(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න අණබාහු)
සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.
‘‘සිංහල ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගේනවාට අප විරුද්ධයි.දෙමළ සන්ධානයේ සම්පන්දන් මහත්තයාත් ඒක කියලා තියෙනවා.ව්‍යවස්ථා සංශෝධන මේ රටේ සියලු ජනතාව දැනගත යුතුයි.‘‘
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා -
‘‘මේ රටේ ගොඩක් දේවල් වුණේ හංගලා ගහලයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් මෙයා කියන්නේ අැත්ත නම් බොහොම වටිනා අදහසක්... සිංහල කියන යූ.එන්.පී. අයට ඕක කියන්න කොන්දක් නෑ... චී ලැජ්ජයි නොවැ..
අදහසනම් සහතික ඇත්ත. නමුත් මේ මහජන නියෝජිතයා මෙය අවංකව පැවසුවේද? නැද්ද? යන්න නම් ගැටළුවක්...
මෙතුමාගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත, ඒත් බලතණ්හාවට අපේ අයට ඒක මතක නැහැ. ඒක මේ රටේ ඉපදුන සිංහල, දෙමල, මිනිසුන්ගේ අවාසනාව.
ඉතා හොද ප්‍රකාශයක්. නමුත් මෙයාලාව විස්වාස කරන්න තමා බැරි.
මෙයාට ටිකක් තේරෙනවා
මොකෝ රනිල් සිංහලයාට කොලේ වහලා සුළුජාතීන්ට උතුරු නැගෙනහිර දෙන්න ව්‍යවස්ථාවක් හදලා දෙන්නම් කීවාද?