මෛත්‍රිපාල සිරිසේන ජනපති විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැති එස්.බී.දිසානයක හා ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සමග මහනුවරට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමියනට හා නියංගොඩ විජිතසිරි අනුනායක හිමියනට හා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පිළිගැන්වීය.
සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එම සංශෝධනය ජනපති මහා සංඝරත්නයට එසේ ඉදිරිපත් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ මිනිස්සුන්ට සත්‍යය වැටහෙමින් තියෙනවා,අද රට පාලනය කරන්නේ මොන නායකයාද කියල හොයා ගන්න බැරි තරමට නායකයෝ වැඩි වෙලා. සංවර්දනය,ඉදිකරීම් අංශය සම්පුර්ණයෙන් කඩා වැටිලා. දහස් ගානක් මිනිස්සුන්ට රස්සා නැතිවෙලා. කොටස් වෙළදපොල,ආර්ථික වර්දන වේගය,විදේශ සංචිත ඔක්කොම අඩු වෙලා,මහා බැංකු මංකොල්ලෙන් පස්සේ ආයෝජකයන්ගේ විශ්වසේ නැති වෙලා. ඔය අඩු කරපු බඩු ඡන්දෙන් පස්සේ කීප ගුණයකින් වැඩි වෙනවා කියල අද ලියල තියා ගන්න. ක්‍රෙඩිට් කාඩ් එකකින් ජොලි කරනවා වගේ තමයි අද ආර්ථිකේ තියෙන්නේ. රට අරාජික කිරීමේ ප්‍රතිපල අද අපිට ලැබෙමින් තියෙනවා (නදී)
මහානාම - කඳාන, ඔබ කියන්නාසේම රනිල්ලාටත් අනිකුත් විදෙස් බලවේග වලටත් මෛත්‍රී යනු හුදෙක් මහින්ද පැරදවීම සඳහා යෙදවුණු ඉත්තෙක් පමණකි. ඔවුන් කිසිවෙකුටත් මෛත්‍රී දිනවීමේ සැබෑ වුවමනාවක් නොතිබුණා සේම ඔහුව දිගටම බලයේ තබා ගැනීමට අවශ්‍යතාවයක් ද නැත.එකී බලවේග වඩාත් උනන්දු වන්නේ රනිල් පිළිබඳව යයි ජනපතිම වරක් පවසා තිබුණි. මෙහි යථාර්ථය නම් රනිල් සමග අනතුරුදායක දීගයක රැඳී සිටිමින් රටට ද ද්‍රෝහියකු වී තම ජීවිතයත් දේශපාලන ජීවිතයත් යන දෙකම අනතුරේ හෙළා ගැනුමට වඩා හිටපු ජනපති සමග එක වී රටටත් තමන්ටත් හිතකර ජනතා ආශීර්වාදය ලබන මාවතකට පිවිසීම වත්මන් ජනපති විසින් ගත යුතු නැණවත් ක්‍රියා මාර්ගය වන බවයි. එවිට ඔහුට ජනතාවගේ ආශීර්වාදය ද ලැබෙන හෙයින් දැන් ඔහු අරඹා ඇති ජන අප්‍රසාදය වඩවන මර්දනකාරී පාලනයෙන් ද මිදී සැබෑම යහපාලනයක් ඇතිව තමන්ට ද සිතට සහනයක් ඇතිව විසීමට හැකි වනු ඇත. එහෙත් කණගාටුවට කරුණ වන්නේ ඔහු කරන්නට අකැමැති ම දෙය ද එය වීම ය. (අ)
