IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘ ජනතාවට තව මාස පහක් පමණ දුෂ්කර තා විඳින්න වෙනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එතෙක් ජනතාවට දුෂ්කරතා අත් විඳීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා ඉක්මණින් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට  හැකියාව ලැබෙනු ඇතැයි ද පත්වන නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව කාලය තීරණය වන බව වීරසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සැලැස්ම තාක්ෂණික කණ්ඩායම වෙත ඉදිරිපත් කළ බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේදී ප්‍රථම පියවර මාණ්ඩලික ගිවිසුමකට එළඹීම බව ඔහු සඳහන් කළේය.

ස්ථාවර රජයක් පත් වී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සැලස්ම ඉක්මණින් ක්‍රියාත්මක කළහොත් මසක් ඇතුළත් මාණ්ඩලික ගිවිසුමකට එළඹීමට හැකියාව තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ස්ථාවර රජයක් පත් නොවූහොත් එය තවත් කල් යා හැකි බව ඔහු සඳහන් කළේය. සියල්ල තීරණය වන්නේ නව රජය සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව බව ඔහු ප්‍රකාශ කළේය.

මාණ්ඩලික ගිවිසුමකට මසක් ඇතුළත එළඹීමට හැකියාව ලැබුණත් එය පළමු පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම ක්‍රියාවලිය අවසන් කිරීමට මාස කිහිපයක් ගත වෙන බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.

මෙම පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු පැවසුවේය. ඒ අනුව දෙසැම්බර් මස මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙනු ඇතැයි වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි සති කිහිපය සඳහා පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීමට මහ බැංකුව මුදල් ලබා දුන්නත් ඉන්පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය පහසුකම් මිත්‍ර රටවල්වලින් ලබා ගැනීමේ වගකීම නව රජය වෙත පැවරෙන බව වීරසිංහ මහතා පැවසුවේය.

ඉවසීමෙන් කටයුතු කරමින් නව රජය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා තීරණ දෙස බලාපොරොත්තුවෙන් බලන ලෙස වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (7)

‘‘ ජනතාවට තව මාස පහක් පමණ දුෂ්කර තා විඳින්න වෙනවා‘‘

" දුන් දේ ලැබේ " Thursday, 21 July 2022 12:01 AM

දැන්වත් අරගල කරන අය ඒවා නවත්තලා සංචාරක ව්‍යාපාරයම ගැන හිතලා ඩොලර් රටට වඩින එකට අතහිත දුන්නොත් මාස දෙකෙන් රට ගොඩ...!

:       8       22

ravin Thursday, 21 July 2022 07:57 AM

පොදුජනයා පවා හොඳින් දන්නවා හොරුන්ගෙන් තොරව වගකීම් නිසි අයුරින් ඉටුකරන අයගෙන් යුක්ත ඇමැති මණ්ඩලයක් පත්වූවොත් ණය වලෙන් රට ගොඩඒම වැඩි ඈතක නොවේ...

:       0       0

SL Thursday, 21 July 2022 08:10 AM

ජවිපෙ, පෙරටුගාමී අරගල කරුවන්ට කියන්න තියෙන්නේ ,දැන් පැත්තකට වෙලා ඉන්න. කුමාර් ගුණරත්නම් ටත් එයාගේ ඕස්ට්‍රේලියාවේ තියෙන මිලියන 500-600ක් වටිනා ගෙදර ගිහින් ඉන්න අලුත් ආණ්ඩුවට තමන්ගේ වැඩේ කරගෙන යන්න දෙන්න. විවේචන තියෙනවා නම් පැහදිලිව සාමකාමිව දැනුම් දෙන්න. මේ රටේ මේ තත්වෙට ඔයාලගෙත් 50% ක දායකත්වයක් තියෙනව.

:       9       19

Surain Thursday, 21 July 2022 08:18 AM

එයත් පටන් අරන් අපිව අන්දලා කඩේ යන්න...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 July 2022 08:56 AM

හැමදාම මේ දුක නොවිඳ මාස හයකින් ඉවරවෙනවා නම්, කොපමණ හොඳද ? අරගල කරුවන් ඝෝථා හා මහින්දව යැව්වා.ඒත්,ඉතින් ඒ අය කියනා විදිහට එන එන හැමෝවම යව යවා ඉන්න ගියොත්,රටේ තත්වය වඩ වඩාත් නරක අතට හැරේවි.දැන් ඒ අයට දේශාපාලන පක්ෂයක් තියෙන එකේ ඊළග මැතිවරණයට තරඟ වැදීමට ඉඩ ප්‍රස්තා පවතී. සැවොම එකතුවී රට ගොඩගෙන පසුව,මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණ පවතින ක්‍රමයෙහි වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ සිට සිදුකළ හැකිය.

:       5       21

fairoosThursday, 21 July 2022 12:19 PM

චන්දයක් තියල අලුත් ආණ්ඩුවක් එනකම් රට ගොඩගන්ඩ අමාරුයි.

:       0       0

මහීල් Thursday, 21 July 2022 10:34 AM

මේක තමා ඇත්ත. රාජපක්ෂලා කාපු රට ගොඩගන්න ලේසියෙන් බෑ. රනිල් ඩලස් සජිත් අනුර නෙවෙයි අපේ මෝටිවේෂන් අප්පච්චි ආවත් වෙන්නෙ ඕක

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site