පසුගිය ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේ බලයේ සිටි රජයේ ප‍්‍රධානතම සටන් පාඨයක් වුයේ නින්දිත ලෙස ජාතිවාදය ඇවිලීමයි.
ඔවුනට එල්ලවූ චෝදනා වලට පිළිතුරු නැතිවූ නිසා ජාත්‍යයන්තර කුමන්ත‍්‍රණ,දෙමළ ඩයස්පෝරාව,,උතුරේ ඊළම, ජාත්‍යයන්තර යුද අධිකරණ, පිළබදව සාමාන්‍ය ජනතාව අනුකම්පාව හා භීතිය දල්වා කැමත්ත ලබා ගැනීමට දැරූ අප‍්‍රසන්න උත්සහාය දුටුවිට මිනිසුනට කොයි තරම් වංචනික ලෙස වචන හැසිරවිය හැකිදැයි අදහා ගත නොහැකි තත්වයක් අපට ඇතිවිය.
මධු මාධව, බෙංගමුවේ නාලක හිමි, විමල් වීරවංශ කණ්ඩායම ඇතුළු හිටපු ජනාධිපතිද මෙම උත්සාහය කරනු දැකිය හැකි විය.
යම් රටක උපන් පුරවැසිකුට සිය මව් බිමේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය ලෝකය පිළිගත් සත්‍යයකි. එහෙත් පුදුමයට කරුණ නම් තමන් නොඉපැදුන රටක ජීවත් වෙමින් ඒ රටේ දියුණු දේශපාලන පරිසරයේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමින් තමන්ගේ රටේ ඉපැදුණු මිනිසුනට එම අයිතිය දීමට විරුද්ධව ක‍්‍රියා කරන අය දක්නට ලැබීමයි. මෙය පැහැදිලිවම ආත්ම වංචාවකි. එවැනි මිනිසුන් සිටින සමාජයක් සැබැවින්ම පසුගාමි සමාජයකි.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින් අත්දකින විවිධ ජාතීන්ගෙන් සමන්විත බහු ආගමික, බහු සංස්කෘතික, පදනමක් සහිත ජීවන රටාව මැද මේ සහජීවනය ක‍්‍රියාත්මක වන්නේ ඒ ඒ රටවල නීති පද්ධතියකින් සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇති නිසාය.
තම ආගම, සංස්කෘතිය, භාෂාව නිසාත් සංස්කෘතික හැඩ ගැසීම් නිසා ජීවත් වීමේදි පීඩනයක්, අසතුටක්, හිංසාවක් ගැටළුවක් ඇති වන්නේ නම් දියුණු සමාජයක නොතිබිය යුතු ගැටළුවක් ලෙස සලකා සාධාරණ විසදුමක් ලබා ගැනීමේ අත්දැකීම විදේශ ගත ශ්‍රී ලාංකිකයන් අත්දැක සිටියත්, ඇතමුන් ලංකාවේ ජාතීන් අතර, ආගම් අතර, විවිධතා සහයෝගයෙන් හා සමානාත්මතාවයෙන් බෙදාහදා ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ එක්කෝ උපන් ගෙයි මෝඩකම නිසාවෙනි.
නැතහොත් අතිශය දුෂ්ට සිතුවිලි සිතට ගෙන එවන් පසුබිමක සිය ජීවන අත්දැකීම් ලබා ඇති නිසාය. එසේත් නැතහොත් ජාතිය ගලවා ගැනීමේ උප්පරවැට්ටියත් තම හීනමානි පෞරුෂය ලොවට පෙන්වීම සඳහාය. අන්‍ය ජාතීන් සමග උරෙනුර ගැටී එකිනෙකාට සුබ පතමින් අරඹන දෛනික ජීවිතයේ එකිනෙකාට ගෞරව කරමින් නිහතමානි ලෙස තම ගෞරවය රැක ගනිමින් රැකියාවේදි ගමන් බිමන් වලදී සමාජ කි‍්‍රයාකාරිත්ව යටතේ විදේශ ගත ලාංකිකයින් ලබන අත්දැකීම් අමතක කොට”රට කොටියට” යන මතය මිනිස් කමට නිගා දෙන අන්ත පසුගාමී හා ප‍්‍රතිගාමී අදහස් ප්‍රචාරයට විරුද්ධ නොවීම වැරදි සහගතය.
