(අමිල චින්තක ගමගේ)
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
අවසාන වශයෙන් ජන අරගල සංවිධානය නාම යෝජනා ලබා දුන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට බවත් ළහිරු වීරසේකරගේ නායකත්වයෙන් ඊට තරග වදින බවත් ඇය සදහන් කළාය.
පසුගිය මැතිවරණයෙන් ජනතාව අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා සේම මෙවර මැතිවරණයෙන් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සදහා ජන අරගල සංවිධානය හා එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
පසුගිය අරගලයට සම්බන්ධ වූ නායකයන් ඇතුළු ශක්තිමත්ව කණ්ඩායම මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ජන අරගල සංධානයෙන් බව ද ඇය වැඩිදුරටත් සදහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිවරණයේදී, දිනපතාම මාලිමාව පතුරු ගැහුවා මිසක්, රටට වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරපු එකම පක්ෂය මේක වෙන්න ඇති මයෙ හිතේ.. ගිරිය කඩාගෙන කෑ ගහලා, මුළු රටෙන්ම ඡන්ද 11000 ක් කියන්නේත් ලොකු ගාණක්...
ජුලී චෑං උන්දැත් ඉල්ලනවැයි ? ජන අරගල ප්‍රධාන සංවිධායිකාව එතුමිය කියනව නෙව.
එක වතාවක් මුලු දිවයිනෙන්ම ප්‍රතික්ෂේප උනා නැවත වතාවක් ඒක එහෙමමද කියලා බලන්න හිතෙන්න ඇති.
මෙවර දිවයිනේම ඡන්ද 7000ක් වත් තියේවිද දන්නෑ...