ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය අද සෝලිස් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
නාත්තන්ඩියේ පී ඩී පෙරේරා, ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර යන ජ්‍යෝතිර්වේදීහු ඊට එක්වූහ.
2014 අවසානයේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වන බව, කාන්තාවක් එහි මූලිකත්වය ගන්නා බව හා නොසිතූ චරිතයක් පොදු අපේක්ෂකයා බවට පත්වන බවටත් තමන් මින් පෙර කී සියලු අනාවැකි සත්‍ය වූ බවත්, ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කීවේය.
සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග රැසක් ඇති බවත්, ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගන්නා බවත් ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර මහත්වරු කීහ.
මේ අතර ජනාධිපති ජෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබුණේ ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි. සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග නැතැයි ද ඔහු කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ගැන නම් අහලවත් නෑ.(හේ)
මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා.(හේ)
මෛත්‍රී අනිවාර්යයෙන් දිනනවා (නි)
මම නම් කියන්නේ මහින්ද මහත්තයා දිනනවා (නි)
හරි හරි අපි බලමුකෝ! (නි)
මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා (නි)
එහෙම රාජ යෝග තියෙන තවත් අය ඉන්නවද දන්නෙ නැහැ (නි)
මමත් හිතන්නේ මෛත්‍රී දිනනවා (නි)
අනාවැකියක් ඉටුවෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්. නමුත් ඡන්දය තියෙන්නේ මිනිසුන්ගේ අතේ සහ හිතේ (නි)
මෛත්‍රී විශිෂ්ට ජයක් ලබනවා (නි)
මම ජ්‍යෝතිෂය පිළිගන්නවා එදා මුළු රටම කම්පාකළ සුනාමිය පිළිබඳ රටට කිව්වා නම්. කාටද එහෙම පුළුවන්කම තිබුනේ? මනසට,බුද්ධියට තැන නොදී නොපෙනෙන නොදකින අන්ධ භක්තියෙන් දියුණුව පැතීම මම නම් නොකරමි (නි)
මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා (නි)
ජ්‍යෝතිෂය යනු කුමක්ද යන්න මට නම් මෙයින්ම තහවුරු වෙනවා. (නි)
ජ්‍යෝතිෂය මොනවා කිවුවත් දිනන්නේ අපේ ජනපති මහින්ද (නි)
ජ්‍යෝතිෂය කුමක්දැයි යන්න තේරුම් ගැනීමට මේ සිද්ධියම ප්‍රමාණවත් (නි)
රමණි, ඔයාගේ කටට සීනි බෝල අහුරක් දාන්න වටිනවා (නි)
තව දවස් 4 කින් ඔය කවුරු කියපුවා හරිද කවුරු වැරදිද කියලා දැනගන්න පුළුවන්නේ (නි)
නක්ෂත්‍ර කරුවන් කියන ඒවා විස්වාස කරනට බැහැ , දිනන්නේ ඡන්දය දමන බහුතරය අනුව , හොරට දිනන්නත් පුළුවන් , නක්ෂත්‍ර කරුවන් කඩේ යන පැත්තට ඔවුන් කියනවා දින්නාවා කියා. (ස)
ජ්‍යෝතිර්වේදීන් මේ අනාවැකි කියන්නේ තරු බලලාද? නැත්නම් වටපිටාව බලලාද? (නි)
මේ සරත්චන්ද්‍ර මම දන්නවා. මිනිහා කියන දේවල් සාමානයෙන් හරියන්නේ නැහැ. කියන දෙයට වෙනස් දෙයක් වෙන්නේ.(නදී)
මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා. (නදී)
තරු බලලද තරු පෙනිලද ? (නදී)
මෙහි සිටින අය තමා කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන් අය. (නි)
ස්වාධීනයි කියන හුගක් අය ගැන කියන්නත් කණගාටුයි (නි)
දැන් ඔය කියන විදියට දිනුවට පස්සේ ආයෙත් මිනිස්සු කේන්දර බලන්න මේගොල්ලෝ ළඟට එයිද දන්නෙ නැහැ (නි)
අනිවාර්යෙන්ම මහින්ද මහත්තො දිනනවායි,(හේ)
මෛත්‍රී අනිවාර්යෙන් දිනනවමයි (බ)
මේකත් හරියට සැමියයි බිරියයි පක්ෂ දෙකක ඉන්නවා වගෙයි. කවුරු දින්නත් පැරදුණත් පවුල දිනුම්.(දිල්)
ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක්. ඕකෙන් ජීවත්වෙන කට්ටිය ඉන්න නිසා බොරුව උනත් පවතිනවා (නදී)
පපුවේ අමාරුවට කකුලේ අමාරුවක් කියන්නේ, මොලේ අමාරුවක් වත් හැඳුනද ? එ්ක නිසා ගණන් ගන්න එපා. (නදී)
අනිවාර්යෙන් රට වෙනස් විය යුතු කාලය ඇවිත්.(හේ)
මමත් හරියටම 9 වෙනිදාට කියන්නම් (නි)
මෛත්‍රීපාල අනිවර්යෙන්ම දිනනවා සාධාරණ ඡන්දයක් තිබ්බොත්.(හේ)
අනිවාර්යෙන්ම මෙෙත්‍රී දිනනවාමයි.(හේ)
අපි බලමුකෝ... නේද? (නි)
ජෝතිෂ්‍ය කියන්නේ නම් බොරුවක්.. ජෝතිෂ්‍ය ඇත්තක් නම් දෙගොල්ල දෙකක් කියන්නේ කොහොමද..? එක්කෝ මේ එකෙක් වත් ජෝතිෂ්‍ය දන්නේ නෑ. එක්කෝ ජෝතිෂ්‍ය කියල එකක් නෑ. ඒක උතුම් සාස්තරයක් නම් බොරු කියල පීචං වෙන්නේ නැතිව වැඩක් බලාගෙන් හිටිය නම් හරිනේ. මේ දෙගොල්ලන්ගෙන් එක ගොල්ලක් කියන දේ බොරු උනාම තමන්ගේ සාස්තරේ බලු වෙනවනේ..(බ)
අනේ මන්දා මේවා නම්... (නි)
ඒත් සමහරුන්ට නම් දැනටමත් රාජයෝග වැඩකරලා ඉවරයි. (නි)
මෛත්‍රීට ජයවේවා! (නි)
පේනවා නේද? මට නම් මේ ඔක්කොම එකයි. (නි)
තව ටික දවසනේ! (නි)
ඡන්දය අවසන් වුණාම තමයි කවුද දිනුවෙ කියලා දැනගන්න පුලුවන් වෙන්නෙ.මේ කාලෙ කවුරු මොනවා කිවුවත් ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. (නි)
මෛත්‍රීට ජයවේවා! (නි)
අනිවාර්යයෙන්ම මෛත්‍රී මහතා දිනනවා (නි)
ලංකාදීපයට පින් මේක දැම්මාට. (නි)
මේවා නම් මම පිළිගන්නේ නැහැ (නි)