විදේශ ගත අපි පැමිණ ඇත්තේ වෙනත් අයකුගේ රටකටය. අපට ඒ රට අයිති නැති මුත් එහි මිනිසුන් සැම දෙනාටම සලකක්නේ මිනිසුන්ම හැටියට මිස ඔවුන්ගේ රටට අයත් නැති කොටසක් ලෙස නොවේ. එහෙත් ඔබේම රටේ උපන් සහෝදර ජනතාවට, සහෝදර පුරවැසියාට සලකන්නේ කෙසේද? පොඞ්ඩක් හිතන්න අපට අහිමිවූ මෙන්ම ඔවුනටද පසුගිය කාලයේ නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අහිමිවිය. දුෂණය වංචාව ඔවුන්ගේද විරෝධයට හේතුවිය. මානව ගරුත්වය අපට මෙන්ම ඔවුන්ටද අහිමි විය. එසේම අපට වඩා ඔවුනට අහිමිවූ බොහෝ දේ ඇත. අභිමානණය, ගෞරවය, නිදහස ජීවිතය බලාපොරොත්තු, මේ සියල්ල විදේශ ගත ඔබට ලැබිය හැකිව තිබියදී අපේම රටේ උපන් දෙමළ ජනතාවට ඒවා අහිමි විය. අපට විදේශ රටවලදීත් ලබා ගත හැකිදේ අපේම රටෙ උපන් පිරිසකට ලබා දීමට අප විරුද්ධ වන්නේ ඇයි? ඔබ ඔබගෙන්ම ප‍්‍රශ්න කරන්න.
මේ ඡන්ද ප‍්‍රථිපලය පූර්ව සමාජ ප‍්‍රජාතන්තවාදී විප්ලවයේ හරය ලෙස තේරුම් ගෙන ලාංකික ජාතියක් ලෙස සහෝදරත්වයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරමින් රට ගොඩ ගැනීමට දායක වන්න. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්දය ලබා ගැනීම සදහා ජනප‍්‍රියම සටන් පාඨය වනු ඇත්තේ රට බෙදීම, උතුර කොටියාට, ජාත්‍යයන්තර කුමන්ත‍්‍රණ ආදිය බව දේශපාලන නාඩි වැටෙන ආකාරයෙන් අපට දැනේ. මෙම නිශේධනීය මතය පරාජය කොට සාධනීය ලංකාවක් ගොඩ නැඟීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් කථා කරන්න. පෙනී සිටින්න. වංචාව, දුෂණ, කොමිස්,හොර මගඩි තරමටම ජාතිවාදයටද එරෙහි වන්න. රට වෙනුවෙන් ඔබට කළ හැකිදේ බොහෝමයි .
