ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් හෙතෙම කීවේය. මේ සඳහා මුදල් ගෙවන්නට නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවත් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද. ඒක ජනාධිපතිට වෙනම යන්න ගේන එකක් නෙවෙයි. ශ්‍රී ලංකන් එකට කොහොමත් ගේන අලුත් ගුවන්යානයට සවි කරන්න පුළුවන් එකක් විතරයි. (නදී)
අපි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් (නදී)
මාධවී, ඕවා මේ මිනිස්සුන්ට කියල වැඩක් නෑ. මේවා තනිකරම ඉරිසියාව සඳහා පමණයි. අනික ලබන මාසයේ එන්න තිබ්බ නම් ඔහොම අවලංගු කරන්න පුලුවන්ද? නවත්වපු ඒවා හැර අලුතින් පටන් ගත් දෙයක් ගැන කියන්න. නැතිනම් අලුතින් පටන් ගන්න යන දෙයක් ගැන කියන්න. (නදී)
කෝ අර පාවෙන අවි ගබඩාව සම්බන්දව තොරතුරු. මේවා ඔක්කම මඩ (නදී)
මේක රාජපක්ෂ ගෙනාවේ තමන්ගේ පෞද්ගලික ගමන් යන වෙලාවට ඒ330 ගුවන් යානයට සවි කරගන්න. අපිට මේ අනවශ්‍ය නාස්ති වැඩක් නෑ (නදී)
මාධවී, හිතාගෙන ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද? හිටපු ජනාධිපති වරයට වෙනම ගුවන් යානයක් ගෙනාවා කියල කිව්වේ ජනාධිපතිවරණයට බොහොම කලින්. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේත් එවකට විපක්ෂය කතා කරලා තිබුනා. (නදී)
ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්. ඔබ තුමන්ලාට ගොඩක් පින්. ඔබ තුමා මේ විදියට වැඩ කොලොත් අපේ රට දියුණු වෙනවා නියතයි. දුප්පත් කම නැති වෙනවා හැමෝටම. එක සමාජ මට්ටමක් එනවා. රාජ්‍ය සේවය තුල කාර්යක්ෂම බව ඇති කරන්න. ගොඩක් පින් දුක්විදින ජනතාව බලන් ඉන්නවා ජනපති තුමනි, ඔබට තෙරුවන් සරණයි (නදී)
මාදවි ඔයා අර බැංකුවක නිකන් ඉදල පඩි සහ නිල වාහන ගත්තු කෙනා නෙවේ නේද (නදී)
හොද වැඩක්. කවුරු කරත් හොද වැඩක් නම් අගය කරන්න ඹ්නා (නදී)
මම නම් හිතන්නේ එක ගෙනාවාට වරදක් නැහැ. නැත්නම් මගී ගුවන් යානයක් විදේශ සංචාරවලට යොදා ගැනීම ඊට වඩා වියදම්කාරී වැඩක්. (නදී)
මාධවී ඔයත් කඩේ යන කෙනෙක්ද ? (නදී)
අපේ රටට අවශ්‍ය මෙවන් මිනිසුන් තමයි. ජනාධිපතිතුමනි මැතිවරණ පණතත් වෙනස් කොට මැරයන් සහ තක්කඩින් දේශපාලනයට නොඑන ලෙස උගතුන්ගෙන් මැති සබය පුරවන්න. (නදී)
මේ දැන් අමුතුම මවා පෑමක් කරන්නේ. මෙතුමා අර පැත්තේ ඉන්න කොට කරපු වැඩ සේරම අමතක වෙලා වගේ. එතකොට වාහන කීයක් ළඟ තියාගෙන හිටියද? (නදී)
මාධවී එතකොට අර චෝගම් එකට ගෙන්නපු සැප බස් දෙක. සමුළුවෙන් පසු පාවිච්චිය ඔයා මොකද කියන්නේ. ඒකේ මේ ලඟක් වෙනකම් අපිද නැගල ගියේ ? (නදී)
