් සංකල්පය සහ ගම්බද තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදුන් ගාමන්ට් සංකල්පය සදාකාලිකයි. බීමට ජලය හිඟ උතුරුමැද පළාතේ සැම ගමකට වගේම නළළිං ලබාදුන්නා. අදටත් එම නළ ළිං ක්‍රියාත්මක වෙනවා. අවාසනාවට අද වගේ දවසක කොළඹ ආමර්විදියේදී රුදුරු ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජාතියෙන් සමුගත්තද එතුමාගේ නාමය අප අතර සදාකාලිකව පවතිනු ඇත. (නි)