
(ඩයනා උදයංගනී)
අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ.
‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත්) ශානුක කරුණාරත්න යන මහත්වරු ද මේ අවස්ථාවේ ගාලුමුවදොර අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ කිතුණු ආගමික පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක නිරත වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුරදීගාලු මුවදොර අරගල බිමේ පැවැත්වෙන විරෝධතාවය දැක ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් එම ස්ථානයට ගොස් ඇත.
විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ ඔවුහු පසුව එම ස්ථානයෙන් පිටව ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පව්නොදී යනවද දෙවියන්ගේ නාමෙට..? කතෝලික බලවේගය ක්‍රමයෙන් මුට්ටිය දානවා වගෙයි...
වරදානවලට ඔලුව පත්කරගෙන හාමුදුරුවරු දේශපාලුවන්ගේ පැත්ත අරගෙන හැංගිලා... ඒ වුණාට කිතුණු ආගමික නායකයින් පෙරට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම කොච්චර අගේද? හාමුදුරුවරු හැමදාම කළේ හොර දේශපාලුවන්ට කඩේ ගිය එකමයි. ලැජ්ජයි...!
මේවා බොරු ෂෝ. මේ පියතුමන්ලාට අපේ ප්‍රණාමය..!.
මේ අරගලයින් පසුපස සිටින බළල් අත් දැන් ටික ටික එළිවෙනවා. මේ උන්දැලාගේ අවසාන අරමුණ මේ රටෙහි යම් පමණකට හෝ ඉතිරිව ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමයි. බ්‍රවුන්රිග්ගේ වර්තමාන මුණුපුරන් ඒ සඳහා යොදා ගැනීමට තරම් ඔවුන් සූක්ෂමයි. රුවන්වැලි සෑ රජුන් ඉදිරිපිට සිට ගෝඨා මහතා සිංහල බෞද්ධ ඡන්දයෙන් තමා බලයට පත්වූ බවට කළ නිර්දේශපාලනික නිර්භීත ප්‍රකාශය සමඟ මිසදිටු බලවේග ඔහු හා වෛර බැඳ ගත්තා. ඉන් පලි ගැනීමට ඔවුන් විසින් ආර්ථික අර්බුදය ඉතා සාර්ථකව යොදවා ගත්තා.