කොටියාගේ පුල්ලි ටික ටික එලියට එනවා (නදී)
නියම වැඩක්. (ර)
මෛත්රී පාලනයෙන් රට දියුණු වේවා.! (ර)
කෝ අර පොලීසිය හොයාගත්ත වාහන (දිල්)
කාටවත් කඩේ යන්න මට උවමනාවක් නෑ. හැබැයි දෙයක් කියනකොට ඇත්ත කියන එක කඩේ යාමක් විදියට දකින්නේ පාට කණ්නාඩි දාගෙන එලිය බලන මිනිස්සු. මම කිව්වේ මේක ජනාධිපතිවරයාට විතරක් යන්න ගේන විශේෂ ගුවන් යානයක් නෙවෙයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සංචිතය වැඩි කිරීම යටතේ මිලදී ගන්න අලුත් ගුවන් යානයකට සවි කරන්න පුළුවන් සුයිට් එකක් විතරයි. අලුතින් ගන්න ගුවන් යාන හය කොහොමත් ගන්නවා. ඒවා නතර කරන්නේ නෑ. (දිල්)
වැඩේ හොඳයි. (ර)
අපේ රටට අවශ්‍ය මෙවන් මිනිසුන් තමයි. ජනාධිපතිතුමනි මැතිවරණ පනතත් වෙනස් කොට මැරයන් සහ තක්කඩින් දේශපාලනයට නොඑන ලෙස උගතුන්ගෙන් මැති සබය පුරවන්න.(දිල්)
හොද දේවල් කවුරු කළත් අපි එය අගය යුතුයි, ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ පාලනයේ ප්‍රතිපලය දින 100 ගෙවුනහම බලල කියන්නකෝ . (දිල්)
විධායක ජනාධිපති අහෝසි වෙනවනේ. ඉතින් මොකටද, කාටද වෙනම ගුවන් යනා?(දිල්)
මෙන්න ඇත්ත ජනාධිපතිතුමෙක්. දුප්පත් අවංක කෙනෙක් (බ)
එ්ක හොඳයි නමුත් බඩු මිල අඩුකළේ දමිල කට්ටියට විතරද? ප්‍රදාන අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ මුං ඇට, උළුදු, වගේ දේවල් නෙවෙයි, හාල්, පරිප්පු සිනි ( - 10/= මදි) කි 60/= වගේ, කරවල වර්ග සියල්ලම වගේ දේවල්. (බ)
නදී, ඔබ නිවැරදියි. රටක ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් තිබීමේ කිසිම වරදක් නැහැ, අනිත් රටවල නායකයන්ටත් එසේ තියෙනවා. ඔය කියන විදියට ඕඩර් එක කැන්සල් කළා නම් නිෂ්පාදකයා වෙත කැන්සලේෂන් චාජස් එකක් අප රජය විසින් ගෙවන්න වෙනවා (සාමාන්‍යයෙන් මුලුවටිනාකමෙන් 5% ගෙවිය යුතු වෙනවා). අනික තමයි එයාර් ලංකා හෝ මිහින් ලංකා ගුවන් සමගම් වලට සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් එය බොහෝ කරුණු කාරනා ඔස්සේ සිදුවෙන දෙයක්. මුදල් විදම් උනත් රටේ නායකයා අභිමානයෙන් සිටියයුතුයි. (ර)
මේ ගුවන් යානය ප්‍රතික්ෂේප කිරීමත් " කොටියාගේ පුල්ලි ටික ටික එලියට එනවා" කියන කතාවේ සම්බන්ධය මොකක්ද? යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වාලු. (ර)
බටහිර රටවල උනත් සීමිත පිරිසකට විතරයි ජනාධිපතිට, අගමැතිට කියා වෙනම ගුවන් යානා තියෙන්නේ. අප වැනි තුන් වන ලෝකයේ දුප්පත් අර්ධ සංවර්දන රටවල මේවා ගෙන්වා ගන්නට හැදුවේ , බල ලෝබය සහ රාජ උෂ්ණය සඳහා (නදී)
