(තිළිණි ද සිල්වා)
වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මුල්ම අතුරු වාර්තාව අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව එම ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසයි.
එම කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් එම අතුරු වාර්තාව අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඇතුළු සෙසු සාමාජික සාමාජිකාවෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ජනාධිපති කොමිසම ආරම්භ කළ ඉකුත් ජනවාරි 29 වැනිදා සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුළ එම කොමිසම විසින් විභාග කළ පැමිණිලි සහ පොලිස් විමර්ශනය සඳහා යොමු කර තිබෙන පැමිණිලි පරීක්ෂණවල ප‍්‍රගිතිය ඇතුළත් කර මෙම අතුරු වාර්තාව සකස් කර ඇතැයිද එම ජනාධිපති කොමිසමේ ප‍්‍රකාශයෙක් ලංකාදීපයට පැවසීය.
2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ වත්මන් රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳ මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ කාර්යය වේ.
මේ වන විට ඊට අදාළව පැමිණිලි 1363ක් එම කොමිසම ඉදිරිපත් වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනවාරි 17 වැනිදා පත් කරන ලද මෙම ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මාස 06ක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රජය ජනපති කොමිසන් කීයක් දැම්මද ? ඒවා අනුව ගත් පියවර මොනවද ? ජනතාව රැවටීමට මේවා කලා. මේවා පවත්වන්න කෝටි ගණන් මහජන මුදල් වැය කලා.
ඔය වාර්තාව අතටම දෙන්න
අදාල පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ කිසිවෙකු විසින් හෝ දැනුවත් කර නොමැත. මැතිඇමතිවරුන්ද ඒ ගැන දැනුවත් කර තිබුණේ නැත. සමහර විට විපක්ෂයේ අය මේ ගැන දැනගෙන සිටින්නට ඇත. ඒ අවස්ථාවේ අදාල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිසියේ නිලධාරින් මේ ගැන වගකිව යුතුය. එහෙත් මෙහි සම්පූර්ණ වරදකරුවන් වන්නේ ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නොකරමින් ඒ ඒ පල්ලි හා හෝටල්වල සිටි මිනිස්සුය. ඒ නිසා ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය පැමිණවිය යුතුය.