(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු  ද වන හිටපු  ඇමැති ජනක බණ්ඩාර  තෙන්නකෝන්  මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී  ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර  ඇත.

දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න මහතා සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු  පාතදුම්බර  ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර  ප්‍රාදේශිය සභාවේ  හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර  මහතා පත්කර ඇත.

ලොහාන්  රත්වත්තේ මහතා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  හිටපු  ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. 

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම මහතා  ඉන් ඉවත්කර  ඒ වෙනුවට  කේ.ජි.ගුණවර්ධන මහතා පත් කර ඇත.

ඔවුනට පත්වීම් ලිපි  ප්‍රදානය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අතින් ජනාධිපති  කාර්යාලයේ දී  අද (25) පිරිනැමිණි.

මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ යන මහත්වරු මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.

කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න යන මහත්වරු මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර් යන මහත්වරු රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති. 

එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.