”යමක් කරන්නට ඕනෑය කියන හැඟීම සත්‍යක් වන්නේ සමස්ත නිදහස
වෙනුවෙන් පෙනී සිටින සටන් කාමියකු වීමෙන් පමණී”. (චේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අයෙක්. නමුත් කූරගලට මොකද කළේ? අම්පාර මුහුදු මහා විහාරය වෙනුවෙන් මොනවද කළේ? අලුත්ගමදී ගෙවල් ගිනිබත් උන සිංහල ජනතාවට මොනවද කලේ? මේ සිද්දි වලට අදාල ආගමික අන්තවාදින්වත් අල්ලලා දඩුවම් කරන්න. සිංහලකම කතා කරන මිනිහ ජාතිවාදියා ලෙසත් මුස්ලිම් අාගම වෙනුවෙන් කතා කරන කෙනා වීරයෙක් ලෙසත් සළකන එක නවත්වන්න (නදී)
මම කාලයක් පිට රට හිටියා. ඒ රටේ චීන්නු ඉන්න විදිය දැක්කම අපේ රටෙන් ගිය දෙමල මිනිස්සු අපට මුකුත් කියන්නේ නැහැ මොකද ඒ රටේ චීන්නු දුක් විදින හැටි දකින නිසා. මේ ලිපිය හොදයි ක්‍රියාත්මක වෙන රටක් කියනවද මම හිටියේ ආසියාවේ මුස්ලිම් රටක (නදී)
පිට රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සු ඒ රටෙන් කෑල්ලක් ඉල්ලනේ නෑ . ඒ ඉන්න රටේ සමාජ ක්‍රමයට පිට රට වලින් ගිය මිනිස්සුත් අනුගත වනවා මිසක්. එ්ත් ලංකාවේ බහුතර දෙමල ජනයා ගේත් පිට රට වල ඉන්න දෙමල ජනයාගේත් අදහස වෙනස්. ඔවුන්ට අවශ්‍ය ලංකාවේ වෙනම පාලන බල ප්‍රදේශයක්, රටෙන් කැල්ලක්. එහෙම නැතුව "ලංකාව අප සියල්ලන්ගේම රට" කියල බහුතර දෙමල ජනයා හිතන්නේ නැහැ. උතුරේ දෙමල විතරක් නෙමෙයි, වෙන ප්‍රදේශයක වෙන ජාතිකයන් ද වෙන ම පාලන ප්‍රදේශයක් ඉල්ලනවානම් රටක් වශයෙන් ඊට එරෙහි වෙන්න ඕන ..අහන්නේ නැත්නම් යුදමය ක්‍රියාවකින් පරද්දන්න ඕන. ලෝකේ කොහෙත් එහෙමයි (නදී)
මේ කියන කතා අමුතුවෙන් කරන දෙයක් නේ. අපි සියලු ජාතින්ට එක සමාන හිමිකම් තිබෙනේ බව පිලි අරණ ගොඩක් කල්. ජාතින් වශයෙන් වෙනම පළාත් වලට බෙදීමට තමා විරුද්ද. (නදී)
මේ එන්නේ වෙන පොටකට. (නදී)
මෙම ලිපිය ඉතාම කාලෝචිත අදහස් වලින් පිරිපුන්ය (නි)
මමත් ජීවත්වෙන්නේ පිටරට.හැබැයි මට හිතෙන විදියට ලංකාවේ බලය බෙදන්න යන මුලික පදනමේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ජනවර්ග පදනම අනුව එය කිරීමට තැත්කිරීම.එය සැමවිටම දීර්ඝකාලීනව රට බෙදා වෙන්වීයාමේ තර්ජනයකට මුහුණ දෙන්න පුලුවන් නේද? බලය බෙදීම සැමවිටම සිදුවිය යුත්තේ සම්පත් සහ භූමිය සමාන ලෙස බෙදීයන පරිදියි. (නි)
ප්‍රංශය ඔය කියන තරම් හොඳ නැති බවයි මම නම් කියන්නේ. (නි)
මතක තියාගන්න ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා (නි)
ඔය දේවල් අදාළ වෙන්නේ හැමදාම ජාතිවාදයෙන් මුසපත් වී සිටින සුළුතරයකටයි. (නි)
හොඳ ලිපියක් (නි)
ජාතිවාදය සහ ආගම්වාදය ශ්‍රී ලාංකීය සමාජයෙන් සදහටම තුරන්කරමු. (නි)
ඉතාමත් හොඳ ලිපියක් (නි).