අති පූජ්‍ය මල්වතු මහනාහිමියනේ, රට රැක ගැනීම පිළිබඳව ඔබවහන්සේලාට ඓතිහාසික වගකීමක් ද උරුමයක් ද ඇති හෙයින් රටට අහිතකර මේ 19 ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ සැබෑව වටහාගෙන රටට ඉන් වියහැකි පිරිපත වැළක්වීමට ඔබවහන්සේලා කටයුතු කරනු ඇතැයි ඉතා ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු. මේ අවස්ථාවේ රටට සතුරු බලවේග වල ඉත්තෙකු වී තමන්ටත් රටටත් හානිදායී ගමනක යෙදී සිටින වත්මන් ජනපතිතුමාට සත්‍යය වටහාදී ඔහුවත් හිටපු ජනපතිතුමන්වත් සමගි කරවා රටට හිතකර ක්‍රියාමාර්ගයකට යොමු කරවාගැනීමට ඔබවහන්සේලා කටයුතු කරනු දැකීම දෑ හිතැති සැමගේ ඒකායන අපේක්ෂාවයි. ඔබවහන්සේලා ඒ ඓතිහාසක කාර්යභාරය ඉටු කරනු ඇතැයි අපි හැම ඉතාමත ම ගෞරවයෙන් අපේක්ෂා සහගත වෙමු. (අ)
හාමුදුරුවන් මොනාද දන්නෙ 19 ගැන. මේවා හුදු මාධ්‍ය සංදර්ශන. මේක කතා කළ යුත්තේ විද්වතුන් (බ)
මහානාම මහතාණෙනි, ඔබතුමා කියන ධර්මයක් ලෝකයේ තිබිය යුතු නැත. එක පාර්ශවයකින් වෛරය ඉවත් කරගෙන තව පාර්ශවයකට වෛර කිරීමට ආගමික ආශීර්වාදයක් පැතුම සුදුසු විය නොහැකිය. මහින්ද කණ්ඩායම වගේම රනිල් කණ්ඩායමත් අපටනම් වෙනසක් දකින්නට නැත. මෙවැනි දේශපාලකයන් දේවත්වයෙන් සළකන්නේනම් එක්කෝ අපි මෝඩයන්ය,නැතිනම් පිස්සන්ය,එහෙමත් නැතිනම් ඔවුන්ගෙන් යැපෙන්නන් වියයුතුය. මෙයින් අපට ගැලපෙන දේ අපිම තෝරා ගනිමු. (නදී)
මහින්ද කියන නම කපන්ඩ කපන්ඩ මහින්දට ඡන්ද වැඩිවෙනවා. අපේ ගෙදර ඡන්ද 7 ක් මෛත්‍රීට, 3 ක් මහින්දට තිබුනේ. දැන් ඔක්කොමලා මහින්දට.(නදී)
කොහොමත් මේ ගෙන එන ව්‍යවස්ථාව ගැන ලොකු සැකයක් තියෙනවා,මේ පොදු අපේක්ෂකයා වටා එකතු වූ පිරිස දෙස බැලුවිට ඒ බව පේනවා.මේ අය රට දෙකඩ කරනවා. (අ)
මහානාම ඔබ දැක්කද ඔය වටේ ඉන්න හතර දෙනා ජනාදිපති වරණයේ දී රැස්වීම්වලදී කිව්වේ මොනවද කියල ඔයා නිදා ගෙන ඉන්න ඇති. දැන් ද නැගිට්ටේ.(නදී)
මහනාමගේ ටිකිරි මොලේ ගැන නම් හරිම දුකයි. මනුස්සයෝ. මේ අඩු කරන්න යන්නේ ජනපති සතු රටට අහිතකර එ්කාදිපති බලතලයි. එ්ක පවරන්නේ පාර්ලිමේන්තුවටයි නැත්නම් ව්‍යවස්තාදායකටයි. තවත් විදියකට කියනවා නම් මේ පවරන බල තල කවුරු දැරුවත් [රනිල් හෝ වෙන කෙනෙක් } පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. හිතු මනාපෙට වැඩ කිරීමේ අත්තනෝමතික කොටස් ටික තමයි මේ පාර්ලිමේන්තුවට පවරන්නේ. එතකොට අදිකරණය ස්වාදින වෙනවා දේශපාලකයන්ට උවමනා විදියට ඇඟිලි ගහන්න බැහැ. (නදී)
