ඉස්ලාම් භක්තිකයන්ගේ දිවි පැවැත්ම යහපත් කරගැනීමට රාමසාන් උපවාසයෙන් මහත් පිටිවහලක් වන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අරලියගහ මන්දිරයේදී ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් අගමැතිවරයා සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, ඒ.එච්.එම්.පවුසි ඇතුළු දේශපාලනඥයෝ රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අයට විතරක් ඇයි මෙහෙම... බෞද්ධ අයට කෙනෙහිලිකම්...(බ)
මේක හොඳ ක්‍රියාවක්. මේ වැඩේ අරමුණ ආගම තුලින් දේශපාලන ඡන්දය ගැනීමට කරන ක්‍රියාවක් නොවේ නම්. (බ)
මහින්ද මහත්තයත් ඉෆ්තාර් උත්සව තිබ්බනේ, පිවිතුරු යහපාල එතකොට කොහෙද හිටියේ.(බ)
ආගම් ගැන වැරදියට අර්ථ කතන දෙන්න එපා, රටේ නායකයා හැටියට එතුමා කරලා තියෙන්න හරි දෙයක් ,පටු විදිහට සිතා අදහස් දැමීමෙන් වලකින්න.හොද දෙය හොද හැටියට දකින්න ඉගෙන ගන්න.එයයි සබැ ආගමික සහ දේශපාලන සංහිදියාව.එක්සත් රටකට මෙවැනි දේවල් අවශ්‍යම කරනවා (බ)
මෙය හොද ආදර්ශයක්.(හේ)
සහජිවනේ කියන්නේ මේක තමා. විවිදත්වය තුලින් ඒකීයත්වය , ජය ශ්‍රී (හේ)
මේක තමයි සිදු විය යුත්තේ.(හේ)
රනිල් මහතාගේ පුද්ගලික වියදමින් කරන ලද තවත් උත්සවයක්...(නදී)
මේවා දකින කොට "නයා මාර්ක් " කට්ටියගේ ඇඟේ මලු නටනවා ඇති , (ම)
බොදු බල සේනාවට දෙයියන්ගේ පිහිට තමා ඉතින්. (බ)
ඔබ හැමෝම එකමුතුව ඉඳ සියලු පක්ෂයම සහයෝගය දී ජාතික ආණ්ඩුවක් පිහිටවෙන්න අපේ සුබ පැතුම් මෛත්‍රී රනිල් හොඳ නුවණක්කාර දෙන්නක් ඔබට අපිට හොඳ අනාගතයක් (බ)
මේක දන්සලක් නොවෙයිද? (බ)
මේ දෙන්නටම ගැලපෙනවා (බ)
දෙවෙනි පින්තුරේ කනට කරලා කියන්නේ අපිදෙන්නටම ගෙදර යන්න වෙනවා වගේයි නේද කියලානේද (බ)
දුප්පතුන්ගේ කුසගින්න සැමට දැනේවා දුප්පතුන්ගේ කුසගින්න වෙනුවෙන් උපවාස කර දුප්පතුන්ට යමක් ලබාදීම අරමුණු කරගත් රාමසාන් උපවාසය බුෆේ පාටියක් පෝසතුන්ගේ සැණකෙළියක් බවට වෙලානේද ?ගෝල්පේස් පිට්ටනියේ පැදුරක් එලලා බිමවාඩිවෙලා මෙම ඉෆ්තාර් උත්සවය කළානම් දකින අපිටත් හැගීමක් එනවා දුප්පතුන් ගැන (බ)
ආගමික කටයුත්තක් හින්ද කව්රුත් දොස් කියන්න එපා . ඔක්කොටම කලින් කොම්මෙන්ට් කළේ එ්ක නිසා.(බ)
තොප්පි දෙකකකුත් ඉල්ලලා දාගන්න තිබුනේ!!! (බ)
මේ වියදම් කරන්නේ මහජන මුදල් ද, පෞද්ගලික මුදල් ද? (ම)
නියමයි (බ)
ජාතිවාදී දේශපාලකයන්ට මේක හොඳ ආදර්ශයක් , (ම)