ඉතා හොඳ ලිපියක්. මෙවැනි ලිපි තව තවත් පළකරන මෙන් ඉල්ලමි. (නි)
ජීවිත දහස් ගණනක් බිලිගත් දහස් ගණනක් අංගවිකල කළ අතිබිහිසුණු ත්‍රස්තවාදය මර්දනය කරලා වසර පහයි. ඒ ත්‍රස්තවාදයෙන් පෝෂණයවුවන්, ඒ විසකුරු අදහස් තවමත් හිතේ දරන්නන්, අවි ආයුධ පුහුණුව ලැබූ අහිංසකයින් ඝාතනය කළ දසදහස් ගණනක් වෙලාව එනතුරු අද නිදැල්ලේ. ඔවුන්ට අවශ්‍ය නායකත්වය පමණයි.ඔවුන් වෙනුවෙන් සියලු ප්‍රතිපාදන සැපයිය හැකි මුල්‍ය ශක්තියක් විදේශගතව සංවිධානාත්මකව සිටියදී මේ රටේ ආරක්ෂාව බිංදුවට දමා සාම පරවියන් උඩු ගුවනේ ගැසුවාට ප්‍රයෝජනයක් වේද? (නි)
කිසියම් රටක ප්‍රධාන සංස්කෘතිය මෙහෙයවන ජාතියක් හා ආගමක් තිබීම ස්වාභාවිකයි. එයට සාපේක්ෂව නීති බිහිවීම හා සමාජය ඉදිරියට යාම සිදුවේ. අපේ ඉල්ලීම වන්නේත් ලංකාවට එක් පොදු නීතියක් ක්‍රියාත්මක කරන ලෙසයි. (නි)
පිවිතුරු බන්දුල පෙරේරා හිතන්නේ එයාගේ ආණ්ඩුව විතරයි ලංකාවට හරියන්නේ කියලා. රටේ ආරක්ෂාවට මුවාවෙලා හරි මේ වගේ අන්තේවාසිකයන්ට තමන්ගේ බඩ වඩාගන්න තිබෙනවා නම් එච්චරයි. (නි)
පිවිතුරු බන්දුල පෙරේරාට රටේ මොකක්හරි විකුණාගෙන කන්න තිබෙනවා නම් එච්චරයි. කොටි තර්ජන නැත්නම් හෙම්බිරිස්සාව ඩෙංගු හරි කමක් නැහැ. (නි)
පිවිතුරු බන්දුල යහපාල හැමදාම රටේ ආරක්ෂාව ගැන මතුරනවා. මෙහෙ ඉන්න බය නම් යන්නකෝ උතුරුකුරු දිවයිනට හරි. අපිට ලෝකයේ සංවිධාන නවත්වන්න පුලුවන්ද? (නි)
ඔබගේ ලිපිය හරිම අගනා එකක්. ලංකාව පුරා අපේ ද්‍රවිඩ සහ මුස්ලිම් සොයුරන් අධ්‍යාපනය ලබමින්, ගෙවල් දොරවල් හදාගෙන, රැකියා කරමින් නිදහසේ සංචාරය කරමින් සිටින සේ අපිටත් හිතුනු විටක අපේ මවුබිමේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ජීවත්වෙන්න, රැකියාවක් කරන්න, නිදහසේ ඇවිදින්න යන්න හැකි දවසක් ළඟදීම එයි කියලා අපි හිතනවා. (නි)
ඇයි පිවිතුරු උන්නැහේට මතක නැතිවෙන ලෙඩේ හැදිලද? කේ. පී., කරුණා ,පිල්ලෙයාන්, දයා මාස්ටර්ලා පසුගිය කාලයේ හිටියේ කොහේද? (නි)
මේ පිවිතුරු බන්දුල පෙරේරා මහත්තයෝ, අහිංසකයින් ඝාතනය කළ අය නිදැල්ලේ කියලා දැන්ද කියන්නේ? අපි ඔය අය නිදැල්ලේ ඉන්නවා කිව්වේ ඒ කාලෙමයි මහත්තයෝ. (නි)
මේ ලියුම කියැවූ විට ත්‍රස්තවාදය මතක්කරන අය, අර පසුගිය කාලයේ තානාන්තර දීලා ළඟින් තියාගත් කට්ටිය දැන් මොකද කරන්නේ කියලා සෙව්වොත් නරකද? (නි)
මමත් බොහොම ඕනෑකමින් කියැවූ ලිපියක් (නි)
