ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් විය.
මෙම දුත පිරිස අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය චම්පික රණවක, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය වෙනස්වෙන ලකුණු දැන් පෙනෙනවා (නි)
අනේ දෙවියනේ අපි රැටවුණු තරමක්! (නි)
රට ගමන් වැඩියි වගේ.(හේ)
බුරුත්ත පිටින්ම යන්න පටන් අරන් වගේ නේද ? (ර)
රණසිංහ.නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න.(හේ)
දැනටමත් රාජපක්ෂලා ගසා කාපු මුදල් තැන්පත් කරපු බැංකු සියල්ලම විස්තර දෙන්න එකග තාවයකට පැමිණිල තිබෙනවා.ඒ සදහා ඉන්දියාව,ඇමරිකාව සහ යුරෝපා සංගම ඒකාබද්ද වෙලා තිබෙනවා.එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලන්න පුළුවනි.උපාසක මහත්තුන්ගේ පැටිකිරිය බල ගන්න පුළුවනි. (ස)
එන්න එන්නම එක්කරන් යන පිරිසේ ගණන වැඩි වෙනවා නේද? .....එක්කරන් යන පිරිසේ ගණන වැඩක් නැහැ.යන කාරිය ඉෂ්ඨ වෙන්නයි ඕනේ.ගසා කාපු මුදල් ගැන තොරතුරු හෙළි වෙන්නයි ඕනේ. (ස)
මොකද හිටපු ගමන් කට්ටිය වැඩි උනේ ? (ර)
දැන් අපි ඡන්දෙ දුන්නෙ ඔය රොත්ත බුරුත්ත එක්ක යනවට විරුද්දව නේද ?(ත)
මේ සංචාරයට ලන්ඩන් ගමනට වඩා පිරිසක් ගිහින් නේ. යන්න තිබ්බ ගුවන් යානයක හිටපු මගීන් බස්සවලද මේ පිරිස චීනෙට ගියේ? මෙහෙම ගියොත් අර හිටපු එක්කෙනා ගන්න ගිය "රාජපක්ෂ 1" ප්ලේන් එක ළඟදීම ගෙන්නලා "මෛත්‍රී 1" කියලා නම් කරන්නත් වේවි (නදී)
එන්න එන්නම එක්කරන් යන පිරිසේ ගණන වැඩි වෙනවා නේද? (නදී)
තිස්තුන් කෝටියක් දෙවියොම බලාගනීවි බොරුවට මහජන මුදල් කාබාසිනියා කලොත් (නදී)
මොනවා කළත් මහජනතාව රවටන්න නම් එපා (නි)
ෆීල්ඩ් මාෂල් තුමෝ එහෙ ගිහින් කලවැද්ද කියල කියනවා එහෙම නෙවේ එක එක්කෙනාට. සිරිසේන තුමාට හොදට කීකරු වෙලා ඉන්න ඕනි. දැන් ඔයාට ඕනි දේ කරලත් දුන්නනේ. (නදී)
චම්පික බොරුවට බනිනවා. පස්සේ සවාරි යනවා (නදී)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තවත් විශාල රාජකාරියක් තිබෙනවා රට වෙනුවෙන් කරන්න.ඒ රටේ ගසාකෑ මුදල් සම්භාරය නැවත ජනතා සතුකරවීම සහ හොරු ටික සාක්ෂි සහිතවම කොටුකර ගැනීමයි. ඒ යුතුකම රට වෙනුවෙන්, අනාගත දරු පරම්පරාව වෙනුවෙන් කරන්න. (නි)
මුදලාලි වෙනස් වුණත් හොරු ටික කඩේ කරගෙන යනවා වගේ. (ත)
එදා සහ අද වෙනසක් නැහැ . (ත)
චීනෙට ගියාට කමක් නැහැ. චීන ගැට වලට අහුවෙන්න නම් එපා ! (ත)
බම්‍බුව (බ)
එංගලන්තේ ගියේ 7 දෙනයි කියලද හිතාගන ඉන්නේ. ආරංචියේ හැටියට නම් ඒ වගේ 7 ගුණයකට වඩා ගිහින් තියෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානයකින් කිව්වට එමිරේට්ස් යානයකින් තමයි ගිහින් තියෙන්නේ. මගේ දැනුමේ හැටියට නම් එමිරේට්ස් ගුවන් ටිකට් පත් වලට ගෙවන සල්ලි සේරම යන්නේ ඩුබායි වලට. (බ)