මහානාම මහත්තයෝ මහින්ද අායෙත් අගමැති වෙන්න මෛත්‍රී ජනාදිපතිතුමා ඉඩ දුන්නොත් වෙන්නේ මෛත්‍රී ජනදිපතිතුමගේ ජීවිතේ නැති වෙන වැඩක් තමා..මොකද ඇමති කාලෙත් ඉන්න දුන්නේ නෑ නේ.අනික මහානාම මහතොයෝ ඔයාලද මෛත්‍රී ට ඡන්දය දුන්නේ..අපී ඡන්දය දීල පත් කරගත්තේ ..ඔයා කියන්නේ කොහොමද මහින්දට දෙන්න කියල..දැන් අායෙත් මහින්දට මේ රටේ ජනාධිපති වෙන්නවත් අගමැති වෙන්නවත් බෑ..එයා ඉන්නකන් දෙවන පෙළ නයකෙයෙක් ශ්‍රී ලංකා එකට හැදුවෙත් නෑ..එ්ක තමයි එයාට ඔහොම උනේ ..එයා හිතුවේ එයා ඇර වෙන නායකයෙක් නෑ කියල...(ස)
රමණි නෝනා , මම නම් නැගිටලා තමා ඉන්නේ ? මට පුදුම ඔබතුමි ගැන , 1987 - 89 කාලයේ කොහෙද ඔබතුමි හිටියේ ? 2009 වෙනකන් පාරක් පාරක් ගානේ බෝම්බ පුපුරන කොට ඔබතුමි කොහෙද හිටියේ ? ලංකාවේ සෑම ගෙදරකම , මල ගෙයක් හෝ අබ්බගාතයෙක් හිටියා 2009 මැයි වෙනකන් , ඔබතුමි කොහෙද හිටියේ ? අමතක කරන්නේ ඒවා , මොකද සිංහල අපිට මුල මතක එක සුමානයයි කියා අර එක මහතෙක් බොහොම ප්‍රසිද්දියේ කීවා නේද ? අමතක කරන්න දැන් මොකද මේ වෙන්නේ උතුරේ මොකද වෙන්නේ ? ඔබතුමි මේවා දන්නවා ද නැතිනම් දන්නේ නැද්ද ? ලියන්න ගියොත් ගොඩක් වැඩියි , ස්විස් වල දැන් මොකද වෙන්නේ ? වර්දරාජා පෙරුමාල් මොකද කියන්නේ ? බලන්න ඊයේ ජාතික පත්‍ර . (ස)
පිටබැද්දර ජයා, ජනපති සතු රටට අහිතකර එ්කාධිපති බලතල අඩුකර එය පාර්ලිමේන්තුවට පැවරීමක් 19 ව්‍යවස්ථා සංශෝධනය මඟින් කිසිසේත් සිදුනොවෙයි. (නි)
සාරංග ඔබ හරි, මහින්ද අමරණීයයි සදාකාලිකයි, සදාකල් මමයි නායකයා කියා හිතපු කෙනා ,බලය බදානොගන්න බෙදාගන්න මුළු රටම හොඳයි. (ස)
ජයා මහතා , මගේ ටිකිරි මොලේ ගැන ඔබ තුමා දුක් වෙන්න අවශ්‍ය නැහැ , ඔබතුමා රටේ දැන් පවතින අනාරක්ෂිත තත්වය දුක් වෙන්න , ඔබට රටේ ආර්ථිකය හා ආරක්‍ෂිත තත්වය අනතුරේ බව නොතේරේ නම් මට ඔබතුමා හා විවාදයක් නැත . ඔබතුමා ගේ පටුම හා අදහස් අවංකයි , නමුත් වෙන්නේ එ්ක නොවේ , මේ යන්න කුමන්ත්‍රණවල න්‍යාය පතර වල අදහස් අනු පිළිවෙලට ඉටු වීමයි , ඉටු කිරීමයි , ඔබතුමා නෙවරදී වෙන්න පුලවන් , නමුත් වෙන්නේ එක නොවේ , වෙන්නේ තම තමා ගේ දේශපාලන පටු අදහස් තමාට ඕනේ විදිහට ඉටු කර ගැනීමයි . ඔබතුමා දන්නවා ද ? 