
(රංජිත් රාජපක්ෂ සහ ජයන්ත නානායක්කාර)
නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය.
මෙසේ (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත්තේ කුරිලෙවි සවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (Kurylevsaveliyalexandrovich) (17) සහ කොල්ඩෙවිස්කි ඉනි කොලයිලිචි Kolchevskiinikolaiilyich (21) යන අයයි.
වනජිවි නිලධාරින් ඉකුත් 30 වැනි දා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා ඊයේ (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දෙන්න පුළුවන් උපරිම දඩුවමක් දියයුතුය මේ වෙනුවෙන් නොපමාව නීති සැකසීම කරන්න ඕන ඒ වගේම වනාන්තර වලට ඇතුල්වීමේදී දැනුවත් කිරීමත් වරදක් කලොත් ලැබෙන දඩුවමත් දැක්වෙන පුවරු වනාන්තරයේ තැන් තැන්වල සවිකරන්න ඕන..