මම කියංනෙ කේන්දර බොරු කාරයෝ පරදිති ඡන්ද ඉල්ලන්නෝ දිනති. කේන්දර බලන්න දන්නෙ නැතුව බේගල් කියන්න එපා ...ජනතාව බුද්ධිමත් ..ලංකාවෙ කේන්දර විස්වාස කරන පිරිසක් ඉන්නවා ..අනික් පිරිසකුත් ඉන්නවා ,,දේශපාලනය වගෙ. අවසාන වශයෙන් කියන්න දිනන නායක මහින්ද (බ)
ඔය හැම හැමෝම කියන අනාවැකියක් ආතතිය හදා ගන්නේ නැතිව , වෙඩි තියා ගන්නවා කියල පුරවැසියන් වික්ෂිප්ත කරන්නේ නැතිව කියාගන්න. (බ)
එතකොට තම තමන්ට වැළඳෙන අසනීප ගැන ඕකෙන් දැනගන්න බැරිද? (නි)
බලනකොට මේ දෙගොල්ලොම මේවා හරියටම දන්නේ නැහැනේ. (නි)
ඔක්කොම එකයි........ (නි)
ඡන්දය පැත්තකින් තියමු. පේනවා නේද එකම විෂය ඉගෙනගත්තයි කියන අය කියන පරස්පර කතා. ජ්‍යෝතිෂය හරිද වැරදිද කියන්න දන්නෙ නැහැ. හැබැයි ඔය කියන කවුරුවත් හරිහැටි ජ්‍යෝතිෂය දන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ජෝතිශ්‍ය බොරු (නදී)
මෙතන සිටින එක ජ්‍යෝතිෂ මහතෙක් රජය සමඟ අමනාපයෙන් සිටියාලු නේද සෑහෙන කලක පටන්. (නි)
ජ්‍යොතිෂයට සියල්ල තීරණය කළහැකිද? (නි)
ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයෝ තමයි මේ කේන්දරකාරයෝ. හොඳම අපේක්ෂකයා දිනයි. (නි)
කට්ටිය දැන්ම කලබල වෙන්න එපා. (නි)
හරි හරි බලමුකෝ! (නි)
රටට හොඳක් වෙනවා නම් කවුරු දිනුවත් එකයි (නි)
දිනන බව ස්ථිරයි (නි)
පව් අනේ! (නි)
අපිත් හිතනවා මෛත්‍රී මහත්තයා දිනයි කියලා (නි)
රාජයෝග ඇති අය දැන් රෝහල්ගත වී ඇතුවාට සැක නැත (නි).
බැලූ බැල්මට මෛත්‍රී මහතා දිනන බව පේනවා. (නි)
එහෙනම් ඡන්දෙ දෙන්න ඕනෑ නැහැ (නි)
මෙතන බන්දුල පෙරේරාත් ඉන්නවද දන්නේ නැහැ. මනුස්සයා පසුගිය දවස් ටිකේම ඡන්ද අනාවැකි කිව්වේ අපේ නම් දිහා බලලා. (නදී)
කවුරු දිනනවද කියන්න අපි කරදර වෙන්න ඕනෑ නැහැ.. (නි)
බොරු කියපු වරදට සුමනෙට මොනවාහරි වෙයිද? (නි)
අනාවැකි කියන්න ගිහින්, අන්තිමට ආතතිය කියල මේ හැමෝම රෝහල් ගත වේද දන්නේ නැහැ. (නදී)
පොදු අපේක්ෂකගේ ජය නියතයි. ශ්‍රී ලංකාවට ජය වේවා. (නි)
1956 සෙනසුරු හිටියේ වෘශ්චික රාශියේ. බණ්ඩාරනායක මහත්තයා විශිෂ්ට ජයක් ලැබුවා. 1987 සෙනසුරු හිටියේ වෘශ්චික රාශියේ. අලුත් අපේක්ෂකයෙක් එ. ජා .ප යෙන් මතුවුණා. දැන් සෙනසුරු ඉන්නේ වෘශ්චික රාශියේ. අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා.(නදී)
අපිට නම් රාජ යෝග නැහැ (නි)
රටම කන්නේ ඔය ජෝතිර්වේදියෝ තමා. අපිවත් කාළා, ජනාධිපතිතුමාවත් කැවා (නදී)
ජය ශ්‍රී ! (නි)
ඔය මොන බයිලත් 9 වෙනිදා එළිවෙනතුරු විතරයි (නි)
අනේ! මෙයාලා ලංකාවේද ඉන්නේ? (නි)
ඡන්දය දිනන්නේ පොදුජන ඡන්ද වලින් (නි)
මෛත්‍රීපාල අනිවාර්යයෙන්ම දිනනවා.(හේ)