බිඟුන් මේනක ගමගේ
උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ.
උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසියේම අද පෙරවරුවේ මහනුවරට පැමිණ ජනාධිපති නිල නිවෙසේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් හමු වූ අවස්ථාවේදීය.
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන්ගේ හා ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී හිමියන්ගේ අස්සන් යුතුව නිකුත් කර ඇති මේ ලියැවිල්ල රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කරුණු 21 කට අදාළව යෝජනාවලියක් ලෙස සකස් කර ඇත.
COMMENTS
ජනාධිපති වැඩ කරන්න ඕනේ ජනාධිපති ලෙස පත් වී වසර 2 කට පසු මහ නායක හිමි වරු දෙදෙනෙකු දෙන ලියුමක් අනුවද තමන් ජනාධිපති වෙන්න කලින් ජනතාවට දුන් පොරොන්දු අනුව ලැබුනු ජනවරම අනුවද කියන එක දැන ගන්න ඕනේ.. මිනිහෙකුට නායන හිමිවරුන් දෙදෙනෙකු දෙන ලියුමකින් ජනාධිපති වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ..
උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවක් තිබෙනවා නේද හාමුදුරුවනේ?
හොඳ තත්වයක්. මැදහත්ව සිත සැම ජාතියක්ම එක වගේ ඉන්න පුළුවන් පරිසරයක් සැදීම අවශ්‍යයි. උතුරේ ද්‍රවිඩ පවුල් වල ආර්ථික තත්වය නගාසිටුවීමත් වේගවත් කරන්න
හරියට හරි හාමුදුරුවනේ... අන්‍යාගමිකයන් වන අපත් ඔබතුමන්ලාගේ මතයට ගරු කරනවා.
දේශපාලන පොරොන්දු කුමක් වුවත් ලෝක බලපෑම් කෙසේ වුවත්, මේ රට නොබෙදී එකක් ලෙස පවත්වාගෙන යාම සඳහා ජනාධිපති බලතල අනීවාර්යයෙන්ම එසේම තිබිය යුතුයි.
බලය අත්තනෝමතිකව යොදවන්නේ නැත්නම් විධායක ක්‍රමය හොඳයි. කොහොම උනත් හැන්ද අතේ තියාගෙන බලය බෙදන එක වඩා හොඳයි. අපි හැමෝම ශ්‍රී ලාංකික කියන්න අපි කැමතියි.
විධායක ජනාධිපති කෙනෙක් සිටි නිසා වසර 30ක යුද්ධය ජයගන්න පුළුවන් උනා. නමුත් ඒ ප්‍රශ්නය මෙරටෙත්, ජාත්‍යන්තරවත් හරියට විසඳී නෑ. රට නොබෙදා ප්‍රශ්නය විසඳීමට නම් නායක හිමිවරුන්ගේ අදහස පිළිගන්න වෙනවා. ඔවුන් ඒ දේ කියන්න ඇත්තේ පසුගියදා මානව හිමිකමේ නායකයාගේ ප්‍රකාශයන් නිසා වෙන්න පුළුවන්.
නරකද කිරි ටිකක් පෙව්වනම් අපේ හාමුදුරුවනේ ...
රට කරවන නායකයන්ට මහා සඟරුවන විසින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම පෙර සිටම අපේ රටේ පැවති චිරාගත චාරිත්‍රයක් විය.
1972 ව්‍යවස්ථාවත් විධායක ජනාධිපතිකමත් නිසා ඇතිවුන යුද්දය නැවතීමට ලක්ෂ ගණන් ජීවත බිලි දෙන්න සිදුවිය. තවත් එම ජනාධිපතිකම තියාගෙන ඉන්නද?
ජේ. ආර්.ජනාධිපති තුමොගේ දුර දක්නා නුවන තේරැන් ගැනීමට වර්තමාන කුහක මිනිසුන්ට තව කොපමණ කාලයක් යයිද?තවත් අවනීතිය රජයන ජනාධිපතිවරයෙක් බිහිවුනොත් රටට කුමක් වෙිද?