‘අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලූ බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය ක්‍රියාත්මක කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (8) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මෛතී‍්‍ර-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව රටේ ජනතාව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල හමුදාව, පොලීසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප‍්‍රහාර එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. අපේ රටේ කර්මාන්ත හදන්න ඕනෑ බව අපි පිළිගන්නවා. නමුත් ඒ වෙනුවෙන් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න දෙන්න බැහැ. ජනතාවගේ ඉඩම් පවරාගෙන කර්මාන්තශාලා හදල වැඩක් නැහැ. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ කර්මාන්ත හදන මුවාවෙන් විදෙස් සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා එදා වේල පිරිමහ ගන්නයි. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.‘ යැයි ද විජිත හේරත් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලා මහපොළොවේ ඇති ඉඩම් මත ඉදිනොවේ නම්, වෙන කොහේ ඉදිකරන්න කියලද කියන්නේ? (නි)
පරණ පුරුද්දටම හැමදේටම බනිනවා. (නි)
ඒ කතාව නම් ඇත්ත.(හේ)
ජීවගේ මොළය ගැන කණගාටුයි (නි)
ජේ වී පි එක එදා ඉඳන් කළේ අහිංසක සිසු සිසුවියන් සහ ජනතාව නොමඟ යවමින් උද්ඝෝෂණ පවත්වා රට අස්ථාවර කිරීමයි (නි)
කවුද මේ අයට ජනතා ඉඩම් පවරා ගන්නවා කිවුව කෙනා අපේ රට දියුණූ වෙන්න නම් එක එකාට නැමෙන්නේ නැතිව දැඩි තීන්දු තීරන ගන්න වෙනවාමයි රටේ ණය ගෙවන්නේ කොහොමද බදු නොගහා හදෙන් ගෙනත් පියවන්නයෑ (බ)
අපේ එකම බලාපොරොත්තුව.(හේ)
යහපාලනයේ පෙර ගමන්කරුවෝ දැන් මෙහෙමද කතා කරන්නේ? ගම් වල ඉන්න නූගත් ගෑනු අය දැනගෙන හිටිය මේ ආණ්ඩුව පත් වුනොත් රටට මොකද වෙන්නේ කියල නමුත් මහලොකු උගත් සමාජ වාදියෝන්ට ඒ ටික තේරෙන්න අවුරුදු දෙකකම ගියා, කොහෙන් හිනා වෙන්නද මේවට (බ)
ජේවීපී උදවිය ප්‍රශ්න ඇති තැන්වලට පනින්නේ ඡන්ද වැඩිකරගන්නයි. පෝර ඉල්ලා ගොවියෝ එක්ක පෙළපාලි ගියා. දැන් මේකට පැටලිලා. ගෙයක් ගානේ යනවාලු. අයිඩී ඉල්ලන්නද? (අ)
පොඩි අඩියක් දාලා..කැබ් එකක් ඩ්‍රයිව් කළා නම්...බලාපොරොත්තු ඉටුවෙනවා ....(කටේ නරිවාදම්) (බ)
මේ අවස්ථාවේදී නම් ජේවීපී සමග එකග වෙන්නේ නැහැ. බලෙන් ඉඩම් පවරගන්නවා කියා ඔබ කියන්නේ මොන සාධක උඩද, රට දියුණු වෙනවට බයද.(අ)
අපි ජනවාරි 8 හංසයාට ගැහුවා දැන් දඟලනවා (බ)
එතකොට ගොඨාබය මහත්තයා ඉන්නකොට ඔය බලාපොරොත්තු කොහෙද තිබුනේ?(හේ)
කර්මාන්ත ශාලා හදන්නත් ඕනැලු.. නමුත් ඉඩම් දෙන්නත් බැරිලු.. අහසෙද කර්මාන්ත ශාලා හදන්නේ...(හේ)
මේ අය කොහොමත් ග්‍රාමීය ප්‍රදේශ දියුණු වෙනවට අකමැතියි. මොකද එහෙම වුනොත් මේ ගම්වල ජීවත් වෙන අය රවට්ටා ගන්නට බැරි වෙනවා. (අ)
හැමදාම විරෝධය , කොහොමද කරපු කාලේ, '71, 89 විරෝධ කරන්න ගිහිල්ලා, තරුණයෝ ලක්ෂයක් අඩු වුණා, ඔබලාගේ ක්‍රමය ජනතාව අනුමත කළේ නෑ,ඔබලත් පාරම්පරික සමාජ වාදියෝ වෙලා, රටට වැඩක් නෑ (බ)
දේශපාලන කුණු කුඩයක් කතා කරයි. (බ)
මෙම රජයේ කටයුතු ගැන සැහිමකට පත්වන්නට බැහැ නමුත් පසුගිය රජය කාලයේ කටුනායක. හාලාවත. රතුපස්වල. සිදුවීම් සුදු වෑන් දැං අමතකද (බ)
පුදුමයි ඔබට මතක නැති එක පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව අරඹද්දී මෙවැනි සිද්ධියකදී ඔබේ පක්ෂ සාමාජිකයෙක් ගිනි තිබ්බා. දැන් කී දෙනෙක් ජීවත්වෙනවාද ඒකෙන් (බ)
අනේ ඔහෙලා බොරුවට කතා. ඔහෙලා හැමදාම විහිළු කතා. මොනවද දැනෙන්න කළේ ? (බ)
හරියට හරි ජීවා (හේ)
රටක් දියුණුවීමට නම් මෙවන් විදේශ ආයෝජනයන් ක්‍රියාත්මක විය යුතුමයි. විදේශ සම්පත් රට තුලට ගලා ආ යුතුයි. වෙලා තිබෙන්නේ අවස්ථාවාදී දේශපාලකයන්ගේ වාසියට ජනතාව නොමඟ යැවීමයි. අපේ අහිංසක යුවතියන් අරාබි රටවල විඳින වහල් සේවය සහ එමඟින් පවුල් කැඩීයන ආකාරය පේනවා නේද? එම තත්වය මඟහරවාගෙන ඔවුන්ට මෙවන් කර්මාන්ත ශාලාවල රැකියා අවස්ථා ලබාගන්න පුළුවන්වීම කෙතරම් සහනයක්ද? (නි)
මෙයාලා නේද එදා ඡන්දෙ දෙන්න කිව්වේ. (ර)