පිවිතුරු බන්දුල සුපුරුදු විදියට තමන්ගේ සරම අස්සේ නයි තියාගෙන අපිට වැට මායිමෙන් එහා ඉන්න කිඹුල්ලු පෙන්නනවා. (නදී)
පිවිතුරු උන්නැහේ , ඔයා ඔය බය වෙලා ඉන්නේ අපේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව ගැනද නැතිනම් කරුණාගෙයි කේ පි ගෙයි ආරක්ෂාව ගැනද ? (නදී)
ලෝකයේ ප්‍රදාන මානව වර්ග 5 යි. සිංහල දෙමල අයිති වන්නේ ආර්ය වර්ගයට. අපි ඔක්කොම එකයි. දේශපාලකයෝ තමා මේ ඔක්කොම කරන්නේ. ඡන්දදයකයෝ බුද්දිමත් වෙන්න ඕනේ. (නදී)
සුමිත්, ඔබට වැරදීමක්. ප්‍රංශයේ බුර්කාව අඳින්න බැරි පොදු ස්ථාන වල පමණයි. එමෙන්ම කතෝලික දරුවෙකුටත් ආගමික සංකේතයක් පළදින්න පාසලේදී බැහැ. එය කර තියෙන්නේ සමානාත්මතාවය මත. නමුත් එකක් කිව යුතුයි. මේ රටේ රාජ්‍ය භාෂාව ප්‍රංශ පමණයි. වෙනත් භාෂාවකින් වැඩ කරන්ට බැහැ. (දිල්)
මේ පුංචි රටේ අපි කවුරුත් සාමයෙන් සහයෝගයෙන් ජීවතුවොත් අපේ අනාගත පරපුරට ලස්සන දියුණු රටක් හිමිවේ. හොද ලිපියක්.ලෝකේ ගොඩක් රටවල් දිහා බැලුවිට අපිට බුද්ධිය දැනුම සහ ලස්සන සංස්කෘති තිබුනත් පසුගිය අවුරුදු 30 කාලකණ්නි යුද්ධය නිසා අපි ගොඩාක් පස්සට ගිහින්.අපි ප්‍රශ්නය තේරුම්ගන්න උත්සහ කරමු දෙපැත්තටම ඇහුම්කන් දෙමු, ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් තිබේ. එකම රටක් සේ ඉදිරියටම යමු. (බ)
රටක් ජනතාව එකා මෙන් සමගිව සතුටින් සිටිනවානම් කොච්චර හොඳද. (ර)
ශ්රී ලංකාවේ මුළු රටටම බලපාන විධිහට නීති පද්ධතියේ වෙනසක් අවශ්‍යයි කියල මට හිතෙන්නේ. ජාතිවාදයට වක්‍රව හේතුවෙන කාරණයක් තමා ලංකාවේ ජාති විශේෂිතව භුමිය ආදිය සම්බන්ධයෙන් යල් පන ගිය නීති පැවතීම. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමානව බලපාන එක නීති පද්ධතියක් කරා සංශෝධන ගෙන ආ යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාව අනෙකුත් රටවලට සාපේක්ෂව ජාතිවාදී නොවෙන බවයි මගේ හැගීම. මමත් ජීවත් වන්නේ බටහිර රටක. මේ රටේ තියෙන්නේ හැමෝටම එකම නීතියක්. (ර)
කිසිම සිංහලයෙක් ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් පාගාගෙන නැහැ. ඔවුන් අද නිදහසේ ජිවත් වෙනවා. ඔවුනට අවශ්‍ය පාලකයෝ පත් කර ගන්නවා. මිනිස් ජිවිත හැර යුද්ධයෙන් විනාස වූ සියල්ල ඔවුනට ලැබිලා තියෙනවා. (ර)
නමුත් යාපනය නගරය තුළ වෙනත් ප්‍රදේශ වල දෙමළ අයටවත් දැන් ඉඩමක් ගන්න බැහැ. ඔවුන් විකුණන්නේ ඔවුන්ගේම මිනිසුන්ට විතරයි. (නි)
