තමන් ඇතුළු පාර්ශව ගණනාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කිරීමත් සමග නීතියට පිටින් ජනතාවගෙන් බදු අයකිරිමේ ක‍්‍රියාදාමය වළක්වා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද (01) මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද පැවසීය.
‘‘අපගේ නීතිඥයන් විසින් ගරු අධිකරණයට පෙන්වා දුන්නා පනත් සංශෝධනය නොකර, ගැසට් නිවේදනයක් හෝ නොමැතිව හුදු දැනුම් දීමකින් පමණක් නීතිවිරෝධි ලෙස විශාල බදු ප‍්‍රමාණයක් රටේ ජනතාවගෙන් අය කරනවා කියලා”
මෙම අවස්ථාවට හිටපු විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, එහි නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ යන මහත්වරු ද පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම තමුන් හැදෙමු මහත්තයෝ ඊට පස්සේ ජනතා සේවය කරමු. මොකද නොයෙකුත් චෝදනා තියෙද්දී උසාවිය පැත්තේ කැරකීම එච්චර හොද නෑ වගේ. (බ)
ආණ්ඩු දෙකක වෙනසක හැටි! (නි)
බලය නැතිවුණාම රට ජාතිය ජනතාව ගැන කෑ මොර දෙනවා. බලය තියනකොට තමා තම පවුල තමන්ගේ වටේ ඉන්න සහචරයන්ගේ මඩි පුරෝගෙන සද්ද නැතුව ඉන්නවා. නිල මැස්සාගෙයි මී මැස්සාගෙයි වෙනස හඳුනාගන්න අපේ මිනිසුන්ට තව කොච්චර කාලයක් ගතවෙයිද දන්නෙ නැහැ (නි)
සමාජවාදියෙකු වු මොහු පසුගිය කට්ටිය සමඟ ධනවාදීන්ට එකතුවී මෑත යුගයේ ජනතාව අතර වඩාත් කතාබහට ලක්වූ දේශපාලඥයෙකි. ජනතාව ප්‍රවේශමි වියයුතුයි. (නි)
ඕකත් හරියට ලෝක වෙළඳපොළේ ප්ලග් එක ගැළෙව්වා වගේ තමා. ඊළඟට ලෙමන් පෆ් උපවාසයක්වත් කරමු. (නි)
බලාගෙන, නඩු කඩදාසි වල හරි දිනය දාලා දෙන්න. දින දෙකක් තිබුනොත් ප්‍රශ්නයක් වෙයි. (නි)
මේ වගේ කට්ටියට අතේ සතේ නැතිවෙනකොට තමයි ඇස් ඇරෙන්නේ. පසුගිය අවුරුදු වල සීතල කාමරේ ඉන්නකොට අසරණ ජනතාවගේ දුක දැනුනේ නැහැ. (නි)
වැට බද්ද 20% කළ වෙලාවේ නඩු නොදැම්මේ මොකද?දැන් වැට බද්ද 15% නේද? (නි)
රජිත් කියපු දෙය සහතික ඇත්ත. (ර)
ලෝකෙට පරකාසේ . ගෙදරට මරගතේලු. (ම)
රටට වැඩක් කරන්න පුළුවන් මහජන ප්‍රසාදය ගත් හොද මන්ත්‍රීවරයක්. ඔබට සදා ණයගැතියි (ම)