සිංහරාජ වනාන්තරයේ මළ හා නොමළ කෘමීන් සන්තකයේ තබාගත් බව කියන නෙදර්ලන්ත ජාතිකයාට එරෙහිව ලබන මස 27 වැනි දාට පැමිණිලි ගොනුකරන ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට නියෝග කළ කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරු 27 දක්වා රිමාන්ඞ් කෙළේය. ඔහු එදින රත්නපුර උසාවියට ඉදිරිපත් කරනු ඇත.
නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58) ඔහුය.
පසුගිය අපේ‍්‍රල් 05 දා සිංහරාජ වනාන්තරයෙදී මැරුණු තණකොළ පෙත්තකුගේ සිරුරක් වීදුරු නලයකට දාගන්නවා ඔහුට මග පෙන්නු මාර්ගෝපදේශකයා දැක එසේ නොකරන ලෙස අවවාද කැර ඇත. ඔහු නැවති සිටි හෝටලයේ කාමරය පරික්‍ෂා කිරිමේදී සිංහරාජයටම ආවේනිකවු ඒක දේශික කෘමින් ඇතුළු කෘමිවර්ග ගණනාවක් පොලිතින් කවරවල, වීදුරු භාජනවල සහ වීදුරු නලවල දමා තිබී හමුවිය.
ඔහු නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු විය හැකි බවට වනජිවී නිලධාරිහු සැක පළකරති. ඔහු සිටි හෝටලයේ කාමරයේ තිබී අත්අඩංගුවට ගත් ඞී.එන්.ඒ. පරික්‍ෂණ සදහා රුධිර සාම්පල් ලබාගන්නා වෑල් 114ක්ද, පරික්‍ෂණාගාර නළ 109ක්ද, මියගිය සතුන් කල්තබා ගැනීමට භාවිතා කරන මධ්‍යසාර, අත් කාච, අත්වැසුම්, අල්පෙනෙති, කැලෑ කහරැල්ලන්, සමනල සහ මකුළු බිත්තර, තණකොළපෙත්තන්, කැලෑ හුනන්, කැලෑ කැරපොත්තන්, මකුළුවන් ඇතුලූ කෘමි සත්තු නිර්දේශක දාහතරක් ද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වනජිවි දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ ප‍්‍රධානී ආර්.ඒ.ඞී.ඞී. සමරනායක සහ සිංහරාජ වනසත්ව ආරක්‍ෂක බී.එස්. සුමනරත්න, යන මහත්වරු පැමිණිල්ල මෙහෙයැ වූහ.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාන එකතු කෙළේ මහැදුරෙක්ද?
හර්ෂණී Thursday, 26 April 2012 03:51 AM
අපි බටහිර බෙහෙත්, තාක්ෂණය හැම දේම පාව්ච්චි කරනවා. ඔවුන්ට මෙහේ ඒ අත්හදාබැලීම් කරන්න ඉඩ දිය යුතුයි
අසංක අනුරාධ Thursday, 26 April 2012 05:09 AM
මේ අපරාධකාරයා කොටු කරගන්න සහාය වුන අවබෝධයක් ඇති සංචාරක මගපෙන්වන්නාට මගේ උපහාරය. එවැනි පුද්ගලයින්ගේ නමත් දැමීමට කටයුතු කරන්නේ නම් එය ඔවුන්ට උපහාරයක් වේවි.
එස්.දිල්රුක්ෂි Thursday, 26 April 2012 10:21 AM
මෙවන් අය රටින් පිටුවහල් කර දඩුවම් ලබා දිය යුතුයි
මස්තාක් Thursday, 26 April 2012 12:01 PM
මෙයා මහදුරෙක් නම් එකතු කළේ කෘමින් නම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ?
කුමාර් Thursday, 26 April 2012 12:15 PM
පරිසරයට ආදරය කරන්නන් මේ වගේ දෙවල් එකතු කරනවා. ඒක වාණිජ අරමුණකින් කරන දෙයක් නෙමෙයි. ඒත් කවුරු හරි ජාන මංකොල්ල කනවා නම් ඒක නැවැත්විය යුතුයි
ලංකාසිරි Thursday, 26 April 2012 02:34 PM
අවසර නැතුව මෙවැනි දේ කිරීම නීතිවිරෝධීයි.
ඇලෙක්ස් ඇන්ඩෘ Wednesday, 25 April 2012 05:37 PM
අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දිය යුතුයි. වහාම රටින් පිටුවහල් කරනු.
ඒ.නටුනායක Wednesday, 25 April 2012 06:52 PM
මේ ගැන විමසිලිමත් වුණු අයට අපේ ප්‍රණාමය
නිශාන්ත Wednesday, 25 April 2012 06:59 PM
මේ ගැන අවධානයෙන් සිටි සැමට ජාතියේ ප්‍රණාමය
අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:09 PM
මොකක්ද මේ සංචාරක මහේස්ත්‍රාත් කියන්නේ. ඒ කියන්නේ පොඩි උසාවියකින් නඩු අහන අයටද ? කලවාන ඔය තරම්ම පොඩි නගරයක් ද ? මොනව වුනත් මේ අපරාධය අල්ලපු අයට ජාතියේ ප්‍රණාමය.
කේ.කේ. Wednesday, 25 April 2012 08:50 PM
මේ වගේ අය මීට පෙර තව මොන මොන වටිකා දේවල් ගෙනියන්න ඇත්ද?
අමරත් Wednesday, 25 April 2012 10:30 PM
මෙවැනි පුද්ගලයින් වහා සිරගත කළ යුතුයි