මාධවී කොහොමත් එදා ඉදන්ම, මම වගේ කඩේ තමයි ගියේ (නදී)
මේ කතාව බොරුවක්. කවුරුහරි ජනපති තුමාට බොරු කියලා. ලබන මාසේ එනවා නම් හදල ඉවරයි. එයා බස් ඕඩර් කරලා හදල ඉවර නම් ගන්නේ නෑ කියල එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. අනික ලබන මාසේ එනවා නම් මේ වෙනකොට එ්කට සල්ලි ගෙවලත් ඉවර යි. (නදී)
මේ කතාව බොරුවක්. (දිල්)
සාක්ෂි ඇතුව පෙන්නන්න .බොරු මඩ නැතිව (දිල්)
ජනාධිපතිවරයෙක් මේ රටේ ආර්ථිකය ගැන හිතල ගන්න සමහර තීරණ මෝඩ තීරණ හැටියට හිතන්න තරම් මහින්ද ආණ්ඩුව මිනිස්සුන්ගේ මොලය වෙනස් කරලා. පේනවා නේද සමහර අදහස්. එ්ත් දියුණු රටවල මිනිස්සු බයිසිකල් එකෙන් ගිහිල්ලත් වැඩ කරනවා. අපට රජෙක් ඕන නෑ, අපිට ඕන අපිත් එක්ක ඉන්න නායකයෙක් විතරයි. (නදී)
අපිටත් දැන් සැබෑ, පොළොවේ පය ගසා ජීවත් වන රජෙක් සිටී. එතුමා සදා කල් දිනේවා! (දිල්)
මම හිතුවේ බෙන්ස්, නැව්, රොකට් බස් විතරයි කියලා බලපුවම හැම එක්මනේ (දිල්)
මම හිතුවේ බෙන්ස්, නැව්, රොකට් විතරයි කියල. බස් විතරයි කියලා. බලපුවම ගුවන් යානාත් අරගෙනනේ (නදී)
ඕනවට වඩා සැප වින්ඳ නිසා තමයි දුප්පත් මිනිහව අමතක වෙලා ගියේ. (ර)
රටට වැඩ දායක පුතකු හදපු මවට අපේ ස්තුතිය. (නදී)
බර්නාර්ඩ් , ඔය කියන විදියට වෙලේ සුදාත් පාර්ලිමේන්තුවට ඒවි. (නදී)
කොහොමත් හොරා කාපු අයට ඒවා නැති වෙනකොට දුක තමා. එ්කනේ සමහරු මොන හොඳ කලත් දැන් පරණ පුරුද්ද මතක් වෙන්නේ. බල්ලෝ බිරුවට තවලම නතර වෙන්නේ නැහැනේ (නදී)
නියම ආදර්ශයක්. ඔය විදිහට රට පාලනය කරනවා නම් අපි හැමදාමත් ඔබලා සමගයි (නදී)
අලුත් ජනාධිපති කට ඇරියොත් මඩ වලකට අර අඳින එක තමයි කරන්නේ. මේ වාගේ හීන් නූල් කාරයෙක් රටේ නායකයෙක් උනේ යහ පාලනය කරන්නද? (නදී)
ඕවා කොහේ යන්නද ? (නදී)
රටේ පිනට පහළ උන රටක් වටික මනුස්සයෙක්. රටේ හෙංචයියන්ගෙන් බේර ගත්තොත් ඒ ඇති (නදී)
ශ්රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය මෙන් ජනාධිපතිවරයාට වෙන්වූ ගුවන් යානයක් නඩත්තු කළ හැකි රටක් නොවේ. හිටපු ජනාධිපතිවරයා තම විදේශ සංචාර වලදී හිතු මනාපයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා වෙන් කර ගෙන බුරුතු පිටින් සිය හෙන්චයියන් පුරවා ගෙන එම ගමන් වල යෙදුනේය. ඔහුට පෙර මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් සිය විදේශ සංචාර කලේ සාමාන්‍ය ගුවන් යානා වල ආසන වෙන් කර ගෙන සීමිත දුත පිරිසක් සමගය. නව ජනාධිපතිතුමාත් එම නායකයන් සේ සිය විදේශ සංචාර සාමාන්‍ය ගුවන් යානාවල ආසන වෙන් කරගෙන කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. (නදී)
