(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
එම විවාදය එදින උදේ 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
මේ අතර ලබන 22 වැනි දා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීම පිළිබඳ විවාදය ලබන 25 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 9.30 සිට සවස 12.30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
හිටපු කතානායක අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ලබන 26 වැනිදා සිකුරාදා
පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමටද එම කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඈත.
ඔට්ටු ඇල්ලීම සහ සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, වරාය ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේවූ ගැසට් පත්‍රියේ සඳහන් නියෝගය ලබන 23 වැනිදා අඟහරුවාදා විවාදයට ගැනේ..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය විසින් මහජනයා මත පටවනු ලබන අනිසි හා පීඩාකාරී තීන්දු තීරණ වලට විරුද්ධව තනිවම සටන් කළ මේ නිලධාරියාව එලවා දැමීම සඳහා යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම මැති ඇමැතියෙකුට කවදාකවත් ඔබගේ ඡන්දය නොදීමට හිතේ තබාගන්න. ඔවුන් අමු පාහර දේශපාලුවන් බව නිතරම මතක්කර ගන්න...
ජනක රත්නායක මහතා නිර්දෝෂී කෙනෙක් .ඔහු කතා කරන්නේ සමස්ථ මහජනයා වෙනුවෙන් .ඔහු රටට ආඩම්බර මහත්මයෙක්