මෙයාල ඔක්කොම චීනයට කත් ඇදලා පොර්ට් සිටි එකට යස් කියල තවත් කොමිසන් එක්ක ගිවිසුම් දෙක තුනකුත් අත්සන් කරලා එයි (බ)
අපිට හරි යන්නේ අවුරුදු 5 හෙන් 5 හට පක්ෂ වලින් පත්වෙන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් නොව සැමදා දසරාජ ධර්මයෙන් රට පාලනය කළහැකි රජ කෙනෙකි. (ම)
ඔක්කොම කයිවාරු ඡන්දෙ දිනන්න කලින් තමයි. එංගලන්තේ ගියේ සුළු පිරිසක් එක්ක කියල ලොකුවට කිව්වා. දැන් කොහොමද ? (නදී)
පලවෙනි ගමනෙදි වගේ මේ පාර කට්ටිය කියන්නේ නැහැ ගියේ 6 යි, හොඳයි අරකයි මේකයි කියා. දින 70 ට කරපු දේ දන්නවනේ (නදී)
හරි දෙය හරියට දැකීමත් වැරදි දෙය වැරදියට දැකීමත් එය විද්‍යානුකූලව සමාජයට දැක්වීමත් යහ පාලනය වෙයි. නමුත් තමන්ම දකින දෙය බොහෝ විට වැරදි සහගතය.(නදී)
33ක් කියන්නේ ඒ හැටි ගණනක් නෙමෙයිනේ! (නි)
ෆීඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම කණ්ඩායමට එකතු වීම විශාල සතුටක්. අපේ කල්‍යාන මිත්‍රයා සහ ගැලවුම් කරු චීනයයි. (නදී)
මහින්ද හිටපු ජනාධිපතිතුමත් මුලදී හොදයි. කාලයත් සමග තමා වෙනස් උනේ. මෛත්‍රී පාලනයත් ඒ දෙසට හැරෙන ලකුණු පහල වෙලා.(ම)
පසුගිය කාලයේ රාජපක්ෂ සහ චීන ජනාධිපතිතුමා අතර ශ්‍රී ලංකාවේදී අත්සන් කල ගිවිසුම් වලට මොකද වුනේ...(ම)
දෙගිඩියාවෙන් මොනවත් කරන්න බැහැ. මුළු හදවතින්ම අපි චීනය සමග සිටිය යුතුයි.(ම)
පහුගිය කාලේ යන්න බැරි වුණ එකේ දැන් ගිහාම තියෙන වරද මොකක්ද්ද? (ත)
ඉන්දියාවට 6, එංගලන්තයට 10, චීනෙට 33 තව කොහෙටද යන්නේ ? (ර)
අනේ යහපාලනය.... (ර)
ඔබතුමාට ජයවේවා! (නි)
නෝනලත් යනවනේ පසුගිය කාලයේ නම්... (නි)
අලුත් ජනපති තුමා යන්තම් මාස 3 යනකොට වැඩ පටන් අරන් වගෙයි. බලමු ඔහොම යමු. (ර)
යන කාර්යය සාර්ථක වේවා! (නි)
රූපලාවන්‍ය ශිල්පින්, නැටුම් කණ්ඩායම්, පුද්ගලික ආවතේවකරුවන් ගිහිල්ලා නැහැ නේද? (නි)
දැන් ඉතින් ගැළවීමක් නැතුව ඇති අනේ මාවත් එක්කගෙන යන්න කියන අයගෙන්. (නි)
ෂා නියමයිනේ! ඔහොම යමුකෝ! (නි)
ඩුබායි තිලක්, ලැබෙන ගෞරවයයි ඉල්ලලා ලබාගන්න ගෞරවයයි දෙකක්.බලන්නකෝ මහින්ද මහත්තයා දිහා.ආදරය ගෞරවය පස්සෙන් එළව එළවා එන්නේ. (නි)
පිවිතුරු යහපාල, හෙට අනිද්දා වෙනකොට සියල්ලම සාක්ෂි සහිතව ඔප්පුවේවි. (නි)
33 දෙනාට ටිකට් නොමිලේ චීනෙන් දෙන්න ඇති නේද? එහෙම සල්ලි ඉතුරු වෙන්නේ නැත්නම් එතුමලා යන්නේ නැහැ (නි)
යහපාලනය වෙනස්වේගනයි එන්නේ. (නි)
ඔය යන්නේ අපුරුවට පරණ පාරේම .... (ත)
ඉස්සරම 7 යි, ඊළඟට 15 යි , ඊළඟට 33 යි. තව රටවල් ගොඩාක් තියෙනවා. (ත)