වැදගත් ලිපියක්. මා අගය කරමි. (ර)
හොඳ ලිපියක්. (ර)
"මිනිසා උපන්නේ මිනිසාට සේවය කිරීමයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ ගේ සංකල්පයටද ගරහන අය සන්ධානයේ සිටීම බලයට කෑදරකමකි. තමාගේ ගෙදර පාලනය නොහැකි අය දේශපාලනය කිරීම තරම් විහිළුවක් තවත් නැත. (නදී)
චුලෝ ඔබේ ඇස් අන්ධ නැත්නම් නැගෙනහිරට ගිහින් බලන්න ජාතිවාදය වපුරන්නේ කවුද කියලා (දිල්)
පොඩ්ඩක් පැහැදිලි කරනවද දෙමල ජනතාවට විශේෂයෙන් වෙලා තියන අසාදාරනේ මොකක්ද කියලා. (නදී)
හොඳ ලිපියක්.හැබැයි අපිට මහ ජාතිය විදිහට අපි කිසිම සුළු ඡාතියකට අසාධාරණයක් කරලා නැහැ.අපිට යාපනයේ ඉඩම් ගන්න බැහැ. ඒත් ද්‍රවිඩ ජාතිකයන්ට මේ රටේ ඕනෑම තැනක ඉඩම් ගන්න පුළුවන්. ප්‍රංශයේ මුස්ලිම් හිස්වැස්ම තහනම්. ඒත් අපේ රටේ එහෙම තහනමක් නැහැ. (නි)
බටහිර රටවල සියලු ජාතීන්ට සමානාත්මතාවය තිබෙනවා. යුරෝපයේ නම් ජාතිවාදී ප්‍රකාශයක් කිරීම පවා හිරේ යාහැකි වරදක්. ප්‍රංශයේ බුර්කාව තහනම් කර තිබෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවල ආරක්ෂාවට තර්ජනයක් නිසා. බටහිර රටවල ඒ සංස්කෘතියට හැඩ නොගැසුනොත් ඉන්න බැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. (නි)
ගොඩක් හොඳ ලිපියක්. (නදී)
මොන රටේද වෙනත් රටකින් පැමිණි විට එක හා සමානව සලකන්නේ. මොන රටේද වෙනත් රටක දෙමව්පියන්ගේ දරුවන්ට තමාගේ රටේම වගේ සලකන්නේ. (නදී)
උගුරට හොර බෙහෙත් නොකනු. ඔබ තුමා වාසය කරන රටේ මුස්ලිම් කාන්තාවන්ට බුර්කා අදින්න පුලුවන්ද? චාර්ලි මාද්‍යවේදියා ඝාතනය කර පසු මුස්ලිම් ජනයාට සහ දේවස්ථාන වලට පහර දීම්. මේවා ලංකාවේ නොව ඔබ අගය කරන බටහිර සිදුවන දෙයයි. මමත් බටහිර රටක වෙසෙමි. එහෙත් අප ඒ රටේ විදියට හැඩ නොගැසුනොත් එහි වාසය කල නොහැක. ඒ රටේ නීතියට, ජාතික ගීයට , කොඩියට ගරුකළ යුතුය. වෙනම ප්‍රාන්ත වෙන්කර ගත නොහැක. ඒ රටේ ප්‍රදාන සංස්කෘතියට ගරු කල යුතුය. අපට අවශ්‍ය වන්නේ ද එක නීතියකි. එය සමන්තුරේ, යාපනය, කොලඹ හා ගාල්ලේ දී එක සමාන විය යුතුය. සුළු ජාතීන් කේවල් කිරීම නැවතිය යුතිය. සුළු ජාතීන්ට රටේ හැම තැනකම වාසය කිරීමට හැකි සේ, සිංහලයාට ද යාපනය ආදී ස්ථාන වල වාසය කිරීමේ හැකියාව ඇතිකළ යුතුය. එවිට සිංහලයා ජාතික වාදී වීම නවතිනු ඇත. (නදී)
ඉතාම කාලෝචිත ලිපියක්. (දිල්)