ජාතියේ පිනට පහල වූ ඔබ අපිට දෙවියෙකි (නදී)
නියමයි ! (නදී)
මේ මෝඩයෝ රැවටිලා, මිනිස්සුන්ට දෙන්නම් කියපු ඒවාට සල්ලි හොයන්නේ මෙහෙම තමයි. නැතිනම් ඔය පොරොන්දු විජ්ජාවට කොහේ තියෙන සල්ලිද ? (නදී)
මෙම ගුවන් යානය ලංකාවට දෙන්න ඇත්තේ බටහිර අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයකිවන් වෙන්න ඇති (නදී)
මොනවා කිව්වත් මහින්ද රජතුමා විතරයි රටට ආදරේ. එතුමව අපි කොහොම හරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත බලයට ගෙනෙන්න ඕනා. එතුමා නැත්නම් රටත් ඉවරයි. ආගම ජාතියත් ඉවරයි. (නදී)
එතකොට පුතාලට හෙලිකොප්ටර් තාත්තට ගුවන්යානා. හොඳයි හොඳයි. අපොයි සල්ලි. (නදී)
ප්‍රශංසනීයයි. (නදී)
කොහොමද පොදු බයියගේ වැඩ. කඩේ හිටපු හා ගිය එවුන් කමෙන්ට් දාපල්ලා (නදී)
මේ වගේ කට හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කිවුව නම්. බෙර ගහල කැගහල අල්ලපු අවි ගබඩා වල සද්දේ දැන් ඉවරයි. රටම දන ගත්ත වෙලා තියන දේ. බොරු කියන්න උනත් ක්‍රමයක් තිබිය යුතුයි. (නදී)
ආදර්ශවත් වගේම රටටම පාඩමක්. කෝටි ගාණක් ගෙවලා බස් ගත්තා චෝගම් වලට. මේවා තමයි නියම නායකත්වෙයේ තීරණ. (නදී)
බැංකුවක හිටපු සභාපතිනියක් සහ ජී.එම් කෙනෙක් රුපියලකට වාහන අරන් ගිය පුවතකුත් ඔය අතරේ දැක්කා. (නදී)
නියමයි (නදී)
ඉතා හොඳ බුද්ධිමත් තීරණයක් (නදී)
සරල නිහතමානී මිනිසෙකුගේ වටිනාකම තමයි මෙය (නදී)
ඔබ තුමන්ලාට ගොඩක් පින්. ඔබ තුමා මේ විදියට වැඩ කොලොත් අපේ රට දිවුණු වෙනවා නියතයි. දුප්පත් කම නැති වෙනවා හැමෝටම. එක සමාජ මට්ටමක් එනවා. රාජ්‍ය සේවය තුල කාර්යක්ෂම බව ඇති කරන්න. ගොඩක් පින් දුක්විදින ජනතාව බලන් ඉන්නවා (නදී)
හරිම පුදුමයි. අහන්නත් සතුටු දෙයක්. මෙන්න දෙවිවරු. ජනපති තුමනි, ඔබට තෙරුවන් සරණයි (නදී)
මෛත්රී සර්, "ඔබ දුප්පත් අපේ මිනිසා" ස්තුතියි (නදී) .
ශ්රී ලංකික සොහොයුරු සොහොයුරනි අපි පසුගියදා පක්ෂ බේද, ආගම් බේද , ජාති බේදයෙන් තොරව එකමුතුව ජනාදිපති මැතිවරණයට පෙනී සිටීම මත අපට නිහතමානී ජනාදිපතිවරයෙකු ලබාගන්නට පුළුවන් වුණා. මෙතරම් කෙටි කාලයකදී එතුමාට ලැබෙන වරප්‍රසාද පවා තම ජනතාවගේ සුබ සිද්දිය තකා ප්‍රතික්ෂේප කිරීමෙන් එතුමාගේ උසස් ඉහලතම මහත්මා ගුණාංග පෙන්නුම් කරනවා. එතුමාට අපේ සුබ පැතුම්. අප අපේ මව් බිමට කරන ආදරය කරන්නා සේම අපේ ජනාදිපතිව ආරක්ෂා කරමු. (නදී)