19 උසාවියෙන් වෙනස් කළා බාගයක් ම , හොදයි උසාවියට ඉදිරිපත් නොකලා නම් එහෙම ම ගෙඩිය පිටින් සම්මත වෙනවා . මතක තියා ගන්න , උසාවියට ඉදිරිපත් කලේ 19 ලියවිල්ලක් , පාර්ලිමෙන්ත් මන්ත්‍රී වරුන්ට අධ්‍යනය කරන්න දුන්නේ තව එකක් , දැන් සම්මත කරන්න යන්නේ තව එකක් . ඔබතුමා ගේ අදහස් මා ගරුකරන අතර , පවතින තත්වය පිලිබදව දැනුවත් වෙන ලෙස ඉල්ලා සිටිමි . කැලා පත්‍ර හෝ ෆේස් බුක් ගොසිප් නොකියවා ජාත්‍යන්තර හා ජාතික පුවත් පත් කියවා ඔබගේ දැනුම අප්ඩේට් කර ගෙන රට ට සේවය කරන මෙන් ඉල්ලමි (ස)
මහානාම කොරහේ කිඹුල්ලු හොයන්න එපා. 19 කියන්නේ අසීමිතබලය ඉවත් කර මහින්ද නැති කරපු ස්වාධින කොමිෂන් නැවතත් ඇතිකිරීම (ස)
සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවී හමාරය (ස)
වින්සන්ට් මතාගේ අදහස පැහැදිලි නැත , එහි ලොකු අර්ථයක් ඇති බව වැටහේ , නමුත් මගේ අදහස් හා සම්බන්ද වෙන ආකාරය මට පැහැදිලි නැත . කරුණාකර පහදා දෙන්න . මට කෙටියෙන් කිව හැක්කේ , මේ රට අද අනතුරේ , ආර්ථිකය කඩා වැටිලා , ආයතන වල පඩි ගෙවා ගන්න බෑ , තාමත් ගිය මාස වල පඩි ගෙවලා නැ . අද රටේ තත්ත්වය අනාරක්ෂිත නැති බව ඔබ කියන්නේ නම් මට ඔබ හා වාදයක් නැත . (අ)
ජනාධිපති තුමනි ඔබතුමා තවමත් ප්‍රමාද නැත, දැන්වත් ඔය අශුද්ද වෛරීය සන්ධානයෙන් ඉවත් වී රට බෙර ගන්න නායකයත්වය ලබා දෙන්න . මහින්ද මහතාගේ දායකයත්වය හා ඔබතුමාගේ නායකත්වය යොදා ගෙන රටේ අනාගතය බේර ගන්න . එජාපය ඔබ තුමාගේ වැදගත් කම අතකොළුවක් කරගෙන ඔබේම පක්ෂය ශ්‍රී ලනිපය විනාශ කාරී මෙහෙයුමක යෙදී සිටින අතර 19 සම්මත කර ඔබතුමාගේ බලතල අඩුකර අගමැති බලතල වැඩිකර රට පාලනය කිරීම එජාපයේ එකම අරමුනයි . රට උකසට තබා , බේරා ගත් නිදහස පාවා දී ලබා ගන්න ජාත්‍යන්තර සහයෝගය මොකටද ? මේ රටේ බහුතරය ඉල්ලන්නේ එවැනි යටහත් රාජ්ජයක් නොවේ , නිවහල් නිදහස් රාජ්‍යයකි . ගරුතර සංඝරත්නේ ආශිර්වාද හා උපදෙස් මත රට පාලනය කරන්න . ශ්‍රී ලනිපය විනාශ උනත් රට විනාශ වෙන්න දෙන්න එපා . මෙය කළ හැක්කේ දේශීය හා විදේශීය කුමන්ත්‍රණ පරාද කිරීමෙන් පමණි . එජාපයේ නියම ගැති ගුණ ඉදිරි මැතිවරණ සමයේදී ඔබතුමාට දැක ගත හැකිය. එජාපයට උවමන උනේ මහින්ද පැරදවීමට මිස ඔබතිමා දිනවීම නොවේ , ඔබ තුමාව මහින්ද පැරදවීම සදහා භාවිත කළ ඉත්තෙක් පමණි (බ)