(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දූෂණය නතර කිරීම ගැන සහ මෙතෙක් සිදුවූ දුෂණයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව කීමට ජනාධිපතිවරයාට අමතක වූ බව කී මුජිබුර් රහුමාන් මහතා කතාවෙි එක තැනකවත් දූෂණය නතර කරන බවක් හෝ පසුගිය කාලයේ සිදු වූ දූෂණ ගැන සොයා බලන වගක් කිව්වේ නැති බව පැවසීය.
දේශපාලකයන් ගැන සමාජයේ ලොකු වෛරයක් තිබෙන අතර දේශපාලකයන් එය තේරුම් ගත යුතු යැයිද එම වෛරය ඇති වුනේ ඇයි දැයි තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.
අරගල කරන තරුණයන් නැගිට්ටේ කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කර ගන්නා සම්ප්‍රදායට බවත් මෙය දේශපාලනිකව කියවා ගන්න බැරිනම් වත්මන් දේශපාලකයන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවත් මුජුබුර් රහුමන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් හොරා කෑ නිසා රට බංකොලොත් වූ බව අමතක නොකළ යුතු දෙයක්.විශේෂයෙන්ම,පැන්ඩෝරා පේපර්ස් සිද්ධිය,විදෙස් සංචිත හා දේපළ ඇතුළු රටේ මුදල් සොරාගත් සියලු දේ ගැන නිසි විගණනයකට ලක්විය යුතුය.රටේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය රට පාලනය කිරීමට පැමිණි විට මේ තරම් වත්කම් හා දේපළ හිමිවූයේ කෙසේදැයි සොයා බැලිය යුතුය.පිටරටකට ගෙනගිය මුද්‍රිත කඩදාසි තොගය ගැන දැන් බොහෝ දෙනාට අමතකව ගියා සේ පෙනේ.මේ සඳහා සෙවීමට රහස් පොලිසියේ දක්ෂ නිලධාරීන් යොදාගෙන,ඔවුන් හට ජාත්‍යන්තර පොලීසියේ සහායද ලබා දිය යුතුය.රටේ ජනතාවගෙන් තොරතුරු හා පිටරට සිටින ශ්‍රී ලංකා පුරවැසියන් දුන් බොහෝ තොරතුරු හා විඩියෝ ලබාගෙන ඒ ඔස්සේ නිසි පරිදි කටයුතු කළ යුතුය.
මට නම් ඔය මුජිබුර් රහ්මානුත් එකයි රනිලුත් එකයි. වෙනසක් නැහැ. 2015 දී ඔයා ඇතුළු රනිල්ගේ ආණ්ඩුව දුෂිතයන්ට දඬුවම් දෙනවයි කියල බලයට ඇවිත්, එම දුෂිතයන්ව ආරක්ෂා කළා. පසුව ඔයාලා චෝදනා කලේ රනිල් තමයි දුෂිතයන්ව ආරක්ෂා කළා කියල. නමුත් රනිල්ට එරහිව විශ්වාස බංගයෙදී ඔයාත් රනිල්ට පක්ෂව ඡන්දය දුන්නා. ඒ නිසා "කබරගොයාත් තලගොයා" කතාව ඔයාටත් ගැලපනවා.
මෙයාත් ඉතින් හැරෙන හැරෙන පැත්තතේනේ
පාර්ලිමේන්තුවේ වල් පල් කතා කිරිම මිස මහජනයාට ඒකෙන් ඇතිවන සහනයක් නොමැත.
අපට දේශපාලකයින් කෙරෙහි වෛරය ඇතිවුනේ 1977 සිටයි. රටට වැඩක් සිදුකර හොරකම් කළා නම් අඩු වශයෙන් මේ හොරු රටට වැඩක් කළා යන හැඟීමවත් ජනතාවට එනවා. ඇපල් වතු ගත්තේ මහවැලිය කඩිනමින් ඉවර කරලයි. තව කෙනෙක් කොමිස් ගත්තේ, ප්‍රධාන වශයෙන් අවුරුදු 30 යුද්ධය දිනලා, යුගදනවි නොරොච්චෝලේ විදුලිබලාගාර ඇති කරලා, දකුණු අධිවේගී මාර්ගය කරලා. 2014-2020 කාලේ ඩොලර් බිලියන 7ක් ණයගත්තේ මොනවා කරන්නද? මහ බැංකුව කොල්ල කෑවේ කාව පොහොසත් කරන්නද? අපි ඒ වෛරය 2020 දී පෙන්නුවා.