(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ස්ථිර අදහසක් නැතැයි දයාසිරි ජයසේකර මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බව වුවත් අනෙක් කණ්ඩායම වෙනත් නම් යෝජනා කරන බව කී ජයසේකර මහතා ජනාධිපතිවරයා ද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කර නැතැයි ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ මෙම වසර අවසානයේ දී බව කී මහලේකම්වරයා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද කීවේය.
එබැවින් ජනාධිපතිවරණයක් ගැන කතා නොකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින්නද සුදානම්?
මොකද ඔබ සූදානම් නැත්නම් ජනාධිපතිවරණය නවත්වයිද? ඔබේ දේශපාලන වයස තවම අවුරුදු 18 නේද?
ඔබ වගේම පක්ෂයට ආදරේ කරන සැවොම මහන්සි වී වැඩකරලා. තම නායකයා රටේ නායකයා කරනවා. ඊට පසු මොකද වෙන්නේ? බලය ගත් පසු එයාගේ ලඟට යන්නත් බයයි නේද? මොන ප්‍රශ්න තිබුණත් නායකයාට ඕනෑ විදියට රට ගෙනියන්නේ. එයා දන්නේ නැහැ වගේ. නැවත අලුත් ජනපති කෙනෙක් තෝරන වග... ඉන්න ටිකකාලේදී පිස්සු නටලා තව කෙනෙකුට නොඑන්න පාර වහලා යන්නේ. ඉතින් මෙවැනි අය වෙනුවෙන් ඔබගේ වටිනා කාලය නාස්ති නොකර, විදේශ තනතුරක් ලබාගෙන දියුණු වුනොත් නරකද? උන් වෙනුවෙන් අපි ඉන්නවා නමුත් අපි වෙනුවෙන් උන් ඉන්නවද? ලංකාවේ දේශපාලනය පිරිසිදු නැහැ. කවුරු කවුරුත් තමන්ගේ වැඩක් බලාගන්න..
"ජනාධිපතිවරයාද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කර නැතැයි" කියලා ඔබ කිව්වට, ජනාධිපතිතුමාට සදාචාරයක් නැහැ... නැවතත් තරග කරන්න. ඇමතිතුමාමයි කිව්වේ දින සීයෙන් ජනාධිපති ධුරය අහෝසි කරන බවත්, එක් වතාවක් පමණක් ධුරයේ ඉන්න බවත්, පසුව පොළොන්නරුවට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න බවත්...
මෙතුමා ඒ දවස්වල හම්බන්තොට වරාය නම් බලබල හිටියා.
මේ හාදයෝ හින්දා අපට අන්තිමට කුණු කරෝල තමයි කන්න වෙන්නේ...
ඔහේලා ආවත්, නාවත් දින වකවානු හරිගියාම මැතිවරණ කොමසාරිස්වරයා ඒවා නියමෙට කරාවි..! ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගහන්න සූදානම් වෙන්න ඕනේ නැහැ. ඉතුරු හරිය ඡන්ද දායකයෝ බලාගනීවි. අත්තෙන් අත්තට පනින රිලව්, වඳුරෝ වගේ අය නම් ටිකක් බයවෙන්න ඕනෑ..!
ඔබතුමාගේ මහන්සියෙන් නම් මෙවර වැඩක් වෙන එකක් නැහැ
දැන් තමුන්නාන්සේලා වාඩිවෙලා ඉන්නෙ විපක්ෂයේ, අවිනිශ්චිත ජනාධිපත්වරණ ගැන කතා නොකර තමුන්ට පැවරිලා තියෙන විපක්ෂයේ කර්තව්‍යය ඉටු කරලා ඉන්න. මොකද අවුරුද්දක් හමාරක් විපක්ෂයේ ඉන්න බැරි ගාය?
ජනපතිවරණයට සන්ධානයක් විදියට මෛත්‍රීට නාමයෝජනා දීමට පොදුජන පෙරමුණ කැමතිවේ දැයි කියලා සැකයක් තිබෙනවා...
කවුරුන් කෙසේ කීවත් අතිගරු ශ්‍රීමත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමන් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන ජනපති වනු ඇත..