විශිෂ්ට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඔහුගේ බිරිඳ වන ඇම්බර් හියර්ඩ් පිළිබඳ පැමිණිල්ලේ කිසිදු පදනමක් නැති බවත්, ජොනී ඩෙප් විසින් ඔහුගේ බිරිඳට කිසිදු කායික හිංසනයක් සිදුකර නොමැති බවත් පසුගිය සතියේ හෙළිවිය. පසුගිය 21 වැනිදා පැමිණි හදිසි ඇමතුමක් සමගින් ඩෙප් සහ හියර්ඩ් පොලීසිය වෙත රැගෙන යන ලදී. මෙසේ කිසිදු අපරාධයක් පිළිබඳ විමර්ශනය නොකරම ඔවුන්ව පොලීසියට රැගෙන ඒම කැපී පෙනෙන සිදුවීමක් විය. කෙසේ නමුත් ලොස්ඇන්ජලීස් පොලීසිය මේ පිළිබඳ තවමත් ගැඹුරු විමර්ශනයක් සිදුකරන අතර, මීට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ හදිසි ඇමතුම් අංකයට ඩෙප් සහ හියර්ඩ් නොවන කවුරුන් හෝ වෙනත් අයෙකු මෙසේ දුරකථන ඇමතුමක් ලබාදුන්නේ ඇයිද යන්නත්, මෙය ලබා දුන්නේ කවුරුන්ද යන්නත් සොයා බැලිය යුතු බැවිනි. කෙසේ නමුත් මෙවන් දුරකථන ඇමතුමක් ලැබී තිබීම පිළිබඳ පොලිස් නිලධාරීන්ට නිශ්චිතවම තොරතුරු ලැබී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd