එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලියක් අක්කරපත්තුව බස් නැවතුම්පොළේ දී පැවැත්විණි.
ජනරැලියට සහභාගී වීමට පෙර රාජපක්ෂ මහතා අක්කරපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට ගිය අතර විහාරාධිපති දේවගොඩ සෝරත හිමියෝ ජය පිරිත සජ්ජායනා කර ජනපතිට සෙත් පැතීය.
පුල්ලෙයාර් කෝවිලට ද ගිය ජනපතිට ගෝවින්දරාජා ෂර්මා පූජකතුමා ආශිර්වාද කළේය.
ජාතික කොංග්‍රසයේ නායක අමාත්‍ය ඒ එච් එම් අතාවුල්ලා, සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක, නැගෙනහිර ප්‍රධාන ඇමැති අබ්දුල් නජීඩ් මජීඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම, නැගෙනහිර පළාත් අමාත්‍ය උදුමා ලෙබ්බේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද ඊට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැතිවල සිංහල ගම වලට ගහන ඒවා කියන්න බැරිවුනාද මේ හාමුදුරුවරුන්ට ? එතන තමයි අපේ ප්‍රශ්න වල මුල ? (බ)
අමන දනන් කැගැසුවට හතර අතේ.. මෙතුමා නොහිටියානම් මගේ රට මකර කටේ...! ජනාධිපතිතුමාට ජය වේවා ..(බ)
මේවා දෙස හොඳින් නෙත් යොමන්න. දෙවරක් හිතන්න. ජනතාව බුද්දිමත් නොවුනොත් රට ඉවරයි (නදී)
කෝ සෙනඟ.(හේ)
මෙතුමා වේදිකාවල සිනහවෙන් තමන්ට තරගයක් නැති බව පැවසුවද, ඡන්ද පදනමක් නැති ඒ.ජා.ප. නායකයින්ගෙන් තමන්ට ලැබෙන දේ පිළිබදව දැනගැනීමට කැමතියි.. තවද, රාජ්‍ය දුෂණයට එරෙහිව කරන දේ දැනගැනීමට කැමතියි.!(හේ)
බොහොම හොදයි සෑම ආගමික නායකයන්ම හමුවෙන්න.(දිල්)
ජයවේවා ජනපතිතුමනි (දිල්)
රජින්ද, ඇත්ත තමයි. (නි)
ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ජනාධිපතිට ජය නියතයි. ජයවේවා. (නදී)
ජය වේවා ජනපතිතුමනි! (නි)
ඔබ තමයි අපේ වර්තමන දුටුගැමුණු! ඔබට ජය වේවා! (නි)